තාමත් මං ඔයාට ආදරෙයි

ඔයා මීට වඩා ගොඩාක් ලස්සනයි
    එදා බ්‍රහස්පතින්දා දවසක්. අපි හැමදාම පන්තියේ ඉන්නේ අන්තිම පෝලිමේ. ඒක අපේ පුරුද්දක්.
   
    එදත් ඉතින් පුරුදු විදියට කයිය ගහගෙන ගණන් ටික හදාගෙන හිටියා අපි සෙට් එක. ඔන්න ආව මට කෝල් එකක්. අදුරන්නේ නැති ඩයලොග් නම්බර් එකක්. කතා කරන්ඩ බැ මට. මොකද අපේ තාත්තද කියල සැකයක් මතු උනා. කොහොමහරි එදා interval  වෙනකොට මට miss call 3ක් විතර තිබ්බා. මාත් ඉතින් බලන් හිටියා ගත්ත කෙනා ආපහු ගන්නකන්. ඔන්න මට ආවා කෝල් එක.


    "හෙලෝ"
    "සිහින මල්ලි නේද මේ" අහල පුරුදු ගෑනු ළමයෙක්...
    "ඔව්"
    "අදුරන්ඩ බෑ..... නේද.....?" ඇදලා පැදලා අහනවා හරි හුරතලේට.

යකෝ මේ කවුද මේ?
මං කල්පනා කරා. ෂුවර් එකටම අපේ එකෙක්ගේ බයිටක් ද කොහෙද. එහෙම හිතල මම
    "බැ නේ" කිව්වා
    "එතකොට මේ කලින් යාලු වෙලා හිටපු ගෑනු ලමයව අදුරන්ඩ බැ?"

යකෝ මේ මොන මරාලයක්ද. මං කවදද අක්ක කෙනෙක් එක්ක යාලු උනේ? එතකොටම මට මීටර් උනා කටහඬ.
    "සුදු අක්ක නේද මේ?"
    "කොල්ලට මාව මතකයි නේද එහෙනම්?"
    "එහෙමත් අමතක වෙනවද ඔයාව අනේ මට?"
     "දැන් කොහෙද ඉන්නේ? ඇයි කලින් කතා කරේ නැත්තේ?"
    "මං ක්ලාස් එකේ. දැන් interval"
    "දැන් එහෙනම් බන්ඩිය පිරෙන්ඩ කාලා එහෙම ඉතුරු ටිකත් ඉදලා ගෑනු ළමයි දිහා එහෙම බලන්නේ නැතිව පරිස්සමින් ගෙදර යන්ඩකෝ. මං ආයෙත් හෙට කතාකරන්නම්. බුදුසරණයි මල්ලියෝ"
    "බුදුසරණයි අක්කේ"

    ඔන්න ඔහොමයි ඔයා මගේ ජීවිතේට ආවේ. මට අද වගේ තාමත් මතකයි. ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමහල්. අපි පොඩි කාලේ ඉදන් එකට හැදුනලු. මට මතකයි ඉස්සර අලුත් අව්රුද්දට එහෙම ඔයාලගේ ගෙදර එනවා. එත් ඊට පස්සේ ඉදන් අපි ටිකක් දුරස් උනා නේද?
   
    කලින් කියපු විදියට තමයි සුදු අක්කගෙයි මගෙයි සම්බන්ධතා අලුත් උනේ. එත් ඒක නොහිතපු විදියට වෙයි කියල මම කවදාවත් හිතුවේ නැ.

    කොහොමහරි ටික දවසක් යනකොට ඔයා ටවුන් එකේ communication එකක වැඩට ආවා. ඉතින් අපි නිතර දෙවේලේ හම්බ උනා. එතනින් ක්ලාස් යනවනම් මං ඔයාව බලලමයි ගියේ. ඔහොම කාලේ ගෙවෙනකොට අපි දෙන්නා අපි දෙන්නට ගොඩාක් ලංවුණා. කවදාවත් හිතුවේ නැති විදියට ඔයා මට ලංවුනා. ඔයා මට හැමදාම රැට කතා කරා. එත් "මල්ලියෝ මොනවා උනත් විභාගේ ලොකුයි නේ" කියලා විනාඩි 5ක් කතා කරලා ඔයා හැමදාම කතාව නතර කරා. ඔයා ඒ තරමටම මං ගැන හිතුවද කියල වෙලාවකට හිතුනා.

