ජිවිත පරිච්චේද

පළමු පරිච්චේදය
      මුලින් මව් කුසට
      එතනින් මේ ලොවට
      අඬන්න, කෑගහන්න, කතාකරන්න, හිනා වෙන්න
      පෙර පාසලට
      ශිෂ්‍යත්වය

දෙවන පරිච්චේදය
      අලුත් ස්කෝලේ අලුත් යාලුවෝ
      10 වසර අලුත් ඉලක්කයක්
      සා පෙ කට උඩ ඔයා(1) මං ළඟ
      විභාගේ නූලෙන් ගොඩ

තෙවන පරිච්චේදය
      12 වසරට ඔයා ඈතට
      පරණ ස්කෝලේ අලුත් යාලුවෝ
      විභාගෙට මාස හයයි ඔයා(2) මං ළඟ
      ඒ පාරත් යන්තම් ගොඩ

සිව්වන පරිච්චේදය
      ආයෙත් ලියන්ඩලු
      අම්මයි තාත්තයි දෙන්නම කිවා
      තාමත් ඔයා මං ලග
      මං විභාගේ ළඟ
      මේ පාර මොනවා වෙයිද කවුද දන්නේ
   
පස්වන පරිච්චේදය
      ඔයා ගොඩක් දුර
      ආපහු නොඑන තරම් දුර
      ඒක තමා ලොකුම සැනසීම
      අපරාදේ ඔයාලා හින්දා අහක ගිය (මගේ ජිවිතේ) පරිච්චේද ටික.

8 comments:

  1. හ්ම් ලස්සනයි එත්..... :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි සිහින මදාරා
      ඇයි එත් කියලා නැවැත්තුවේ???

      Delete
  2. හ්ම්ම් හ්ම්ම්... ඔයා(1) ඔයා(2)... හික්... එච්චරමද දන්නැනේ.... :p

    ReplyDelete
  3. අම්මට සිරි සිහින...

    ReplyDelete
  4. කවුරු කොහොම කිව්වත් තමන්ගේ අනාගතේ හදාගන්න එක තියෙනෙන් තමන්ගේ අතේ. විභාගේ කියන දේ අනාගන්න එපා ජීවිතේම විඳවන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කොරළේ මහත්තයෝ

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...