අද නම් ආවේ කතාවක්වත් කවියක්වත් අරගෙන නම් නෙවෙයි. වැල්වටාරම් නැතිව කෙලින්ම කියනවනම් පොඩි ගැජමැටික්ස් ටිකක් සහ ගැටළුවක් අරගෙන.
මුලින්ම ගැජමැටික්ස් ගැන!
1. Gmail notifier.
මේක නම් හුඟාක් දෙනෙකුට වැදගත් වෙයි කියල හිතුනා. ගොඩක් අය දැනටමත් මේක පාවිච්චි කරනවත් ඇති. පාවිච්චි නොකරන අයට විස්තරේ කියවල බලල කැමතිනම් download කරගන්නත් ලින්ක් එක පහල දාලා තියෙනවා.මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක වැදගත් වෙන්නේ gmail ගිණුම් තියෙන අයට. මේ ගැජමැටික් එකෙන් පුළුවන් අපිට අපේ desktop එකේ ඉඳන්ම අපේ gmail ගිණුමට එන ඊමේල් බලාගන්ඩ. වැදගත්ම කාරණේ තමයි මේකෙන් පුළුවන් එකවර gmail ගිණුම් 5ක් හසුරවන්න. ඒ වගේම සෑම විනාඩි 2කට වරක් ඔයාගේ gmail ගිණුම් පිරික්සන නිසා ඔබට ඊමේලයක් ලැබී විනාඩි 2ක් වැනි සුළු කාලයක් ඇතුලත අලංකාර කාන්තා කටහඬකින් ඒ බව දැනගැනීමට හැකියාව ලැබීම. ඒ වගේම මේකේ ඉඳන් ඊමේල් කියවීමේ හැකියාවත් තියෙන නිසා බාවිතා කිරීමට වඩාත් පහසුයි.
මෙන්න මෙතනින් බාගන්න. ( 2.62MB )
පාවිච්චියේදී කිසිම ගැටළුවක් මටනම් තවමත් වෙලා නැහැ.
2. Windows Tabs.
මේ ගැජමැටික් එකෙන් පුළුවන් අපි පාවිච්චි කරන හැම වින්ඩෝ එකකටම අර අර අපේ වෙබ් බ්රවුසර් වල තියෙනවා වගේ ටැබ්ස් දාගන්න. ෆෝල්ඩර් වලට, නෝට් පෑඩ් වලට, පේන්ට් වලට, ඔෆිස් වලට, ඕනෙම කෙන්ගෙඩියකට ටැබ්ස් දාගන්න පුළුවන්. මේ පහල දාලා තියෙන්නේ මං ගත්තු ස්ක්රීන් ෂොට් දෙකක්.මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක බාගන්න. ( 1.1MB )
සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරහම notification area එකේ අලුත් අයිකන් එකක් පෙන්නයි මේ වගේ.

මතක ඇතිව දැනටම ටැබ්ස් තියෙන වෙබ් බ්රව්සර් වලට ටැබ්ස් ඇක්ටිව් කරන්ඩ එපා..
මේක ගැන වැඩි විස්තර.
දැන් මට තියෙන ගැටලුව....
අපි හැමොම ලාංකීය සින්ඩිය ගැන දන්නවනේ. මාත් මගේ blog එක ඒ සින්ඩියට ඇතුල් කරලා තියෙන්නේ. ඒ ඉතින් blog කෙරුවාවට ආපු මුල් දවස්වලම. ඒ දවස්වල ඉතින් මෙව්වා ගැන වැඩිය දන්නෙත් නැතිව හිටියේ. ඉතින් ඒ නොදැනුවත්කමට මම ලාංකීය සින්ඩියට දීල තියෙන්නේ මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් වල RSS FEED url එක. දැන් ඉතිං ලාංකීය එකේ අප්ඩේට් වෙන්නේ මගේ පොස්ට් වෙනුවට කමෙන්ට්ස් ටික. ඒක දැනගත්ත දවසේ ඉඳන් හදාගන්ඩ දැඟලුවත් හදාගන්නත් බැරි උනා.
ඉතින් ඔන්න ඕකයි මගේ ගැටලුව. මේක හදාගන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්ඩලා ඈ !
සිහින සැබෑවේවා!
ප්රශ්නෙට උත්තර නම් මා නොදනිමි :(
ReplyDeleteඅව්ලක් නෑ සෑම් අයියා!