    දවසක් කතා කරපු වෙලාවක ඔයා මට කිවා "මල්ලියෝ මට ඔයාව තනියම ටිකක් හම්බෙන්න ඕනේ" කියල. මටත් වැඩි ගානක් නැ. ඉතින් මාත් හා කියල ආවා ක්ලාස් ඉවරවෙලා ඉරිදා දවසක. ඔයාට එදා නිවාඩු. මං කියපු තැනට යනකොටත් ඔයා ඇවිත්. ලස්සන සුදු පාට blouse එකක් ඇඳලා ඒකටම හරියන ලා දම් පාට  මල් වැටුණු සායක් ඇඳලා. කවදාවත් මං ඔයාව ඒ තරම් ලස්සනට දැකලා නෑ. ඔයා පොඩි දවස්වල ඉදන්ම ගොඩාක් අහිංසකයි. ඒ අහිංසක කමෙන්ම මට හිනා වුනා. මම දන්නේ නෑ මොන හේතුවක්ද කියන්ඩ. අදටත් මට ඔයාගේ ඒ හිනාව අමතක නෑ.

    එදා ඒ වෙලාවේම ව්හින්ඩ් ගත්තා. මහා හයියෙන්. ඔයාට කුඩේ ඉහලගන්ඩ කියල මාත් ඔයත් එක්ක යන්ඩ පිටත් උනා. මං ඇහුවා "ඉතින්..ඔයා මට මොනාද කියන්ඩ ආවේ අද" කියලා. ඔයා මං දිහා බලල හිනා උනේ හරියට වරදක් කරපු පොඩි  ළමයෙක් වගේ. අපි දෙන්නම ඔහේ අරමුණක් නැතිව ඇවිදගෙන ගියා. ටවුන් එක පහුකරලා ටිකක් පාලු පාරක අපි දෙන්න තනි උනා. දැන් පැය බාගයක් විතර ගිහින් තිබුනත් තාමත් ඔයා බිම බලාගෙන. මම නැවතුනා. ඔයත් නැවතුනා.

    "මල්ලි..."
    මම මුකුත් කිවේ නෑ...ඔයාටම කියන්ඩ දීල බලාගෙන හිටියා
    "මම දන්නවා මම මේ කරන්නේ වරදක් විත්තිය, අපි දෙන්නට කවදාවත් එකතු වෙන්ඩ  වෙන්නෙත් නෑ කියල මම දන්නවා. පොඩි කාලේ ඉදන් එකට ඉදල අද මගේ හිත මෙහෙම ඔයාට ආදරේ කරයි කියල මම කවදාවත්ම හිතුවේ නෑ මල්ලියෝ. මං ඔයාට ගොඩාරියක් ආදරෙයි සිහින."
 

    ඔහොම කියල ඔයා අඬන්ඩ ගත්තා. එදා තමා ඔයා මට මුලින්ම ආදරෙයි කිවෙ. මට වෙන කරන්ඩ දෙයක් තිබුනේ නෑ ඔයා අඬනකොට. මං ඔයාගේ අත අල්ල ගත්තා. මං කියපු එකම දේ "අඬන්න එපා" කියපු එක විතරයි. ඔයා එවෙලේ "ඇයි කතා නොකරන්නේ" කියලා ඇහුවට මං ඇත්තටම කාතනොකලේ මට කියාගන්ඩ දෙයක් නොතිබුණු හින්දා. ඔයා හිතුවා නේද මං තරහයි කියලා? ඔයා තව ටිකක් හයියෙන් අඬ අඬ මගෙන් තරහද ඇහුවම මං නෑ කීවට එක ඔයාට ඇහෙන්ඩත් නැතිව ඇති. ඔයා දන්නවද? එදා ඉදන් අද වෙනකන් මං කවදාවත් ඔයත් එක්ක තරහවෙලා නෑ රත්තරං.
   
    ඔයා මාව විභාගෙට ලෑස්ති කරපු හැටි, මං පාඩම් නොකරද්දී මට බැනපු හැටි, ඒවා මට කවදාවත් අමතක වෙන්නේ නෑ රත්තරන්.

