සංසාර සංචාරේ...පහළොස්වන දිගහැරුම...

කලින් කොටස්


ඒ ලෙවල් වලට තියෙන්නේ තව මාස දෙකක් වුනාට ඔලුවේ තිබුනේ පාඩම් කරපුවා නෙවෙයි. පහුගිය කාලේ සැරෙන් සැරේ පාඩම් කරපුවත් මතකේ ඈත ඉමකට තල්ලු කරලා දාලා රශ්මිත් සඳලි අක්කත් ගැන සිතුවිලි හිත ඇතුලේ එහාට මෙහාට දඟලන්ඩ අරන් තියෙන්නේ හරියට මුහුදු රැල්ල වගේ නේද කියලත් වෙලාවකට හිතෙනවා.වැලි මළුවක් වගේ නිසසලව තිබුණු හිත දැන් මුහුදු වෙරල වගේ වෙලා. එතකොට මගේ හිත හැම වෙලේම කලබල කරවන මුහුදු රැල්ල වෙන්නේ රශ්මිද? නැත්නම් සඳලිද? එහෙමත් නැත්නම් දෙන්නමද?

"කොහෙද බං ඉන්නේ? මොනවද ඔයහැටි කල්පනා කරන්නේ?"
අරෝශයා එහෙම අහන ගමන් කකුලට දාපු තට්ටුව ඈතට පියාඹලා තිබ්බ මගේ හිත ආයෙමත් පන්තිය ඇතුලට ගෙනාවා.
"මුකුත් නෑ බං"
"උඹට තියෙන ප්‍රශ්න මං දන්නවනේ වරුණ. මට බොරු කියන්ඩ ඕනේ නෑ...හැබැයි පුතේ මෙහෙම ඉඳලානම් උඹට එක ප්‍රශ්නයක්වත් විසඳගන්ඩ වෙන්නේ නෑ.සේරටම කලින් එක්සෑම් එක ගොඩදාගන්ඩ බලපන්."
"මට ඕනේ මගුලක් කරන්ඩ පුළුවං බං. ඒත් මොකවත් කරන්ඩ හිතේ නිදහසක් නෑනේ"
"හිතේ නිදහස ඕනේ නම් මචං උඹ රශ්මියි සඳලියි දෙන්නම අමතක කරලා දාපං."
"ඒක කරන්ඩ බෑ බං දැන්."
"හා යමංකෝ. යන ගමං කතා කරමු."
එහෙම කියල අරෝශයා නැගිටිද්දී තමයි මතක් උනේ ක්ලාස් අරින වෙලාව හරි කියලා. සර් ස්ටේජ් එකෙන් බහිද්දිම පිටිපස්සෙම පෝලිමේ හිටපු අපි දෙන්න නැගිටලා ආවා. එතකොටයි තේරුනේ මං ක්ලාස් එකෙන් යන්නෙත් ආවා වගේමයි නේද කියලා, පැය දෙකක් අඟල් හයේ ලෑලි බංකුවේ ඉඳගෙන හිටියට ඔලුවට දාගත්තු කිසිම දෙයක් නෑ නේද කියලා.
"හරි දැන් කියපන් උඹට මොනවද කරන්ඩ ඕනේ කියලා?"
"මට මචං රශ්මිව අමතක කරන්ඩ බෑ...දැන් තියෙන තත්ත්වේ හැටියට සඳලිව අමතක කරන්ඩත් බෑ..."
"මොකද්ද ඒ? රශ්මිව අමතක කරන්ඩ බෑ කියන එක හරියි කියමු. ඒත් ඇයි සඳලි?"
"සඳලිව අමතක කරන්ඩ පුළුවන් බං. සඳලි ගැන ආදරයක් මට නෑ බං. ඒත් දැන් රශ්මි මට අකමැති වෙනවනම් ඒකට ලොකුම හේතුව වෙන්නේ සඳලි බං. ඒ හින්දා රශ්මි ගාවට යන්ඩ නම් සඳලිගේ ප්‍රශ්නේ විසඳගෙන ඉන්ඩ ඕනේ."
"හරි. ඒ කියන්නේ උඹට විභහගෙට පාඩම් කරන්ඩනම් රශ්මිව ශේප් කරගන්ඩ ඕනේ. එකට සඳලිගේ ප්‍රශ්නේ විසඳගන්ඩ ඕනේ. එහෙමද?"
"ඔව් බං. එහෙම තමයි කරන්ඩ වෙන්නේ."
"වරුණ...උඹට මේ මාස දෙකට ඔය ටික අමතක කරන්ඩ බැරිද?"
"මං දන්නේ නෑ බං. මට පාඩම් කරන්ඩ හිතෙන්නේ නෑ බං. හිතිලා පොතක් අතට ගත්තත් පාඩම් කරන ඒවා මතක හිටින්නේ නෑ බං"
"හරි උඹට තනියමනෙ පාඩම් කරන්ඩ බැරි. හෙට ඉඳන් වරෙන් අපේ ගෙදර. උඹට මනෝ ගහන්ඩ දෙන්නේ නැතිව මං බලාගන්නම්. අපි දෙන්නා පාඩම් කරමු."
"මට තේරෙන්නේ නෑ බං"
"උඹ තේරුම් ගන්ඩම ඕනේ වරුණ. උඹ මෝඩයෙක් නෙවෙයිනේ. අපේ ක්ලාස් එකේ හිටපු පට්ටම මීටරයක්නේ බං උඹ. එහෙව් උඹ කෙල්ලෝ දෙන්නෙක් හින්දා කාලකන්නි වෙනවා කියන එක උඹට විතරක් නෙවෙයි අපි හැමෝටම කරන අසාධාරණයක්. උඹේ ජීවිතේ මෙච්චර අවුල් වෙයි කියලා මං කවදාවත් හිතුවේ නෑ වරුණ. ඉස්සර අපි සේරටම වඩා ආතල් එකේ හිටපු උඹ දැන් හැම වෙලේම ඉන්නේ මූණ එල්ලගෙන. ටිකක් මතක් කරපන්. උඹ අන්තිමට හිනා උනේ කවදද කියලා. කොල්ලෝ සෙට් එකත් එක්ක ෆිට් එකේ ආශ්‍රය කරේ කවදද කියලා. මෙහෙම ඉන්ඩ දෙන්ඩ බෑ බං උඹට. හෙට උදේ ලැස්ති වෙලා හිටපං. මං එනවා උ,ඹව එක්ක යන්ඩ අපේ ගෙදර. හෙට ඉඳන් හැමදේම අමතක කරලා වැඩ පටන් ගන්ඩ ලැස්ති වෙලා හිටපං."
එහෙම කියලා අරෝශයා බස් එකෙන් බැහැලා ගියා. හැමදාම වගේ එතනින් එහාට තනියෙන් හිටපු මට කල්පනා කරන්ඩ ඕනෙවටත් වඩා දේවල් තිබුනා.



