සංසාර සංචාරේ...දහසයවන දිගහැරුම...

කලින් කොටස්



පහුවදා මට ඇහැරුනේ අරෝශයගේ සද්දෙට. කිව්වත් වගේ මූ උදේ පාන්දරම ඇවිදින් මාව එක්කන් යන්ඩ. ඒ වගේ බොක්කේ යාලුවෙක් ඉන්න එකත් එක විදියක පිනක් තමයි කියල මට හිතුනා.
"නැගිටපං යකෝ. නැගිටලා ලැස්ති වෙයන් යන්ඩ." කෑගහගෙනම අරෝශයා කාමරේට ආවා.
"නැගිටිනවා නැගිටිනවා මල්ලී...මදිද නිදාගත්තා..." කියාගෙන අක්කත් අරෝශයගේ පස්සෙන් කාමරේට ආවා.
"ආපෝ...තමුසෙලානම් මාර වදකාරයෝ ටිකක්..." මාත් ඒ දෙන්නට මට කියපු විදියටම ගුඩ් මොර්නින්ග් කිව්වා.
"හා හා දැන් මල පෙරේතයා වාගේ ඉන්නේ නැතිව ගිහින් මූණ හෝදන් එනවා. ඔහොම ඉන්ඩ අරෝෂ මල්ලි මං ඔයාට තේ එකක් හදන් එන්නම්." කියාගෙන අක්කා ගියේ මට නෝන්ඩි හිනාවක් දාන ගමන්.
"හා හා මූට විතරක් තේ ගේනවකෝ" කියලා මමත් ඇඳෙන් ඉඳගත්තා.
"ගිහින් මූණ හෝදන් ලෑස්ති වෙයන් මචං. අපිට කරන්ඩ වැඩ ගොඩක් තියෙනවා." අරෝශයා එහෙම කියන ගමන් මට තට්ටුවක් දැම්මා. ඌ ඒක කියපු සීරියස් මූඩ් එකට මට ටිකක් බයත් හිතුනා.

කතා මැද කතා මැද කතා...


මාසෙකට පස්සේ නිවාඩු හම්බ උනා සතියක්. ගෙදර ආපු ගමන් අසයින්මන්ට් ටිකත් ඉක්මනට ඉවර කරලා දාලා යාලුවෝ ටිකත් එක්ක කොහෙහරි පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඔලුව ටිකක් නිදහස් කරගන්ඩ හීන මවාගෙන හිටියේ නිවාඩු දෙනවා කියල දැනගත්ත දවසේ ඉඳන්මයි.

සංසාර සංචාරේ...පහළොස්වන දිගහැරුම...

කලින් කොටස්


ඒ ලෙවල් වලට තියෙන්නේ තව මාස දෙකක් වුනාට ඔලුවේ තිබුනේ පාඩම් කරපුවා නෙවෙයි. පහුගිය කාලේ සැරෙන් සැරේ පාඩම් කරපුවත් මතකේ ඈත ඉමකට තල්ලු කරලා දාලා රශ්මිත් සඳලි අක්කත් ගැන සිතුවිලි හිත ඇතුලේ එහාට මෙහාට දඟලන්ඩ අරන් තියෙන්නේ හරියට මුහුදු රැල්ල වගේ නේද කියලත් වෙලාවකට හිතෙනවා.වැලි මළුවක් වගේ නිසසලව තිබුණු හිත දැන් මුහුදු වෙරල වගේ වෙලා. එතකොට මගේ හිත හැම වෙලේම කලබල කරවන මුහුදු රැල්ල වෙන්නේ රශ්මිද? නැත්නම් සඳලිද? එහෙමත් නැත්නම් දෙන්නමද?

සංසාර සංචාරේ...දාහතරවන දිගහැරුම...

කලින් කොටස්

"දැන් එතකොට සඳලි හදන්නේ උඹේ කරේ එල්ලෙන්නද?"
"එහෙම නෙවෙයි බං අරෝශ. උඹ එයාට බනින්ඩ එපා බං. උඹ එයා ගැන කොහොම හිතනවද මංදා බං. එයා පව්."
"නදීරද මොකාද එකත් මහා ජරා යකෙක්නේ බං. සඳලිට ඔහොම කරලා ඌ කොහොමද දන්නෑ හැපියේ ඉන්නේ?"
"ඌගෙ හිතේ සඳලිට මෙහෙම කරන අදහසක් තිබ්බේ නැද්ද දන්නේ නෑනේ බං."

සංසාර සංචාරේ...දහතුන්වන දිගහැරුම...

කලින් කොටස්

 "එයා අපිට ටිකක් දුරින් නෑයෝ වෙන අයියා කෙනෙක්" සඳලි කතා කරන්ඩ ගත්තෙ පැය බාගෙකට විතර පස්සෙ තවමත් ඉකිබිඳින ගමන්.. ඒ ඉකිබිඳුම ඇහෙන මානෙ හිටියෙ මමත් මහවැලි ගඟත් විතරයි. අපි දෙන්න ඇවිදන් ගියෙ යෝධ උන පඳුර අයිනෙන් වැටිල තියෙන පාර දිගේ. වෙලාව උදේ නවය උනත් අද තවමත් පේරාදෙනිය ගාර්ඩ්න් එකේ මේ පැත්තට අපිට කලින් කවුරුත් ඇවිත් නැති පාටයි. ඈතින් පෙනුනු ඇහල මල් වලින් වැහිච්ච බංකුවෙන් ඇවිත් ඉඳගෙන තනිවෙන්න කියන්නා වාගේ බංකුවේ වහල හිටපු සමනලයත් ඉගිලිලා ගියා...

