ඔහොමත් යනවද පාරේ ? (16+)

යනවා නිතඹ ඉඟ සුඟ ඇගෙ ගස්සාලා
තාලෙට නටයි ඇගෙ පසුපස ඉස්සීලා
බාල මහලු තරුණ ගැටව් නැවතීලා
ඇගෙ රූසිරි නරඹයි ඇස් කටෙහීලා

හෙමින් ඇදෙන සුලඟ කරයි කවටකම්
අවුල් කරයි ඇගෙ කෙහෙ‍රැලි යම් තරම්
කූරු කරපු කොන්ඩයනම් ඉස්තරම්
ගාල වගේ තැන් තැන්වල පාටනම්


පාරෙ දුවන වාහන නම් ස්ලෝ වෙනවා
හෙමින් සැරෙ හෝන් සද්දෙ පැතිරෙනවා
පාරෙ කොල්ලො වාහනයට ඔරවනවා
ඒ උනාට ඈ නම් සිනහව දෙනවා

ඉර එලියට දිලිසෙනවා ඇගේ හම
ගාල වගේ වෙල්වට් සබන් හැමතැනම
වේගෙන් ගියොත් ඈ පසු පස්සේම මම
ගෑවෙනු වත් හැකිය ඇගෙ හුරතල් අතේ මට

අඩි හතරක් ඉස්සරහින් ඈ යනවා
සුලඟට ඇගෙ පියරු සුවඳ මට එනවා
දුවන් ගිහින් බදාගන්ඩ හිතෙනවා
පාර හින්ද දිව කාගෙන ඉන්නවා

ඔන්න මෙන්න ගෑවි ගෑවි අපි දැන් යන්නේ
මූණ දකින ආසවක් හිතට එබෙන්නේ
ඈ ඉස්සර කරගෙන මට යන්න හිතෙන්නේ
ලස්සන පින් පාට මුණ මැවිල පෙන්නේ

මං ඉස්සර කරා ඇයව වම් අත පැත්තෙන්
දකුණ බැලුවා එයා හෙමින් එකම නිමෙශෙන්
ගස්සපු අත ගෑවුන මගෙ අතේ සනීපෙන්
දිව්‍යලෝක මෙට්ටෙක සුව දැනුන මට එයින්

කර කපාපු හැට්ටෙ ඇගෙ හරිම ලස්සනයි
මැදින් පේන කැටේ ගොඩක් පිරිල ඇති හැඩයි
මටත් කාසියක් ඒකට දාන්නට හිතයි
පින් කැටයේ අයිතිකාර මෑන් ගොඩ තමයි

තියන ගානෙ අඩියක් කැට හෙල්ලෙනවා
උඩයන හැට්ටෙ යට සුදු බඩ එලි වෙනවා
අම්මො ! දකින දසුනින් ඇස් ලොක් වෙනවා
ඇස් පිය ගහන හැටිත් මතකෙන් ගිලිහෙනවා

ගත්ත රෙද්ද මදි උනාලු සාය මහන්ඩ
නූල් තිබ්බෙ නෑලු මහල ඉවරකරන්ඩ
අව්ව සැරට පිච්චෙනවා සුදු කකුල් දෙක
අත් දෙකෙන්ම හිතෙනව මට වහන් කරන්ඩ

අරන් යනව ඔයා මැනික මගේ ගෙදරට
‍රැජිනක් වගේ අන්ඳනවා දුහුල් සලු පොට
වැඩ මොකවත් කරන්න නෑ සුදූ ඔයාට
මං එනකොට යහන්ගැබේ ඉන්න දෙව්දුව

හුටා! දැනුයි දැක්කේ මම මූණ ඔයාගේ
හීන මාලිගා බිඳුනා වීදුරු වාගේ
අලුතෙන් ආ ගණන් ටීච කරීනා වාගේ
කතා උනා අපි හැමෝම රහසින් වාගේ

එයා හැරුනා මගේ දිහා ඊලඟ මොහොතේ
ඇස් උඩ ගියා හකු ඇලවුනා විස්මයෙන් වගේ
කට උල් උනා තොල් තෙත් කලා ඉඹින්නට වගේ
මේ මොනාද වෙන්න යන්නෙ මට මහ පාරේ

ආ ඇම්ඩන් කොහේද මේ රස්තියාදුව
යනව ගෙදර ගිහින් ගන්නවා ගණන් පොත
දෙකේ චක්කරේ හෙටවත් පාඩම් දෙන්ඩ
නැත්නම් හෙටත් මට වෙන්නේ දනගස්සන්ඩ



6 comments:

  1. ඔය වමෙන් ඉස්සර කරලා ගෑවුනොත් එහෙම වරද සම්පූර්ණයෙන්ම ඉස්සර කරපු එකාගේ හරිද, ඇම්ඩන්?

    ReplyDelete
  2. හුටස්පරේ.... මදැයි වෙච්චි දෙයක්....

    ReplyDelete
    Replies
    1. හුටස්පරයක් නේන්නම්...! සාදරයෙන් පිලිගන්නවා මෙහාට...

      Delete
  3. නියම කවියක්නෙ. ඒක තමයි කියන්නෙ පාරෙ යනකොට පරිස්සමින් යන්න කියල.

    ReplyDelete
    Replies
    1. කවිය නියමයිනම් එච්චරයි...
      සාදරයෙන් පිලිගන්නවා මෙහාට....

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...