ඔයා මගේ වෙන තුරා...



ඔය ඇස් දැකලා මගේ ඇස් පෙරූ පිරුම්
ඔය හිත මගෙ කර ගන්නට සිතූ සිතුම්
හීන වලට ඔබ වැඩියේ හිතට හොරෙන්
එදා වගේ ඔබ තවමත් මගේ පැතුම්

දෑත් වෙලාගෙන මන්දාරම් අඳුරේ
කීව කතා මට සිහිවෙනවා නිබඳේ
දෙපා ඔබාගෙන ගලනා ගං ඉවුරේ
තුරුල් වෙලා උන් හැටි තාමත් සිහිවේ

සමනළියක වගෙ නිදහසේ තටු සැලුවා
හීන කතන්දර මා වෙත පැවසූවා
දුර සිටියත් ඔබ මගෙ හිත ළඟ සිටියා
ඇසිපිය සලනා විට ඔබ සිහිවෙනවා

ඈත අහසේ තරු කැටයක් වෙලා ඉඳන්
තනි රකින්න මට හැමදා දෑස් යොමන්
මේ ආත්මේ ලං වෙන්නට නොහැකි බැවින්
එන ආත්මවල අපි අපේ වෙමූ නිතින්...


12 comments:

  1. මේ ආත්මේ ලං වෙන්නට නොහැකි බැවින්
    එන ආත්මවල අපි අපේ වෙමූ නිතින්...

    හ්ම්ම්...හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි අපේ වෙමු ලබන ආත්මෙවත් :D

      Delete
  2. එළ බං.. මේකත් හීනෙන් ද ලියවුනේ? :p

    ReplyDelete
  3. ලස්සනයි !ඒනම් අපිත් ප්‍රර්ථනා කරා ඔන්න ලබන ආත්මෙදිවත් "අපි අපේ වෙන්න" කියලා .අදමද මන්දා ආවේ මෙහෙට !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලබන ආත්මෙදිවත් අපි අපේ වෙමු.
      ආයෙමත් එන්නකො වෙලාවක...

      Delete
  4. ලස්සනයි යාලු !!! :)

    ReplyDelete
  5. ආත්මෙටම කාවදින්න ලියලා. මැක්සා......
    කෝරලේ වලව්ව

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...