නොපැමිණීම...


"ළමායි, සේරමලා පංතියෙන් එලියට එන්ඩ. ඇවිත් පංතිය ඉස්සරහ පෝලිමක් හැදෙන්ඩ."
"සීතක්කෙ, ඔය හතරෙ පංතියෙ ලමයිනුත් එලියට අරන් පෝලිමක් හදන්ඩකො. තුනේ පංතියෙ දම්මි මිස්ටත් කියන්ඩකො ලමයි එලියට දාල පෝලිමක් හදන්ඩ කියල."
"ඔය ඔය ඉතින් ලාල් දඟලන්නෙ නැතුව ඉන්නව ගුටි කන්නෙ නැතිව. ළොකු මහත්තයත් එනව දැන්."


...............           ...............             ...............

"සර්, තුන හතර පහ පංතිවල සේරම ලමයි ගත්ත එලියට සර්."
"හා හරි සුගුණා මිස්. මේ මහත්තුරුන්ට ඕනෑ කරන විධියට වැඩකටයුතු ටික ඉශ්ට කොරල දෙන්ඩකෝ."
"හා සර්."
"සර් මේ පහේ පංතිය. අර හතර. අර අන්තිමට තියෙන්නෙ තුනේ පංතිය."
"බොහොම ස්තූතියි මිස්. අපි තුනේ පංතියෙ ඉඳන් ඉහලට බලාගෙන එමු."
"මිස් නේද පහේ පංතිය බාර ගුරුවරිය? මිස්ගෙ පංතියෙත් ඉන්නව ලමයි තුන්දෙනෙක්. මම ලමයි තුන් දෙනාගෙ නම් ටික ලියාගත්තා. ඒ කට්ටියට පණිවිඩෙ දෙන්ඩ."

...............          
...............             ...............          

"ඇයි බං නිමල් ඊයේ ස්කොලෙ ආවෙ නැත්තේ? ආනන්දයටයි ලෙච්චමීටයි නම් හොඳට හම්බුනා. උඹත් ආවනම් උඹටත් හම්බෙනවනේ."
"නිමාල්ල්ල්... මෙහෙට එන්ඩ..."
"ටීච..."
"ඇයි දරුවෝ ඊයේ ආවේ නැත්තේ."
"හොඳම දත්ටික තිබුනට ටීච මං දත් මදින්නෙ අඟුරු වලින්.ටීචට පෙන්නන්ඩ ගේන්ඩ බුරුසුවක් තිබුනේ නෑ ටීච. ඒකයි ආවේ නැත්තේ."

23 comments:

  1. දුකා....යි.

    අටම්පහුර ලියපු සෙරෙප්පු දෙකේ කතාව මතක් වුනා !


    ජය !

    ReplyDelete
    Replies
    1. මටත් දුක....අ හිතුනා.

      අටම් අයියගේ කතාව නම් ගින්දර!

      Delete
  2. ඇඩෙනවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. අන්න නියම කොල්ලෝ.

    ReplyDelete
  4. දත් සුදුවෙන්න දත් මදින කාලේ අඟුරු තමයි අපේ දත් බේත!

    ReplyDelete
    Replies
    1. කතන්දර සූරිනුත් ඇවිල්ල මෙහෙට. මාර සතුටුයි!
      මේ කතාවත් 1960 ගණන්වල

      Delete
  5. මේ කතාවෙන් යටි පැත්තකුත් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  6. දුක හිතෙන කථාවක් :(

    ReplyDelete
  7. අපූරු කතාවක්.. ඒ වගේම සංවේදියි..

    ReplyDelete
    Replies
    1. නම් ගම් විතරක් වෙනස් කලත් කතාව සතයක් නිසා වෙන්නැති

      Delete
  8. මේ ස්ටයිල් එකට මාත් මනාපයි.

    ReplyDelete
    Replies
    1. :) රාජ් අයියව සාදරයෙන් පිලිගන්නවා

      Delete
  9. හෙනට දුක හිතුනා
    නියම පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. දුකට පුන් ගහගනින් එහෙනම්

      Delete
  10. හිතිය යුත්තක්
    විශිෂ්ටයි

    ReplyDelete
  11. කතාව ලස්සනයි. දිගටම මෙව්වා වාගේ එව්වා ලියන්න

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...