හුගාක් කාලෙකින් ආවේ

පින්තුරේ නම් ගැලපෙන්නේ නෑ. ගණන් ගන්ඩ එපා ඈ

හපුච්චේ. අද තමයි දවස් දහයකින් හරි හමන් විදියට blog එකට ගොඩ උනේ. ඊයේ රෑ ඇවිත් කොමෙන්ට් කරලා තිබ්බ අයට රිප්ලයි කරා. ඊට පස්සේ ඉතින් දවස් ගානකින් ඇඳ බදාගෙන හොද.......ට දොයියගත්තා. දැන් තමයි කස්ටියගේ පෝස්ට් කියෙව්වේ. හැබැයි ඔන්න කාටවත්ම කොමෙන්ට් කරන්ඩනම් බැරි උනා. අනේ ඉතින් තරහ වෙන්ඩ් නම් එපා ඈ. මං හරි පවුනේ. දැනුත් මේ පට්ට මහන්සියි ටවුන් ගිහින් ඇවිත්.

ඔයා මගේ වෙන තුරා...



ඔය ඇස් දැකලා මගේ ඇස් පෙරූ පිරුම්
ඔය හිත මගෙ කර ගන්නට සිතූ සිතුම්
හීන වලට ඔබ වැඩියේ හිතට හොරෙන්
එදා වගේ ඔබ තවමත් මගේ පැතුම්

දෑත් වෙලාගෙන මන්දාරම් අඳුරේ
කීව කතා මට සිහිවෙනවා නිබඳේ
දෙපා ඔබාගෙන ගලනා ගං ඉවුරේ
තුරුල් වෙලා උන් හැටි තාමත් සිහිවේ

සමනළියක වගෙ නිදහසේ තටු සැලුවා
හීන කතන්දර මා වෙත පැවසූවා
දුර සිටියත් ඔබ මගෙ හිත ළඟ සිටියා
ඇසිපිය සලනා විට ඔබ සිහිවෙනවා

ඈත අහසේ තරු කැටයක් වෙලා ඉඳන්
තනි රකින්න මට හැමදා දෑස් යොමන්
මේ ආත්මේ ලං වෙන්නට නොහැකි බැවින්
එන ආත්මවල අපි අපේ වෙමූ නිතින්...


The Benson Sculpture Garden

මට මේ පින්තූර ටික හම්බුනේ ඊයකින්. ඇත්තටම ලස්සනයි කියල හිතුනු හින්දා මට හිතුනා ඔයාලත් එක්ක බෙදා ගන්ඩ. අන්තිමට පොඩි විස්තරයකුත් තියෙනව. කියවලම යන්න.

ඔන්න ඔහොමලු උනේ...


අද මගේ පෝස්ට් එකනම් ටිකක් අමුතුයි වගේ. කියවල බලල හොඳ නරක කියලම යන්න කියල තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ.

ඉස්සර කාලෙක හිටියා මෝඩ ජෝඩුවක් ගම්බද
මැටි අප්පුයි ගොන් අප්පුයි කියල කිව්වේ ඒ දෙන්නට
අතේ සතේ නැතත් යනවා හැම රෑටම බීගන්නට
එදත් ගිහිල්ලා එනකොට වෙලාව ඇති දොළහා විතර

( කහපාටින් කතා කරන්නේ මැටි අප්පු. නිල්පාට ගොන් අප්පු. පටලගන්ඩ් එපා )

ඇබැද්දිය


මං දවසක් යනවා පන්ති නැගලා බස් එකේ
සීසන් තිබ්බ හින්දා මම ටිකට් නොගත්තේ
හම්බ උනා සීට් එකක් පිනකට වාගේ
ඉඳගත්තා මං හොඳහැටි ජනේලේ අයිනේ

නැග්ගා ලස්සන කෙල්ලෙක් ඉස්සරහ දොරෙන්
ආවා මැද්දට එනකන් පූස්‌ ගමනකින්
ලස්සන ගැන වචන නැනේ කියන්නට ඉතින්
ඇස්දෙක මං කැරකෙව්වා ඒ දිහා හෙමින්



මගේ ජීවිතේ මං නුඹෙ නමින් පුදන්නම්


පිපෙන්නට වෙර දරන මල් කැකුල නුඹ නම්
    පිපෙන්නට වෙර දෙන්න මං හිරුම වෙන්නම්
ලොව සුවඳවත් කරන සුගන්ධය ඔබ නම්
    සුවඳ ගෙන හමා යන සුළඟ මං වෙන්නම්

රොන් සොයා පියාඹන සමනලිය ඔබ නම්
    මලක් වී මං නුඹට රොන් ගඟක් වෙන්නම්
දිලෙන්නට තරුවක්ව නුඹට දැන් අවැසිනම්
    දිලෙන්නට මඟ සදන රෑ අහස වෙන්නම්

