ඔහොමත් යනවද පාරේ ? (16+)

යනවා නිතඹ ඉඟ සුඟ ඇගෙ ගස්සාලා
තාලෙට නටයි ඇගෙ පසුපස ඉස්සීලා
බාල මහලු තරුණ ගැටව් නැවතීලා
ඇගෙ රූසිරි නරඹයි ඇස් කටෙහීලා

හෙමින් ඇදෙන සුලඟ කරයි කවටකම්
අවුල් කරයි ඇගෙ කෙහෙ‍රැලි යම් තරම්
කූරු කරපු කොන්ඩයනම් ඉස්තරම්
ගාල වගේ තැන් තැන්වල පාටනම්

සංසාර සංචාරේ...නවවන දිගහැරුම...

"වරෙන්කො. නගිමු ඇතුලට. මෙතන බඩ උලන් ඉඳල වැඩක් නෑනෙ". අරෝශයටත් ඇති වෙලා.
"හ්ම්ම්. නගිමුකො."
නැග්ග තමයි. දොර ගාව තමයි ඉන්ඩ වෙන්නෙ. මොකෝ සේරම පෙරලගෙන කකුල් පාගගෙන බඩවල් මිරිකගෙන කෙල්ල ගාවට යන්ඩයෑ. සෙනග තව ටිකක් පිරුනමවත් ඉස්සරහට යන්ඩ ට්‍රයි එකක් දෙන්ඩ ඕනෙ. වෙනදටනම් කොන්දා ඇවිත් මෙලහටත් බලෙන්ම ඉස්සරහට යවල. අද මගෙ කරුමෙටද කොහෙද කොන්දාත් නෑ තවම. ශික් විතරක්.

ඕනේ රෙද්දකට.


සමහරුන්ට රෙදි වැනිය හැක. සමහරුන්ට රෙදි වැනිය නොහැක. වර්තමාන ලෝකයේ පුද්ගලයන් වර්ග 2ක් එසේ වේ. තවත් වර්ග 2කට ලෝකයා බෙදිය හැක. ඒ රෙදි වනන පිරිස හා රෙදි වනන්නේ නැති පිරිසය. මෙම රෙදි වනන පිරිසට තමන්ගේම කියා රෙද්දක් වනාගැනීමට නොහැකි වු විට අනුන්ගෙ රෙද්දක් උවද තමන්ගේ වගේ වනාගනිති. මෙය හුදෙක්ම අවුලක් නැත. නමුත් අවුල මතුවන්නෙ එම රෙද්ද රෙදි අයිති කාරයා විසින් ඔහුට අවශ්‍ය ආකාරයට කපා කොටා හැඩ වැඩ දමා මසාගත් එකක් වූ විටය. එවැන්නක් සොරාගෙන තමන්ගේ වැලේ වනාගන්නා පුද්ගලයාට අබ සරණය. ඔවුන්ට ඇතිවන්නට ලැජ්ජාවක් නැති නිසා විටෙක අවුලක්ද නැත්තේය. නමුත් දිනෙක රෙදි හොරාට යමක් සිදුවනු නියතය. එබැවින්, අනුන්ගෙ රෙද්දක් හොරෙන් ගෙන තමන්ගෙ වගෙ තමන්ගෙ වැලේ වනාගන්නා අය ප්‍රවේසමෙන් ජිවත් විම හොඳය. නැතිනම් දිනෙක අනුන්ගෙ රෙද්දකින් වසාගැනීමට තැත් දැරූ නිරුවත ලොවටම හෙලිවනු ඇත.