_--=--_--=--_--=--_--=--_--=--_--=--_

"උඹට ඔල්මොරොන්දන් වරුණ" මං අද ක්ලාස් එන්නෙ නැතිව සඳලි අක්කත් එක්ක නුවර ගිහින් එන්නම් කියල කීවම අරෝශයා කීවෙ එහෙම.
"සඳලි අක්කට කොල්ලෙක් ඉන්නව කියල දැන දැනත් උඹ ඔහොම යන්නෙ ඇයි?"
"එයාට මාත් එක්ක කතා කරන්ඩ ඕනෙලු. අනික මට තේරුණ හැටියටනම් එයාගෙ එෆයාර් එකත් නැවතිලා"
"හා. ඒක නැවතිලනම් මොකෝ උඹ අර අහින්සකීව අමතක කරල සඳලිත් එක්ක යන්ඩද?"
"උඹ දන්නවනෙ බං මට රශ්මිව අමතක කරන්ඩ බෑ කියලා."
"එහෙනම් උඹ ඔය යන්ඩ යන ගමන රශ්මි ආවම රශ්මිත් එක්ක පලයන්. සඳලි අක්කට එදා ‍ෆිල්ම් එක බලන්ඩ ගිය කොල්ලත් එක්කම යන්ඩ කියපන්"
"මොකක්ද ඒ කතාව"
"සොරි වෙයන් මචං. මං උඹට කලින් කීවෙ නැති එකට. එදා අපි ‍ෆිල්ම් එක බලන්ඩ ගිය දවසෙ ඒකටම සඳලියි අර කොල්ලයි ගිහින් තියෙනවා"
"උඹට කවුද කීවේ"
"ටිකට් දෙක"
"තේරෙන්ඩ කියපන්කො"
"එදා කූල්ස්පොට් එකෙන් එනකොට පඩි පෙලේදි උඹ ටිකට් විසිකරාද කියල මං ඇහුවා නේද"
"ඔව් ඉතින්"
"ඒ මට පිස්සුවට නෙවෙයි බං. පොඩි කොල කෑලි දෙකක් පඩිපෙලේ තිබිල මට පෑගුනා. ඒ නිල් පාට කොල හෝල් එකේ ටිකට් කියල මට උගන්නන්ඩ දෙයක් නෑනෙ බං. ඒක වැටෙන්ඩ ඇත්තෙ අනිවාර්යෙන් සඳලි ලේන්සුව ගන්නකොට සාක්කුවෙන්."
"ශුවර් ද එයාලගෙම කියල"
"ඔව් බං. වෙන කාගෙවත් වෙන්ඩ බෑ. ඊට විනාඩියකට කලින් තමයි කඩේ අක්කා පඩිපෙල අතුගාල උඩට ආවෙ."
"හ්ම්ම්. උඹ දැන් මට මොකද කියන්නෙ?"
"මං කියන්නෙ උඹ හෙට යන්ඩ එපා කියලා"
"මං යනව බං. මට හිතෙනව මං සඳලි ගැන දැනගන්ඩ ඕනෙ මොනවහරි තියෙනව කියල බං"
"උඹ ඉස්සර මොනවද කිව්වෙ? සඳලි උඹට ලයින් කිව්ව. එහෙමද? අන්තිමට ඒකි අපි කවදාවත් දැකලවත් නැති එකෙක් එක්ක යාලු උනා. හෙටත් වෙන්නෙ ඒ ටිකම තමා. උන් දෙන්නා පස්සෙ හොඳ උනොත් අන්තිමට උඹට හුලන්. අර අහින්සකීට කඳුළු."
"රශ්මි දැනගන්ඩ විදියක් නෑනෙ බං"
"එහෙම ප්‍රාර්තනා කරමුකො මල්ලි අපි"
"මං තියන්නම් බං. ෆෝන් එකේ සල්ලිත් නෑ"
"හරි. එල. මොනවම හරි අවුලක් ගියොත් ටින් ගාල කෝල් එකක් දියන්. පරිස්සමින් ගිහින් වරෙන් මල් කුමරයා. ගුඩ් නයිට්"