හිතේ දුක නිවන්නට නුඹට දැන් අවැසිනම්
    නුඹේ නෙත් අග රැඳෙන කඳුළු බිඳ වෙන්නම්
කඳුළු පිසදා සදාකල් සිනා සෙන්නට ඕනෙනම්
    ඔබෙ මුවේ පොපියන සිනා රළ වෙන්නම්
   
ජීවිතේ පුරාවට නුඹ මගේ වේ නම්
    මගේ ජීවිතේ මං නුඹෙ නමින් පුදන්නම්
ලඟින් ඉන්නට සෑමදා මට ඉඩක් දෙනවානම්
    සසර සරනා තුරා ඔබ ලඟින් හිඳින්නම්

අමිහිරියාවක මිහිරිය...


    අහස අමුතුයි අද. වෙනදට වඩා. රෑ කළුවරයි වැහි අඳුරයි එකතු වෙලා අහසට අමුතුම ගුප්ත බවක් ආරුඩ කරලා. තරුවක්වත් නැති අහස දිහා මං මොකට බලාගෙන ඉන්නවද මන්ද. ඈත අහසේ එක පාරට හීනි විදිලියක් කෙටුව. හරියට මගේ මතකෙට එක පාරට ඔයාව එනවා වගේ. විදිලිය කොටලා නැති වෙලා ගියාම අහසට වගේ වගක් නෑ. අහස දන්නේ නෑ විදුලියක් කෙටුවද කියලවත්. එත් ඔයා මගේ හිතට ආවම??? කවදාවත් විදිලියක් වගේ නැති වෙලා ගියේ නෑ. හැමදාම මගේ හිතට වද දුන්න.

තවත් එක් කතාවක්...


අද හුඟාක් හයියෙන් වහිනවා.
ඔව්. එදා වගේම හුඟාක් හයියෙන්.
 

    නැටුම් පංති ගිහින් ඇවිත් යාළුවෝ ගියාට පස්සේ තනිවුනු මම ගමේ බස් එක එනකන් කියල එතන තිබුණු කඩපිලට ගොඩවුනේ නොතෙමී ඉන්න. මහ දවල් උනත් වැහි අඳුර හින්දා මහා කරුවලක් තිබුණු ඒ මොහොතේ පාර දිහා ඉස්සි ඉස්සි බලාන හිටියෙ සුපුරුදු බස් එක එනකන්. එත් බස් එක වෙනුවට මගේ ඇස දෙකට පෙනුනෙ ලස්සන නිල් පාට පුංචි කොටු පිරුණු අත්දිග ෂර්ට් එක වැලමිට ගාවට නවාගෙන, මහා දඟකාර, ඒ උනත් අහිංසක හිනාවක් මූනේ තියාගෙන යාලුවෙක් එක්ක එක කුඩේ තෙමි තෙමී කෑගගහ ආපු ඔයාව.

ජිවිත පරිච්චේද

පළමු පරිච්චේදය
      මුලින් මව් කුසට
      එතනින් මේ ලොවට
      අඬන්න, කෑගහන්න, කතාකරන්න, හිනා වෙන්න
      පෙර පාසලට
      ශිෂ්‍යත්වය

දෙවන පරිච්චේදය
      අලුත් ස්කෝලේ අලුත් යාලුවෝ
      10 වසර අලුත් ඉලක්කයක්
      සා පෙ කට උඩ ඔයා(1) මං ළඟ
      විභාගේ නූලෙන් ගොඩ

සිතේ ඇතිමුත්

සිතේ ඇතිමුත් සිතුම් ගොන්නක් පනින්නට මෙන් සිරවෙලා
පනින්නට නැ ඉඩක් එලියට වචන ඉනිමග මදි වෙලා
ජනේලෙන් පෙනෙනා අදුර අද මගේ දිවියට සම වෙලා
කියන්නට මට ඔබ ලඟක නැත මේ රැයේ මම තනිවෙලා...

හැගුම් දහරක් හිතට ආවම අකුරු කලේ මං ඔබට නිසා
හැගුම් දහරට තනි රැක්කේ ඔබ දිවා එලි කල හිරු වෙලා

ගත්තත් ලියන්නට

ගත්තත් ලියන්නට මොනවහරි
     අතට පෑනක් කොලයක්...

ආවත් ලියන්නට වචන 
     කොලේ පුරා දහසක්...

ඔබ ගැනයි සේරම
     නොවේ අන් එකදු වදනක්...

ඇයි ගියේ ඈතට, දී
     මහමෙරක් වන් දුකක්???

ටෝච් එක


සිහින කොලුවා පොඩි කාලේ සිද්දියක් ඔන්න මේක.
   
