මට හිතුනුවා

සති දෙකක්ම හිටියේ නැනේ. සෑහෙන්ඩ දේවල් වෙලා තියෙනවා දැක්ක. සේරම වගේ ලිපි කියෙව්වා. අනේ තරහ වෙන්ඩ එපා කාටවත් කමෙන්ට් කරේ නම් නෑ.
මෙන්න මේ පහල කොටලා තියෙන්නේ පහුගිය සති දෙකේ මගේ හිතට ඇවිත් මැකිලා යන්නේ නැතිව දුරකතනයේ draft වෙච්චි එව්වා. මෙහෙම පල කරන්ඩ සුදුසුද මන්ද. එත් ඉතින් ඔන්න ඔහේ දැම්මා කොටලා කොටලා.

====================================================

කොහු ඇනෙන සයනයක
පුස් ගඳින් කොට්ටයක
හිස තියා නිදන්නට
අඳුර පමනකි ලඟින් පුරුදු ලෙස...

====================================================

පුන් සඳ දිලෙද්දී
දහක් තරු දකිද්දී
මිතුරු දම සිහිවෙවී
තෙරක් නැති සේ සාගරේ...

====================================================

නෙක මල් පොකුරු මැද
පිපුණු එක සුවද මල
සමුගන්න දැන් ලඟයි
හමුවෙන්න ප්‍රාර්ථනා...!

====================================================

සුවද මල් පෙති සිඹින
සුමුදු මුදු සීතල සුළඟ
රැගෙන එන ඔබේ සුවඳ
පමණි අද මට උරුම...
හොරෙන් දිවියට පැමිණ
පෙම් මලින් සුවඳ කර
සිත් අහස හැඩ කෙරුව
පුංචි සමනලිය ඔබ...

====================================================

රෑ අහස් කුස පුරා
    දිලෙන තනි තරුවක්ය
සුදු රෝස යාය මැද
    පිපුණු රතු මලක් නුඹ
ආකාසේ හැඩ කරන
    හැඩැති දේදුන්න ඔබ
දිවිය ඇති තෙක් තුරා
    මා ලඟින් සිටිනු මැන

2 comments:

  1. තනිකම පාලුව කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේ ලඟින්ම තියෙන දෙකක්නේ ! සමහර වෙලාවට කවුරුත් නෑ කියලා හිතුනත් , ලෝකෙ තියෙන සොඳුරුම ආශ්වාදය වෙන්නේ තනිකම . ඒ බව හොඳටම තේරෙන්නේ තමන් ඉන්න වටපිටාවත් ඒ විදිහට හරි ගැස්සිලා තියෙනකොට .... ඉතින් ඔය තනි කම මැද්දෙන් පාලු කපන්න ඉන්න කෙනා හරි පාළු කලන්න එන්න ඉන්නකෙනා හරි මතක් වෙනකොට මෙහෙම දේවල් හිතෙනවලු........... :D :D

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන්ද මන්දා දිනෙල්ක කියලා තියෙන්නේ. හිකිස් :D

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...