_--=--_--=--_--=--_--=--_--=--_--=--_

"ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නේ වරුණ?"
"නැහැ...අපි මෙතනින් ඉඳගමු." බංකුව උඩට වැටිලා තිබුණු ඇහලමල් ටික පිහදාන ගමං මං කිව්වා.
"හ්ම්ම්...දැන් මං අහගෙන ඉන්නවා. ඔයාට ඕනෙම දෙයක් කියන්නකෝ මට."
"ඕනෙම දෙයක්?"
"කියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් ඒවා අහල ඔයා තරහ උනොත්?"
"නෑ මං තරහා වෙන්නේ නැ,"
"එයා නදීර...අපේ පුංචිගේ මහත්තයගේ අක්කෙක්ගේ පුතෙක්. එයා මාවත් මං එයාවත් දැක්කේ දැනට අවුරුදු දෙකකට උඩදී වෙඩින් එකකදී. එදා ඉඳන්ම එයා මං ගැන හොයලා තිබුනා. පස්සේ දවසක එයා පුන්චිලත් එක්ක අපේ ගෙදර ආවා. එදා එයා මගෙන් යාලුවෙන්න ඇහුවා. ඒත් මට ඒ දවස්වල කොල්ලෙක් එක්ක යාලු වෙන්න උවමනාවක් තිබුනේ නෑ. මං එයාට ඒක කිව්වා. මං එයාට බෑ කිව්වා. එයා මට කැමැත්තෙන් ඉන්නවා කියල පුන්චිත් දැනගෙන හිටියා. පුංචි කිව්වෙත් එයා හරි හොඳ කොල්ලෙක්... ඔයාව හොදට බලාගනී දුවේ කියලා. ඒත් මගේ හිතේ වෙනසක් උනේ නෑ... ඒත් පහු වෙනකොට මගේ හිතේ කෙනෙකුගේ රූපයක් ඇඳුනා. ඒ මගේ හිතේ මැවිච්ච විදියෙම කෙනෙක් මට හම්බුනා. හම්බුනාමත් නෙවෙයි. එයා කලින් ඉඳන්ම දැනගෙන හිටියා උනත් මගේ හිතේ ඇඳුනේ එයාමයි කියලා දැනුනේ එක ලස්සන දවසක අහම්බෙන් වගේ එයාව හම්බුනාම. ඒත් ඒ ගැන සතුටුවෙන්න මට කිසිම හේතුවක් තිබුනේ නෑ. එදා ඉඳන් මේ වෙනකන් මට උනේ දුක් විඳින්න විතරයි....." ලොකු සුසුමක් හෙලලා සඳලි මගේ මූණ දිහා බැලුවා..
"කියන්න...මං අහගෙන ඉන්නේ...."
"එයා මගේ ලඟින් තියාගන්න මං ප්‍රාර්ථනා කරපු තරමටම එයා මට දුරස් උනා...අපි දෙන්නා අතරේ බාධක ගොඩාක් තිබුනා. තවමත් තියෙනවා. ඉස්සරහටත් තියෙනවා. ඉඳල හිටලා එයාව දකින දවසට අනිත් හැමදාටම වඩා මං සතුටු උනා. එයත් එක්ක කතාකරන්න පුළුවන් උනාම නවත්තන්නේ නැතුවම මට කතාකරන්න ඕනේ උනා...ඒත්...එයාට මං ආදරෙයි කියල කවදාවත්ම කියාගන්න බැරි උනා. අද මේ වෙන තුරුත් මං එයාට මගේ පනටත් වඩා ආදරේ කරනවා කියල එයා දන්නේ නෑ කියලත් මං දන්නවා...." මට තවදුරටත් සඳලි දිහා බලාගෙන ඉන්න අමාරුකමක් දැනුණා.
"මං දන්නවා සඳලි...හිතට ආදරයක් දැනුනම...ඒක කියාගන්නකම් විඳින දුක මං දන්නවා....ඔයා කොච්චර දුක් වෙනවද කියල මට තේරුම්ගන්න පුළුවන්..." රශ්මිට ආදරෙයි කියල කියාගන්නකම් මං වින්ද වේදනාව මට මතක් උනා....
"එයා හම්බනොවුන දවසට මං ඇඬුවා. එයා හම්බවුනු දවසට මං ඊටත් වඩා ඇඬුවා. එයාව හම්බෙලා...කතාකරලා ගෙදර ආවම...එයා කවදාවත්ම මට හිමි වෙන්නේ නෑ කියල දැනුනාම...මටත් නොදැනීම මගේ ඇස්දෙක  ඇඬුවා. මට හැමදාම අඬන්න ඕනේ උනේ නෑ.. එත් මට අඬනවා ඇරෙන්ඩ වෙන කරන්ඩ දෙයක් තිබුනෙත් නෑ. අන්තිමට මං බොහොම අමාරුවෙන් හිත හදාගත්තා. හිත හදාගත්තා කියල මං හිතුවට ඒක එහෙම උනේ නෑ. මගේ හිත මං විසින්ම රැවට්ටුවා. එයාව මතක තියාගෙන එයාව අමතක කෙරුවා. ඔය අතරෙ නදීර අයියා මට නිතරම බල කරන්න ගත්තා. මං තීරණයක් ගත්ත වරුණ. ඔව්. මං නදීර අයියට කැමතියි කීවා. ඒත් ඒ ආදරේකින් නෙවෙයි. මං අදටත් දන්නේ නෑ මං එහෙම කරේ ඇයි කියලා. ඒත් පස්සේ මං ඒකට හුරු උනා. ටික ටික නදීර අයියත් එක්ක අනාගතේ ගැන හිතන්න ගත්තා. ඒත් මට හැමවෙලේම අරයව අමතක කරන්න පුළුවන් උනේ නෑ. එත් මට නදීර අයියව රවට්ටන්න ඕනේ උනෙත් නෑ. මං එයාට ආදරේ කරා. එයත් මට ආදරේ කරා. පුංචි කිව්වත් වගේ එයා හරිම හොඳ කෙනෙක් කියලත් මට තේරුනා. මං හැමදේම අමතක කරලා එයත් එක්ක සතුටින් ඉන්න හිත හදාගත්තා. ඒත්... ඒත්... එකත් මට උරුම නෑ වරුණ... මං මහා පව්කාරියක් වරුණ... මොකද වරුණ දෙවියෝ මට ආදරේ කරන්නවත් ආදරේ විදින්නවත් දෙන්නේ නැත්තේ?..." සඳලි ආයෙමත් අඬන්න ගත්තා. මේ වෙලාවේ මොනවත් කියල එයාගේ හිත හදන්න බැරි වග මට තේරුණා.. මං කරපු එකම දේ එච්චර වෙලා ලේන්සුව ගුලිකරන් හිටපු එයාගේ අතින් අල්ලපු එක. සඳලිගේ ඇඬිල්ල හෙමිහිට ආයෙමත් ඉකිබිඳුමක් උනා. කවුද සඳලි මේ තරම් ආදරේ කරපු කෙනා....මට දැනගන්න ඕනේ උනා.
"වරුණ..."
"ම්ම්ම්..."
"ඔයාට දැනගන්න ඕනේ නැතිද වරුණ මං ඒ තරම් ආදරේ කරේ කාටද කියලා?"
"කියන්නකෝ. මං මේ අහන්න හැදුවේ..."
"මං පිං කරලා නෑ වරුණ... මට අහිමි උනේ කොහොම කෙනෙක්ද කියලා මට දැන් මේ මොහොතේ හොඳට තේරෙනවා වරුණ. මං... මං ආදරේ කරේ වෙන කාටවත් නෙවෙයි වරුණ... වෙන කාටවත් නෙවෙයි ඔයාට....වරුණ ඔයාට..." මට ටිකක් වෙලා යනකන් මුකුත්ම හිතාගන්න බැරි උනා...
"මට...? ඒ තරම් ආදරේ? ඇයි ඒ...?"
"දන්නේ නෑ වරුණ...ඒත් ඔයාව මට ලබාගන්න බෑ කියලනම් මං දන්නවා...."
"ඇයි ඔයාට එහෙම හිතුනේ?"
"පළවෙනිම හේතුව...මං ඔයාට කලින් ඉපදුනු එක වරුණ... ඔයා මට කැමති උනත්.. කවදාවත් ඔයාලගේ ගෙදරින් මට කැමති වෙන එකක් නෑ... ඔයාලගේ ගෙදරින් කැමති උනත් අපේ ගෙදරින් නම් මට කවමදාකවත් කැමැත්ත ගන්න බෑ..." මං මුකුත් නොකියම හිටියා..
"ඔයා තරහද මා එක්ක?"
"නැහැ...කියන්නකෝ ඉතින් ඔයාගේ කතාවේ ඉතිරි ටික..."
"මං නදීර අයියව ගොඩක් විස්වාස කරා.. ඒත් දවසක් එයාගේ තාත්තා ආවා මං ක්ලාස් ඇරිලා එද්දී... ඇවිත් මට කතා කරා... එයා ඇවිත් හිටියේ කාර් එකක. මට නගින්ඩ කිව්වා. පස්සේ මට නදීර අයියා ගැන විස්තර ගොඩාක් කිව්වා. එයාව මැරි කරන්න ගර්ල් කෙනෙක් ඉන්නවලු වරුණ...."
"මොකක්?"
"ඔව්...ඒ තාත්තා එහෙම කිව්වා. මට නදීර අයියව අමතක කරන්නත් කිව්වා..."
"ඉතින්...නදීර අයියා මොකද කීවේ?"
"එයා කියනවා ඒක ඇත්තලු. එත් ඒක එයාගේ තාත්තා තනියම ගත්තු තීරනයක්ලු. කවදා මොනදේ කොහොම උනත් එයා බඳින්නේ මං විතරයි කියලත් කිව්වා..."
"එහෙනම් ප්‍රශ්නයක් නෑනේ සඳලි..."
"ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින් වරුණ..."
"හැමෝටම හොරෙන් නදීර අයියගේ තාත්තා නදීර අයියව රට යවන්න සේරම ලැස්ති කරලා තිබිල තියෙන්නේ...එයාව ඉන්ග්ලන්ඩ් වලට යවලා වරුණ..."
"....."
"ඔයාට වගේම මටත් කතාකරගන්න බැරි උනා වරුණ පුංචි ඔය විස්තරේ කියද්දී...එදා ඔයාලට අපි දෙන්නව හම්බුන දවසේ තමයි අපි දෙන්නා අන්තිමට හම්බුනේ... පහුවදා පාන්දර තමයි නදීර අයියව යවලා තියෙන්නේ..."
"එතකොට...?"
"මට තේරෙන්නේ නෑ වරුණ... මට නදීර අයියව නැතිව ඉන්නනම් බෑ වරුණ... එයාට... එයාට... එයාට මං දෙන්න පුළුවං හැමදේම දුන්නා වරුණ...." එහෙම කියපු සඳලි අක්කා මාව බදාගෙන අඬන්න ගත්තා... මට කරන්න පුළුවන් උනේ මගේ උරිස්සට හේත්තුවෙලා තිබ්බ එයාගේ ඔලුව අතගාන එක විතරයි. පැය බාගෙකට වඩා එයා එහෙම අඬන්න ඇති.
"සඳලි අක්කේ... දැන් ඇති ඇඬුවා... අඬලා ප්‍රශ්න විසදන්න බෑනේ නේද....අපි මේකට විසඳුමක් හොයමු කොහොමහරි..."
ටිකකින් එයා ඔලුව උස්සල බැලුවා. මූණ පුරාම කඳුළු බේරෙනවා. මං අතින්ම කඳුළු පිහදම්මා.
"අපෝ මූණ රතූ වෙලා...ජම්බු ගෙඩියක් වගේ..." මං එහෙම කියද්දී එයා ලාවට හිනා උනා.
"ඔයා හරි හොඳයි වරුණ. ඇත්තමයි. මට ඊරිසියයි ඔයා ගැන."
"අන්න එහෙම හිනා වෙලා ඉන්න. අඬනවට වඩා ලස්සනයි එතකොට."
"අමාලි නෙවෙයිනම් කවුද වරුණ ඒ වාසනාවන්ති?..ම්? කියන්නකෝ..."
"ම්ම්....එයා...රශ්මි.... දන්නවද එයාව?"
"නැහැ. දන්නේ නෑ. කවුද ඒ?"
"අර අමාලිත් එක්ක ඉන්න අනිත් ගෑනු ළමයා..."
"ආ එයාද... ෂා නියමයිනේ. ඒ නන්ගිනම් ගොඩාක් ලස්සනයි. ඔයාට නියමෙට ගැලපෙනවා..."
"දුකද?"
"නෑ වරුණ. මං දුක් වෙන්නේ නෑ. ඒත් ලබන ආත්මෙනම් ඔයා මගේම වෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඔයා ගොඩාක් හොඳයි වරුණ. ඇත්තටම."
 අපි තවත් ගොඩක් වෙලා කතා කරා. වෙලාව ගිහින් කියල දැනුනෙත් නෑ.
"අද දවසට ගොඩක් පිං වරුණ. අද මගේ හිතේ තිබ්බ බර සෑහෙන්ඩ අඩු උනා. ඔව් දැන් මං ගොඩාක් නිදහස් කියලා දැනෙනවා. ඒ ඔයා හින්දා වරුණ..." සඳලි අක්කා එහෙම කියලා මගේ කම්මුලට උණුසුම් හාද්දක් දුන්නා. අපි එතනින් එනකොටත් වෙලාව හවස හතර වෙලා තිබුනා.