Deleteමාත් නොදනිමී. අපි ප්රවීනයෙකුගෙන් අසා දැනගමූ
ReplyDeleteකරපු උදව්වට ගොඩාක් ස්තුතියි අයියේ!
Deletehttp://syndi.lankeeya.lk/ ලොග් වෙන්න..
ReplyDeleteවම් පැත්තෙ යටම feedback box එකක් වගේ ඇති. එතනට ඔයාගෙ ගැටළුව කියන්න එයාලා හදාවි
ඊමේල් මගින් නම් දැනුම් දුන්නා. බලමු මේකත් කරලා. ස්තුතියි සහයෝගෙට
Deleteමම මේ පැත්තෙ පය ගැහුවෙ අදමයි... නියමෙට කරගෙන යනව... සුභ පැතුම්.. ජී මේල් සොෆ්ට් එක නම් පට්ට ගති...
ReplyDeleteමගේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්න...
ස්තුතියි! ආයෙමත් එන්න.
Deleteදැනුවත් කිරිමට ස්තුතියි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
:)
Deleteඔය URL පලහිලවුනං මෙලෝ දෙයක් මංදන්නෑ. කවුරුහරි උදව් කරයි.
ReplyDeleteඋදව් කරන කෙනාට බොහොම පිං.
Deleteයසිත් කියලා තියෙන දේ කරලා බලන්න.
ReplyDeleteඑකත් කරලා බලනව. හරිගියොත් හොඳයි
Deleteකෝ මේ චන්දන අයියා??? එයාව පොඩ්ඩක් කොන්ටැක් කරල බලන්ට..
ReplyDeleteසහයෝගෙට ස්තුතියි අක්කේ!
Deleteමචන් Gmail software එක නම් භාවිතය හොඳ
ReplyDeleteනැහැ .කෙළින්ම pw එක third party යනවා..
google එකෙන් දීපු එකක් නෙවේ මේක ..
අනික් අයත් මේක පාවිච්චි කරන්නේ බලාගෙන ..
acc ටික පිෂින් වෙන්න පුළුවන් ....
lankeeya කාර්ය මණ්ඩලයේ පිහිට පතන්න ..
වෙන කල හැක්කක් නැහැ...
එහෙම දේකුත් තියෙනවා තමා. මටනම් තවම අවුලක් උනේ නෑ.
Deleteලාංකීය කාර්ය මණ්ඩලයෙනුත් පිහිටක් ලැබුනේ නෑ අයියා. එකයි අවුල. :(
අටං අයියගෙ බ්ලොගෙන් ආව ඔන්න උත්තර දෙන්ඩ. ඒ උනාට එව්ව ගැන මෙලෝ හසරක් දන් නෑනේ. සොරි
ReplyDeleteඅවුලක් නෑ සමියා...ආව එකම මදැයි!
Deleteමටත් හිතෙන්නෙ හොඳම දේ ලාංකීය කාර්යමණ්ඩලයට මේ ගැන කියන එකයි. එතකොට මොකක් හරි විසඳුමක් දෙයිනෙ.
ReplyDeleteඑයාලටනම් කීවා! එත් තවම විසඳුමක් නැහැ chams :(
Deleteමරු ගැජමැටික්ස් ටික...අර සීන් එක නං දන්නෙ නෑ...
ReplyDeleteඅවුලක් නෑ මචං
Deleteඅනේ මචං මාත් ඕව දන්නෑ..මුලින්ම ආ නිසා සටහනක් තියා යමි.
ReplyDeleteඅව්ලක් නෑ වීයා! උදව් කරන්න හරි ආවනේ!
Deleteකොමන්ට් වල කොහෙද බන් ෆීඩ් එකක් තියෙන්නේ?
ReplyDeleteමාත් දැනන් හිටියේ නෑ මචං. ඒත් දැන් නම් දන්නවා. පෝස්ට් වලට වගේම කමෙන්ට් වලටත් ෆීඩ් url එකක් තියේ.
Deleteමේ තියෙන්නේ මගේ කමෙන්ට්ස් වල ෆීඩ් url එක
http://sihinasatahan.blogspot.com/feeds/comments/default?alt=rss
ඉමල්ක, මගේ ඩෙනිමත් ලාංකීය එකට දීලා තියෙන්නෙ. කිසි දෙයක් වුනේ නෑ. ආයෙම පාරක් අලුත් බ්ලොග් එකක් හැටියට ඇතුල් කරන්න උත්සාහා කරන්නකො හරි ග්ෆීඩ් එක දා
ReplyDelete