    අපි මුලින්ම හමු වුනු පාරේදීම, එතනදීම අපි වෙන්වුනා. මාස 6ක අපේ ආදරේට තිත තියලා. ඔයාට මතකද එදා මාත් ඔයත් එක්ක ඇඬුවා. මං එදත් මුකුත් නොකීවට ඔයා එදා අන්තිම වතාවට කියපු වචන ටික මට තාම මතකයි රත්තරන් අක්කේ.

    "මට තේරෙන්නේ නෑ සිහින ඇයි මං ඔයාට මෙච්චරටම ආදරේ කියලා. මං දන්නවා මටත් ඔයා ආදරෙයි කියලා. ඔයාට ගොඩාක් පින් සිහින මල්ලියෝ මාව සතුටින් තිබ්බට. මං ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මෙනම් ඔයා මගේම වෙන්ඩ් කියලා. අදින් පස්සේ මං ඔයාට කතා කරන්නේ නෑ බබා. ඔයා හොදට ඉගෙන ගන්ඩ් හොදද. ලස්සන ගෑනු ළමයෙක්  මැරී කරලා අම්මලත් බලාගෙන සතුටින් ඉන්ඩ වස්තු. මං ඔයාට ගොඩාරියක් ආදරෙයි සිහින" එහෙම කියලා ඔයා මං දිහා බැලුවේ තොල් දෙක හපාගෙන අඬන්නේ නැතිව ඉන්ඩ් උත්සහ කරමින්. එත් ඔයාගේ ඔය ලස්සන ඇස දෙකෙන් පුංචි පුංචි කදුළු කැට ගලාගෙන යනවා මං දැක්ක රත්තරන්. මට ඒවෙලාවේ කියාගන්න වචන නැති උනා අක්කේ. එකයි මං ඔයාව ජිවිතේ පලවෙනි වතාවටත් අන්තිම වතාවටත් බදාගත්තේ.
 

    එදායින් පස්සේ ඔයා මට හම්බුනේ නෑ අද වෙනකන්. ඔයාට මං කොච්චර කෝල් ගත්තද. ඔයාගේ ෆෝන් එක වැඩ කරෙත් නෑ එදා ඉදන් අද වෙනකන්. අද මං මෙහෙම ලියන්නේ අපේ අම්ම කියපු කතාවක් අහල. අම්මට කවුරුහරි කියල ඔයාට ගෙදරින් boy කෙනෙක් හොයල කියල marry කරන්ඩ. ඒ අය්යටත් මගේ වගේ ඇස් දෙකක් තියෙනවා ඇති කියල මට හිතුන. ඒ ඔයා marry කරනවානම් කරන්නේ මගේ වගේ ඇස් 2ක් තියෙන කෙනෙක් විතරයි කියපු හින්දා. මං ඔයාට සුබපතනවා රත්තරන්. මුළු හදවතින්ම. මට ආදරේ කරා වගේම එයාටත් ආදරේ කරන්න. ලස්සනට ජිවත් වෙන්න. ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න.
 

    මං දන්නවා කවම කවදාවත් ඔයාට මේක කියවන්න හම්බෙන්නේ නෑ. ඔයාට දැනගන්න හම්බෙන්නෙත් නෑ. එත් මං එදා වගේම අදත් හෙටත් හැමදාමත් ඔයාට ගොඩාරියක් ආදරෙයි මයෙ සුදු අක්කේ. ඔයාට බුදුසරණයි.

ඔයාලට මේ ගැන හිතෙන දේවල් කියලා යන්න!

8 comments:

  1. lassana kathawak aimath ennamko me paththe

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි. ඇවිත් යන්න එන්නකෝ. සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  2. පට්ට සිරා කව් ස්ටෝරියක්නේ... අනිවා ආයෙ එනවා..

    ReplyDelete
  3. kathawa nam ela ( oyagema athdekimakwada me sihina? ),,,,,,,,

    ReplyDelete
  4. අප්පා... එකම දුක්බර සිද්දියක් නේ....
    හිතත් ටිකක් රිදුනද මන්ද..
    හොදට ලියල තියෙනවා... සුබපැතුම්

    ReplyDelete
  5. හරියට දුක හිතෙන ලස්සන ආදර කතාවක්......මේ ඇත්තම අත්දැකීමක්ද ඔයාගෙ සිහින???

    ReplyDelete
  6. ගොඩක් දුක් බර කතාවක්.

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...