facebook comments...

සංසාර සංසාරේ...දොළොස්වන දිගහැරුම...

කලින් කොටස්






රශ්මි මට කැමතියි කියලා එයාගේ කටහඬින් අහගන්න මං හුඟාක් ආස කෙරුවා. ඒත් තවමත් මට ඒ අවස්තාව උදා උනේ නෑ. එදා බස් එකේදී හම්බුනාට පස්සේ අපිට ආයෙම හම්බෙන්න බැරි උනා. පහුගිය දවස් ටිකේම දුවගෙන දුවගෙන ස්කොලේ ඇරිච්ච ගමන් ටවුමට ආවට ඒ එක දවසක වත් රශ්මිව හම්බුනේ නෑ. ඒත් හෙට දවස ගැන මට ලොකු බලාපොරොත්තුවක් තිබුනා. ඒ හෙට පෝය දවසක් නිසා.

සංසාර සංචාරේ...එකොළොස්වන දිගහැරුම...

කලින් කොටස්

දවස් එක දෙක හෙමීට ගෙවිල ගියා. මං බලන් හිටියේ රශ්මි එනකන්. දෙපාරක්ම එයාගේ ගෙදරට කතාකරත් කවුරුවත්ම ෆෝන් එකට ආවෙත් නෑ. වැඩිය ගන්ඩත් බයයි එයාට ප්‍රශ්නයක් වෙයි කියලා. විභහගෙත් ළඟ තියාන මෙයා එහාට වෙලා මොනවා කරනවද මංදා. බලන්ඩ ගිය ආච්චිට තවම සනීප නැතිද දන්නෙත් නෑ. අයියෝ මේ හැමදේම මටම වෙන හැටි. ශික් විතරක්.
"යකෝ...දැන්වත් ගණන් ටික හදපන්."
මං පියවි ලෝකෙට ආවේ අරෝශයා කකුලට ගහල කතා කරපු වෙලාවේ. එතකොට තමයි මතක් උනේ මං ඉන්නේ අකවුන්ට් ක්ලාස් එකේ කියල. සර් මොනා කිව්වද, මොන ගාණ හදන්ඩ කිව්වද කියල මට ඇහුනෙත් නෑ. මේක මෙහෙම ගිහින් නම් හරියන්නේ නෑ. ඉක්මනටම රශ්මි හම්බෙලා මේක විසඳුමක් කරගන්ඩ වෙනවා. නැත්නම් මට වෙන්නේ ගමටම ලයිට් දෙන්ඩ තමයි.

