දුප්පත් ළමයයි තෑග්ගයි




මම මේ කියන්ඩ යන කතාව ගොඩක් පරණයි. මට මේක කිවේ අපේ තාත්තා. දැන් මම මේක අහලත් අවුරුදු 13ක් 14ක් ඇති. තාත්තා මේක අහල තියෙන්නෙත් තාත්තා පොඩි කාලේ. ඉතින් මේ කතාව කොච්චර පරණද කියල හිතාගන්ඩ පුළුවන්නේ. ඉතින් මේක සමහරු අහලත් ඇති. කලින් අහපු අයටයි නැති අයටයි හැමෝටම තමයි මේ කතාව. කියවල ඉන්ඩකෝ.

    ඔන්න එකෝමත් එක ගමක තිබුනා ස්කෝලයක්. මෙ ස්කොලෙ 5 වසර පන්තියේ හිටියලු බොහෝම අහිංසක එ වගේම ගොඩාක් දුප්පත් ලමයෙක්. එයාගෙ නම අපි කියමුකො ටිකිරි කියලා. ඉතින් මේ පන්තියෙ අනිත් ලමයි සේරම ටිකිරිට වඩා හුගාක් පොසත් උදවියගෙ ලමයි. ඒ නිසා ඒ ලමයින්ගෙන් නිතරම ටිකිරිට කරදර හිරිහැර විදින්න සිද්ද උනා. ගුරුවරුන්ටත් අනිකුත් ලමයින්ගෙන් තියෙන වාසි ටිකිරිගෙන් නැති නිසා කවදාවත් ටිකිරිට සධාරණයක් ඉ‍ටු උනේ නැ. එත් ටිකිරි පන්තියේ අනික් හැම ලමයටම වඩා හොදට ඉගෙන ගත්තා. ඒක තමා තාත්තා නැති ටිකිරිටත් ටිකිරිගෙ අම්මටත් තිබුනු ලොකුම සතුට. සැනසිම.

    දවසක් මේ ස්කෝලෙට ආවා අලුතෙන් ගුරුතුමෙක්. ටිකිරිලාගේ පන්තිභාර ගුරුතුමා විදියට. ඒ ගුරුතුමා දැකපු ගමන් ටිකිරිට හිතුනේ ටිකිරිට ඒ ගුරුතුමාගෙන්නම් සාධාරණයක් ඉටුවෙයි කියලා.

    ඉතින් ඔහොම ටික දවසක් යනකොට ගුරුතුමා උදේම පන්තියට ඇවිත් කිවා මෙහෙම.
"ලමයි තව සතියකින් ස්කොලේ ප්‍රදර්ශනයක් තියෙනවා. ඒකට ඔය ළමයි මොනවා හරි නිර්මාණයක් ඉදිරිපත් කරන්ඩ ඕනේ. හැම ළමයෙක්ම. තව කාරණයක් තියෙනවා. මේ ප්‍රදර්ශනේ සංවිධානය කරන්නේ ස්කොලේ නෙමෙයි. පිටරටින් ආපු හොද මහත්තයල කණ්ඩායමක්. මේ ප්‍රදර්ශනේ දිනන නිර්මාණය කරන ළමයට බොහොම තෑගි බෝග හම්බෙයි. ඒ හින්ද හැම ළමයෙක්ම බොහොම උනන්දු වෙලා තම තමන්ගේ නිර්මාණ කටයුතු කරන්ඩ ඕනේ. හැබැයි මේ නිර්මාණ තෝරන්නේ නම් ඒ මහත්තයලා ගාව ඉන්න පූසෙක්."
   
    ඔහොම කියල ගුරුතුමා යන්ඩ ගියා. ඒ වෙලාවේ ඉදන් හැමෝම කල්පනා කරේ තමතමන් කොහොමද තරගේ දිනන්නේ කියල. හැම ලමයම ගෙවල් වලට ගිය ගමන්ම අම්මට තාත්තට කියලා තමන්ට තෑග්ග ගන්ඩ විදියක් කල්පනා කරා. කට්ටියටම තේරුනා දිනන නිර්මානේ තෝරන්නේ පුසෙක් හින්දා මීයෙක්ව හැදුවනම් ලේසියන්ම දිනන්ද පුළුවන් කියලා. ඉතින් මේ සල්ලිකාර උදවියගේ ළමයි කාඩ්බෝඩ්, රිජිෆෝම්, ප්ලාස්ටික් වැනි නානාප්‍රකාර දේවල් යොදාගෙන ලොකු-කුඩා, කළු-සුදු විවිධාකාර මීයෝ හදන්ඩ පටන් ගත්තා.  

    ඉතින් අපේ කතානායකයා ටිකිරිත් ගෙදර ගිහින් අම්මට කිවා විස්තරේ. අම්මා කිවේ අනේ පුතේ මට ඕවා තේරෙන්නේ නැනේ උබම කල්පනා කරලා බලල හදපන්කෝ කියලා. එතකොට ටිකිරි කිවා බය වෙන්ඩ එපා අම්මේ, මං කොහොමහරි තරගේ දිනනවා කියලා. ඔහොම කියල ටිකිරිත් පටන් ගත්තා මීයෙක් හදන්ඩ.

    කොහොමින් කොහොමහරි තරගේ තියෙන දවසත් ආව. ටිකිරිත් ගියා ස්කෝලෙට උදේම. අනිත් ළමයිනුත් ඇවිත් හිටියා ඒ ළමයින්ගේ නිර්මාණ අරගෙන. ඒ හැමෝම ටිකිරි දිහා බැලුවේ හරිම සමච්චල් සහගත විදියට හරියට ටිකිරිට කවදාවත් දිනන්ඩ දෙන්නේ නැ වගේ.

    ඔන්න දැන් තරගේ පටන් ගත්තා. ළමයි හැමෝගෙම නිර්මාණ පෝලිමට තියලා සේරම දැන් බලන් ඉන්නවා නිර්මාණ තෝරන පුසා දිහා. ඔන්න පුසා දුවන්ඩ ගත්තා නිර්මාණ තියෙන පෝලිම ගාවට. හැමෝම බලන් ඉන්නේ තමන්ගේ එක ගාවට පුසා යයි කියලා. ඔන්න පුසා නැවතුනා එකක් ගාව. එක කටින් ගත්තු පුසා දුවගෙන දුවගෙන ගියා. හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා. ඒ අරන් ගියේ ටිකිරිගේ නිර්මානේ. ටිකිරි දිනුම්. ඔව් තෑගී සේරම ටිකිරිට. ටිකිරිට එදා ඉදන් කවදාවත් කාගෙන්වත් කරදරයක් උනේ නැ. හැමෝම ටිකිරිට ආදරෙන් සැලකුව. ගුරුවරුත් හොදින් ටිකිරි ගැන හොයා බැලුවා.
   
    දැන් මේ කතාව කියවන ඔයාලට වගේම එදා එතන හිටපු හැමෝටමත් ප්‍රශ්නයක් තිබුන. ඒ ටිකිරි මීයව හැදුවේ කොහොමද කියල. ටිකිරි එක හදල තිබුනේ කරවල කටුවකින්. ඔව් කරවල කටුවකින්.

    ඔව් අපිටත් පුළුවන් (මීයෝ හදන්ඩ නෙවෙයි ඈ) නැ බැ නොකියා වැඩේ කරනවානම් වැඩේ සාර්ථක කරගෙන ඉදිරියටම යන්න.

    ඔබට ජය !

2 comments:

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...