facebook comments...

8 comments:

  1. මේ කොටස දාන්න ටිකක් පරක්කු උනා නේද

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ තියෙන වෙලාව බොහොම අඩුයි චාමික... ඒකයි...

      Delete
  2. කෝ ඉතින් අර අක්කා සපෝර්ට් එකක් දෙයි කියලා මම හිතුවේ.

    ReplyDelete
    Replies
    1. මේ සිහින සටහන් කියලා ලියලා තියෙන ෆොන්ට් එක නම් එළම කිරි. මම කෙල හල හල බලං හිටියා ඒක දිහා. කොහෙන්ද ඕකෙ හොයාගන්න පුලුවන්? අනික, සිහින සටහන් කියලා සිංහලෙනුත් දාන්න විදියක් නැද්ද ඔයවගේ ෆොන්ට් එකකින්?

      Delete
    2. අක්කා නේද ඩූඩ්... බලමුකෝ අක්ක මොකෝ කරන්නේ කියලා...

      මේක ඩූඩ් Monotype Corsiva ෆොන්ට් එක. ෆොටෝෂොප් වලින් පොඩ්ඩක් එහෙමෙහෙ කරලා තියෙන්නේ....

      ෆොන්ට් එක මෙතනින් ගන්ඩ පුළුවන්.

      හොඳ ලස්සන සිංහල ෆොන්ට් එකක් මමත් හොයනවා. හම්බුනොත් මටත් එවන්ඩ ඩූඩ්....

      Delete
  3. එන්නකෝ එහෙනං.. දිගටම ලියමු ඩා. අතර මග නවත්තන්නේ නැතිව

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...