සංසාර සංචාරේ...දසවන දිගහැරුම

කලින් කොටස් 

එදා බස් එකේදී දැක්කට පස්සේ මං ආයේ දවස් ගානක් යනකන් රශ්මිව දැක්කෙත් නෑ. එත් රශ්මිව දකින්න මට හැම වෙලේම උවමනාව තිබුනා. මං එක අරෝෂයට කියන හැමවෙලේම අරෝශයා කිව්වේ "තෝ ඉතින් දැක්කත් වැඩක්යෑ. මොකෝ උඹ අහන්ඩයෑ රශ්මිගෙන්" කියලා. ගොඩක් කොල්ලෝ කෙල්ලොත් එක්ක යාළුවෙනවා වගේ මට රශ්මිත් එක්ක යාලු වෙන්ඩ ඕනේ උනේ නෑ. දැක්ක ගමන් කැමැත්තක් ඇති වෙලා, කොහොමහරි යාළුවුනාම දෙන්න ගැලපෙන්නේ නෑ කියල තේරෙනකොට පහුවෙලා වැඩි නිසා දුක් විඳින පෙම්වතෙක් වෙන්ඩ මට ඕනේ උනේ නෑ. මුලින්ම මට ඕනේ රශ්මිගෙ යාලුවෙක් වෙන්ඩ. ඊට පස්සේ එයාව තේරුම් ගන්ඩ. එයා මගේම කරගන්නවද නැත්නම් පොඩිකාලේ ගන්ඩ බැරිවුනත් ආසාවෙන් බලන් හිටපු සෙල්ලං බඩුවක් දිහා බලන් ඉන්නවා වගේ රශ්මි දිහත් බලන් ඉන්නවද කියල තීරණය කරන්ඩ. කෝ ඉතින් යාලුවෙක් වෙන්ඩවත් මේ කෙල්ල එක්ක කතාකරන්ඩ බැරි උනානේ හරියට.

සංසාර සංචාරේ...අටවන දිගහැරුම

කලින් කොටස්


"නිකං වෙන්ඩ ඇති බං එයා කතාකරන්ඩ ඇත්තේ"
ක්ලාස් ඇරිලා එන ගමන් අරෝශය එහෙම කීවේ සඳලි අක්කගේ විස්තරේ මුල ඉඳන්ම අහගෙන ඉඳලා.
"අනේ මංදා බං. සමහරවිට එහෙම වෙන්ඩ ඇති. ඒත් බං මට නිකං මොකද්දෝ වගේ දැනුන බං එයා කතාකරද්දී".
"අනේ නිකා හිටින් වරුණයෝ. මොකෑ එකී උඹත් එක්ක පෙම් කෙලින්ඩයෑ"
"හහ්. නරක් වෙලා තියෙයි මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක පෙම් කෙලියොත්"
"මං උඹට කීව කියල හිතාගනින්කෝ. මේ පාරේ මිනිස්සු හිටියේ නැතිනම් මං උඹට කියල දෙනවා හොඳට".

ඔහොමත් යනවද පාරේ ? (16+)

යනවා නිතඹ ඉඟ සුඟ ඇගෙ ගස්සාලා
තාලෙට නටයි ඇගෙ පසුපස ඉස්සීලා
බාල මහලු තරුණ ගැටව් නැවතීලා
ඇගෙ රූසිරි නරඹයි ඇස් කටෙහීලා

හෙමින් ඇදෙන සුලඟ කරයි කවටකම්
අවුල් කරයි ඇගෙ කෙහෙ‍රැලි යම් තරම්
කූරු කරපු කොන්ඩයනම් ඉස්තරම්
ගාල වගේ තැන් තැන්වල පාටනම්

සංසාර සංචාරේ...නවවන දිගහැරුම...

"වරෙන්කො. නගිමු ඇතුලට. මෙතන බඩ උලන් ඉඳල වැඩක් නෑනෙ". අරෝශයටත් ඇති වෙලා.
"හ්ම්ම්. නගිමුකො."
නැග්ග තමයි. දොර ගාව තමයි ඉන්ඩ වෙන්නෙ. මොකෝ සේරම පෙරලගෙන කකුල් පාගගෙන බඩවල් මිරිකගෙන කෙල්ල ගාවට යන්ඩයෑ. සෙනග තව ටිකක් පිරුනමවත් ඉස්සරහට යන්ඩ ට්‍රයි එකක් දෙන්ඩ ඕනෙ. වෙනදටනම් කොන්දා ඇවිත් මෙලහටත් බලෙන්ම ඉස්සරහට යවල. අද මගෙ කරුමෙටද කොහෙද කොන්දාත් නෑ තවම. ශික් විතරක්.

ඕනේ රෙද්දකට.