    සිහින කොලුවාගේ නැන්දා ඒ කාලේ වැඩ කරේ Garment එකක. ඉතින් නැන්දා වැඩට ගිහින් වැඩ ඉවරවෙලා ගෙදර එනකොට ටිකක් හවස් වෙනවා. ඒ හවස ආපු ගමන්ම නැන්දා කරන්නේ මුලින්ම වත්ත පහල තිබුණු ළිඳට ගිහින් නාගෙන එන එක. ඉතින් නැන්දා නාලා එහෙම ඉවර වෙලා ගෙදරට එනකොට කළුවරයි හොදටම. වත්තේ සත්තු සර්පයොත් ඉන්න හන්දා, උන්ටත් අනක් ගුණක් නැති හන්දා තමන්ගේ ආරස්සාවට කියලා නැන්දා හැමදාම නාන්ඩ යනකොට ටෝච් එකක් ගෙනිච්චා.

තාමත් මං ඔයාට ආදරෙයි

ඔයා මීට වඩා ගොඩාක් ලස්සනයි
    එදා බ්‍රහස්පතින්දා දවසක්. අපි හැමදාම පන්තියේ ඉන්නේ අන්තිම පෝලිමේ. ඒක අපේ පුරුද්දක්.
   
    එදත් ඉතින් පුරුදු විදියට කයිය ගහගෙන ගණන් ටික හදාගෙන හිටියා අපි සෙට් එක. ඔන්න ආව මට කෝල් එකක්. අදුරන්නේ නැති ඩයලොග් නම්බර් එකක්. කතා කරන්ඩ බැ මට. මොකද අපේ තාත්තද කියල සැකයක් මතු උනා. කොහොමහරි එදා interval  වෙනකොට මට miss call 3ක් විතර තිබ්බා. මාත් ඉතින් බලන් හිටියා ගත්ත කෙනා ආපහු ගන්නකන්. ඔන්න මට ආවා කෝල් එක.

ඉස්සර දවසක

ඉස්සර දවසක ඔබ එනතෙක් මම පාර බලා හිට්යා
ඔබේ සුවඳ වැදී ලපටි පොහොට්ටුත් විකසිත මල් වුවා
ඔබ එනවා දැක සුළග ඇවිත් මට රහසින් වගේ කීවා
ඔබගේ සෙනෙහස මාගේ දිවියට සෙවනැල්ලක් වුවා

     මල් පෙති ඇතිරූ ලස්සන ලෝකෙක ඔබ මා රැගෙන ගියා
     ඒ මල්පෙති මැද ඔබට තුරුල් වී මම පෙම් සුව වින්දා

දුප්පත් ළමයයි තෑග්ගයි




මම මේ කියන්ඩ යන කතාව ගොඩක් පරණයි. මට මේක කිවේ අපේ තාත්තා. දැන් මම මේක අහලත් අවුරුදු 13ක් 14ක් ඇති. තාත්තා මේක අහල තියෙන්නෙත් තාත්තා පොඩි කාලේ. ඉතින් මේ කතාව කොච්චර පරණද කියල හිතාගන්ඩ පුළුවන්නේ. ඉතින් මේක සමහරු අහලත් ඇති. කලින් අහපු අයටයි නැති අයටයි හැමෝටම තමයි මේ කතාව. කියවල ඉන්ඩකෝ.

ඔලුවේ කැක්කුම




1ත් පසුවී ඇතත් නිදි දෙව්දු තව නැතේ
ඇස දෙකට උඩින් මගේ ඔලුව නම් දැන් රිදේ
පැලුනත් ඔලුව මගේ මට කමක් දැන් නැතේ
සතුටක්ය එය මහත්,
                             රිදෙන්නට ඔලුවක් ඇතේ...

හිමි නැති ආදරයක්


 
මසිතට හිමි නැති ආදරයක් ලග
     මගේ හිත නැවතිලා
මගේ කරගන්නට බැරි ඇස දෙක ලග
     මගේ ඇස නැවතිලා
මට නොලැබී ගිය ඔබගේ සෙනෙහස
     ඔහු හට හිමිවෙලා
ම ලග සිටි ඔබ දැන් මා ලග නැත
     මා දැන් තනිවෙලා..

තරුකැට දෙනෙතින්

තරුකැට දෙනෙතින් මා දිහා බලා
    ඔබ එදා කියූ ඒ කතා
තාලෙට සැලෙනා ඇස් පිය අතරින්
    ගීතයක් සේ හද රැදුනා
මගේ කර ගන්නට පෙරුම් පිරු මම
    හීනෙන් ඔබ ලග තුරුළු උනා
ඔබ මගේ නොවෙනා බව දැන දැන මම
    ඔබේ ආදරේ සුව හෙව්වා...