සමහරුන්ට රෙදි වැනිය හැක. සමහරුන්ට රෙදි වැනිය නොහැක. වර්තමාන ලෝකයේ පුද්ගලයන් වර්ග 2ක් එසේ වේ. තවත් වර්ග 2කට ලෝකයා බෙදිය හැක. ඒ රෙදි වනන පිරිස හා රෙදි වනන්නේ නැති පිරිසය. මෙම රෙදි වනන පිරිසට තමන්ගේම කියා රෙද්දක් වනාගැනීමට නොහැකි වු විට අනුන්ගෙ රෙද්දක් උවද තමන්ගේ වගේ වනාගනිති. මෙය හුදෙක්ම අවුලක් නැත. නමුත් අවුල මතුවන්නෙ එම රෙද්ද රෙදි අයිති කාරයා විසින් ඔහුට අවශ්‍ය ආකාරයට කපා කොටා හැඩ වැඩ දමා මසාගත් එකක් වූ විටය. එවැන්නක් සොරාගෙන තමන්ගේ වැලේ වනාගන්නා පුද්ගලයාට අබ සරණය. ඔවුන්ට ඇතිවන්නට ලැජ්ජාවක් නැති නිසා විටෙක අවුලක්ද නැත්තේය. නමුත් දිනෙක රෙදි හොරාට යමක් සිදුවනු නියතය. එබැවින්, අනුන්ගෙ රෙද්දක් හොරෙන් ගෙන තමන්ගෙ වගෙ තමන්ගෙ වැලේ වනාගන්නා අය ප්‍රවේසමෙන් ජිවත් විම හොඳය. නැතිනම් දිනෙක අනුන්ගෙ රෙද්දකින් වසාගැනීමට තැත් දැරූ නිරුවත ලොවටම හෙලිවනු ඇත.

සුභ අලුත් අවුරුද්දක් වේවා!

අලුත් අවුරුද්දේ,
හැමෝගෙම
හැම හීනයක්ම
හීන දකින විදියෙන්ම
සැබෑ වේවා!!!

කියලා සිහින සටහන් වෙනුවෙන් මං ඔයාලට ප්‍රාර්තනා කරනවා!

සංසාර සංචාරේ...හත්වන දිගහැරුම...

කලින් කොටස් මෙතනින්....

"හලෝ"
පුරුදු නැති නම්බර් එකකින් ආපු කෝල් එකට ආන්සර් කරේ හිතේ දෙගිඩියාවක් නැතුවමත් නෙවෙයි.
"හෙලෝ...ඔයා.....වරුණ නේද?" කවුරු නමුත් කතාකලේ ගෑනු කෙනෙක්.
"මමනම් වරුණ තමයි.. එත් ඔයා කවුද?"
මාව අඳුරන මේ කෙනා කවුද කියල දැනගන්ඩ මගේ හිතට ආවේ ලොකු උනන්දුවක්.
" අද ක්ලාසුත් නෑ නේද? පාඩම් කරනවද ඉතිං?"
"ඔව් ක්ලාස් නම් නෑ තමා. ඒත් ඔයා කවුද කීවේ නෑනේ තාම."

මල් මල්මද?

මලක් නොව "බිලිං" වර්ගයකි. පට්ට රසකි. නම නොදනී. ගත්තේ දෙවනගල ගල මුදුනේ...


කෙල්ලෝ මල් වගේමලු
රූපේ හරි ලස්සනලු
දෑත දිගුකර අතට අරගෙන
ආදරේ කරන්නලු


රෝස මල් පිපෙනවලු
නටුවේ කටු තියෙනවලු
දෑත දිගුකර නෙලාගන්නට
යද්දි කටු ඇනෙනවලු

බඹරු පැණි උරනවලු
නටුව හැර මල සිඹිනවලු
එක මලක පැණි බොන්නේ
එකම බඹරා නොවේමලු

අත්ත සවි නෑමලු
පය බුරුල තියන්නලු
ඔරු පදින අයියලා
මල්ලිලට කියනවලු

පුන් සඳ පායලලු
ගඟ ළඟ තනියමලු
කාන්සිය නිවෙන්නට
ඔතන මල්, ඔතනවලු

මේක කෙහෙ'මලක්මලු
අපරාදේ අපෙ කාලෙලු
කියවාපු කට්ටියට
හිතෙන්නට බැරි නෑලු


ඉක්මණට බ්ලොග් කියවන ගැජමැටික් එක ගත්තේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් අරගන්ඩෝ...

ඉක්මණට බ්ලොග් කියවන්න-- Express Blog Reader

ආයුබෝවේවා කට්ටියටම!
ඊයේ කට්ටියක් උපන්දින සමරලා එහෙම අදත් පශ්චාත් උපන්දින පාටි දානවා ඇතිනේ නේද? :D
ඔන්න ඒ කට්ටියට මගෙන් උණුසුම් සුබ පැතුම් ඈ! :D
ඇත්තට ඊයේ සමහර කට්ටිය හොඳට ඇඳගන්ඩත් ඇති නේද? හැබැයි ඉතින් අපි දැන් මේ ඇඳගෙන ඉන්න හැටියට අප්‍රේල් පළවෙනිදා කියල අමුතුවෙන් ඇඳගන්ඩ ඕනෙත් නෑ නේද....

හා හා ඒවා පැත්තකින් තියල අද ගෙනාවේ මොකද්ද බලමු නේද?

සංසාර සංචාරේ...හයවන දිගහැරුම...

කලින් කොටස් මෙතනින්...

"මෙ මචන්, ලබන මාසේ ඉදන් ක්ලාස් පටන් ගන්නවා. යමු නේද බං" එහෙම කීවෙ අරෝශය ගෙදර ආපු වෙලාවක.
"ඔව් බං. ජූනි විතර ස්කොලෙත් පටන් ගනීනෙ"
"තව කවුද බං අපිත් එක්ක ක්ලාස් යන්ඩ සෙට් වෙන්නෙ බං?"
"අනේ මන්ද බං. රුවනා එයි සමහරවිට. ඌ තවම හිතල නෑ කිවා".
"එහෙමද. සෙට් වෙන එකෙක් සෙට් වෙන්නේ නැතෑ නේද බං? අපි ගිහින් බලමුකෝ"
"ආ ක්ලාස් යන්ඩ ඉතින් සෙට් පිටින් නම් ඕනේ නෑ. තමන්ගේ වැඩේ තමන් කරගත්තානම් ඉවරනේ. අනික ඉතින් තමුසෙලා සෙට් උනොත් කරන්නේ වල බහින එකනේ". එහෙම කියාගෙන කාමරේට ආවේ තේ දෙකකුත් අරගෙන අක්කා.

ගැජමැටික්ස් සහ ගැටළුවක්!


අද නම් ආවේ කතාවක්වත් කවියක්වත් අරගෙන නම් නෙවෙයි. වැල්වටාරම් නැතිව කෙලින්ම කියනවනම් පොඩි ගැජමැටික්ස් ටිකක් සහ ගැටළුවක් අරගෙන.

මුලින්ම ගැජමැටික්ස් ගැන!

1. Gmail notifier.

මේක නම් හුඟාක් දෙනෙකුට වැදගත් වෙයි කියල හිතුනා. ගොඩක් අය දැනටමත් මේක පාවිච්චි කරනවත් ඇති. පාවිච්චි නොකරන අයට විස්තරේ කියවල බලල කැමතිනම් download කරගන්නත් ලින්ක් එක පහල දාලා තියෙනවා.

නොපැමිණීම...


"ළමායි, සේරමලා පංතියෙන් එලියට එන්ඩ. ඇවිත් පංතිය ඉස්සරහ පෝලිමක් හැදෙන්ඩ."
"සීතක්කෙ, ඔය හතරෙ පංතියෙ ලමයිනුත් එලියට අරන් පෝලිමක් හදන්ඩකො. තුනේ පංතියෙ දම්මි මිස්ටත් කියන්ඩකො ලමයි එලියට දාල පෝලිමක් හදන්ඩ කියල."
"ඔය ඔය ඉතින් ලාල් දඟලන්නෙ නැතුව ඉන්නව ගුටි කන්නෙ නැතිව. ළොකු මහත්තයත් එනව දැන්."


සංසාර සංචාරේ... පස්වන දිගහැරුම...

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...          සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...
සංසාර සංචාරේ...තෙවන දිගහැරුම...       සංසාර සංචාරේ...සිව්වන දිගහැරුම...




"උඹලගේ අම්ම එහෙම හිටියා මචං බෝධිය පැත්තේ" රුවනා කිව්වා.
"හරි මචං. එල. මං අම්මට කියල එන්නංකො මං ආවා කියල." එහෙම කියලා මං අරෝශයාවත් ඇදගෙන බෝධිය පැත්තට ගියා.
"හෙමින් යමං බං. රශ්මි ගෙදර යන්නේ නෑනේ බං කලින්" අරෝශයා එහෙම කීවේ මං ඌවත් ඇදගෙන ඇවිද්දට වඩා දුවපු නිසා.
"මෙන්න මෙහෙ වරෙන්කො කට පියන්." කියල ඌවත් ඇදගෙන ඉතුරු ටිකත් ගියා.

හුණු සෙල්ලං

අපිනම් මෙහෙම කරදර කරේ නෑ ගුරුවරුන්ට. පවුනේ එයාලත්.
අපි සේරම ස්කෝලේ ගිය උන්ය. ඒ කාලේ තරම් සුපිරි කාලයක් ආයේනම් ලොවෙත් ලබන්නෙම නැතිය. ඉතින් දැන් ස්කොලේ යන එකෙක් දැක්කත් හිතට සූටි ඊරිසියාවක් දැනෙන්නේ නෑ කිවොත් නම් බේගලයක්ය.

මටනම් ස්කෝල කාලේ අවධි හතරකි.
1. 1වසර සිට 5වසර දක්වා - මූලික පාසල් අවධිය
2. 6වසර සිට 8වසර දක්වා - නිද්‍රාශීලී අවධිය.
3. 9වසර සිට 11වසර දක්වා - සුපිරි අවධිය
4. 12 සහ 13 වසර - සුපිරි අවධිය2

සංසාර සංචාරේ...සිව්වන දිගහැරුම

"පුතා...අපි පන්සල් යනවා. ඔයත් යං අපි එක්ක..." අම්ම කතා කරනවා. අද පෝය දවසේ පන්සලට නොගිහිල්ලත් බෑ. 
"අපෝ ඔයාලත් එක්ක යන්ඩ බෑ අප්පා...කම්මැලි ඔයාලත් එක්ක..." මං එහෙම කිව්වේ ගෑනු කට්ටියත් එක්ක ගිහින් එයාල කයිය ගහන්ඩ ගත්තම එන යනකොට උනත් මට තනියම උඩ බලන් යන්ඩ වෙන හින්දා. 
"එහෙම කියල පුළුවන් යැ..යං යං ඉක්මනට ලෑස්ති වෙන්ඩ. කාන්ති ඇන්ටිලා ඇවිල්ලත් ඇති. ලෑස්ති වෙන්ඩ පුතා..."

සු.කො බ.කො


ඔන්න මුලින්ම කිව්වා.... වැරදියට තේරුම් අරං මට බනින්ඩ එපෝ...! චූටි චූටි ලපයි සිපයි ඉන්නවනම් දැන්මම බ්‍රව්සරේ ටැබ් එක ක්ලෝස් කරලා දාන්ඩ...

දැන් වැල් වටාරම් නැතිව කෙලින්ම කතාවට. 


සංසාර සංචාරේ...තෙවන දිගහැරුම...

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...       සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...



 

"අහ්හ් නංගි... ළඟ ඉඳගෙන හිටියට දන්නෙ නෑනේ හිටියෙ ඔයා කියලා. කවුරු එනකල්ද අප්පේ ජනේලෙන් බලන් හිටියෙ මෙච්චරලා...?" මගෙ හිතට කලින් කට ඉස්සර උනා.

සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...

"මල්ලී..මල්ලී...නැගිටිනවා...අන්න ඔයාට කෝල් එකාක්..."කියල කෑ ගහල අක්ක මාව ඇහරවද්දී මං හිටියේ හොඳ නින්දක. මොකාද කියල අක්කාගෙන් අහන්නේ නැතිවම ෆෝන් එක ගාවට යනකොට තමයි දැක්කේ වෙලාව උදේ හතයි කියල.
"හෙලෝ..." කියල නිදිමරගාතේ ෆෝන් එක කනේ තියාගත්තා මං.
"මොකද උරුලෑවෝ තොගේ ෆෝන් එකත් ඕෆ් කරන් නිදියන්නේ? පොඩ්ඩක් උදේම නැගිටපන්කෝ මේ මං වගේ" කියල එහා පැත්තෙන් ඇහුනේ මගේ හොඳම යාළුවා වුනු අරෝශයගේ කටහඬ.
"අනේ නිකා ඉඳින් බිම්බස්සෝ මං දන්නැතුවයැ තෝ උදෙන් නැගිටින හැටි. දැන් උඹ මේ අද උදෙන් නැගිටලා මාවත් ඇහැරවගෙන මොන මගුලක් කරන්ඩද හදන්නේ?"
"ඔව් ඔව් මගුලක් තමයි අද කරන්ඩ හදන්නේ. උඹට ඕවා තේරෙන්නේ ඉවෙන්ද බං?"
"අනේ ඔව් බං...උඹත් එක්ක ඉඳල ඉවත් ටික ටික තියෙනව...කියපන් කියපන් මොකටද කතාකරේ කියල?"

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...


"මල්ලී...මල්ලී..."
"මොකද හලෝ? ටිකක් නිදාගන්ඩ ඇඳට ආවා විතරයි."
"ටක් ගාල සමාධි අක්කලාගේ ගෙදර ගිහින් එනවකෝ"
"ඒ මොකටද?"
"එයාගේ පොතක් තියෙනවා. ඒක දීල මගේ ටියුට් වගයක් ඇති එයා ළඟ, ඒ ටික ඉල්ලන් එන්ඩකෝ..."
"අනේ මට බෑ ඕයි මේ වැස්සේ"
"අනේ මල්ලි. ගිහිං එනවකෝ".
අක්ක කියපු හැටියට මට දුක හිතුන.
"කෝ දෙනවකෝ එහෙනම්..." කියල අක්කාගෙන් පොත ඉල්ලං සමාධි අක්කලාගේ ගෙදර ගියා.

වීදි දරුවා...

පරණ පොත් ගොඩක් අවුස්සද්දි  ටියුට් එකක් අස්සේ තිබිල අද මට මේ කවි පෙළ හම්බුනේ. ලියන්ඩත් මුකුත් නැති එකේ මේකවත් දානවා කියල හිතුන. A/L වලට පංති යන දවස්වල ලියපු එකක් මේක.

අහස අහිමි වුනු කිරිල්ලියක් නුඹ
ලස්සන සපිරුණු අත්තටු දිලිසෙන
පූරුවේ කල පිං මදි වෙලාද අද
අහස බලාගෙන හූල්ලන්නේ හිත...

සිත ගත නිවනා සුළඟ අකැප නුඹ
ගත සම දැවෙනා හිරුගේ කිරණ මැද
කළු දුම් වලාව යට නෙත් පියාන
මෙනෙහි කරනවද දිවියේ නිසරු බව...

කතරක පීදුණු ගසක් වගේ වුව
නුඹේ මවත් එක් මවකි මෙලෝ මත
පිටට ඇලුණු නුඹේ මවගේ පපුව දැක
තේරුම් ගන්නට හැක නුඹේ දුක මට...

නුඹ ජීවත් වෙයි පාර උරුම කොට
කාගේ වරද වුව එයට හේතු කීම
හේතු සොයන්නට නැත මට අවසර
කුසගිනි නිවුමට ආ මගේ බත් පත.....




මැදියම් ‍රැයේ සිතුවිල්ල...



සමනලුන් ඉකිබිඳින
රැහැයියන් නිහඬවන
මේ පාලු තප්පරය
විඳගන්න බෑ මට
ඔබට පෙම් කල
ඔබෙන් සෙනෙහෙ ලද
හදවතට...
ඉකි ගසයි කඳුළු කැට
දෙනෙතින් එලියට නොපැන
විටෙන් විට ගැහෙන
හදවතේ
අඳුරුම මුල්ලක සිට...
අන් කිසි දෙයක් නොවේ
කෑගසා ඉල්ලන්නේ
ඔබ රැගෙනගිය
මගේ ජිවිතයේ කොටස...



සැරෙන් සැරේ හිතට එන චූටි චූටි පද පේලි ලියලා කවි පි‍ටුව පටන්ගත්තා. කැමති අය මෙතනින් ගොඩවෙලා බලන්නකෝ...

අහිමි ආශා...

නිල් තණ පළසක
සීමා බිඳහැර
සමනලු පසුපස
දුවන්න ආසයි...

පෙනකැටි විසිරෙන
ගඟ ළඟ ඉඳගෙන
ජල කඳ අතරේ
පාද දොවන්නට ආසයි...

සිඟිති ළමා කැළ
ඈතින් දැක්කම
නටන්න ගයන්න දුවන්න පනින්න
එක්වෙන්නට ආසයි...

ආසා කොතෙකුත්
හිත යට රැඳුනට
අවනත නැති පා
සොලවනු බෑ මයි...



මට හිතුනුවා

සති දෙකක්ම හිටියේ නැනේ. සෑහෙන්ඩ දේවල් වෙලා තියෙනවා දැක්ක. සේරම වගේ ලිපි කියෙව්වා. අනේ තරහ වෙන්ඩ එපා කාටවත් කමෙන්ට් කරේ නම් නෑ.
මෙන්න මේ පහල කොටලා තියෙන්නේ පහුගිය සති දෙකේ මගේ හිතට ඇවිත් මැකිලා යන්නේ නැතිව දුරකතනයේ draft වෙච්චි එව්වා. මෙහෙම පල කරන්ඩ සුදුසුද මන්ද. එත් ඉතින් ඔන්න ඔහේ දැම්මා කොටලා කොටලා.

====================================================

කොහු ඇනෙන සයනයක
පුස් ගඳින් කොට්ටයක
හිස තියා නිදන්නට
අඳුර පමනකි ලඟින් පුරුදු ලෙස...

====================================================

පුන් සඳ දිලෙද්දී
දහක් තරු දකිද්දී
මිතුරු දම සිහිවෙවී
තෙරක් නැති සේ සාගරේ...

====================================================

නෙක මල් පොකුරු මැද
පිපුණු එක සුවද මල
සමුගන්න දැන් ලඟයි
හමුවෙන්න ප්‍රාර්ථනා...!

====================================================

සුවද මල් පෙති සිඹින
සුමුදු මුදු සීතල සුළඟ
රැගෙන එන ඔබේ සුවඳ
පමණි අද මට උරුම...
හොරෙන් දිවියට පැමිණ
පෙම් මලින් සුවඳ කර
සිත් අහස හැඩ කෙරුව
පුංචි සමනලිය ඔබ...

====================================================

රෑ අහස් කුස පුරා
    දිලෙන තනි තරුවක්ය
සුදු රෝස යාය මැද
    පිපුණු රතු මලක් නුඹ
ආකාසේ හැඩ කරන
    හැඩැති දේදුන්න ඔබ
දිවිය ඇති තෙක් තුරා
    මා ලඟින් සිටිනු මැන