සංසාර සංචාරේ...හයවන දිගහැරුම...

කලින් කොටස් මෙතනින්...

"මෙ මචන්, ලබන මාසේ ඉදන් ක්ලාස් පටන් ගන්නවා. යමු නේද බං" එහෙම කීවෙ අරෝශය ගෙදර ආපු වෙලාවක.
"ඔව් බං. ජූනි විතර ස්කොලෙත් පටන් ගනීනෙ"
"තව කවුද බං අපිත් එක්ක ක්ලාස් යන්ඩ සෙට් වෙන්නෙ බං?"
"අනේ මන්ද බං. රුවනා එයි සමහරවිට. ඌ තවම හිතල නෑ කිවා".
"එහෙමද. සෙට් වෙන එකෙක් සෙට් වෙන්නේ නැතෑ නේද බං? අපි ගිහින් බලමුකෝ"
"ආ ක්ලාස් යන්ඩ ඉතින් සෙට් පිටින් නම් ඕනේ නෑ. තමන්ගේ වැඩේ තමන් කරගත්තානම් ඉවරනේ. අනික ඉතින් තමුසෙලා සෙට් උනොත් කරන්නේ වල බහින එකනේ". එහෙම කියාගෙන කාමරේට ආවේ තේ දෙකකුත් අරගෙන අක්කා.


------------------------------------------------------------------------------------

"...ආයුබෝවන් ළමයි. ඔයාල අද මේ ඇවිත් ඉන්නේ ජීවිතේ තීරණාත්මක කඩයිමක් පසුකරන්න අවශ්‍ය මාර්ගය හඳුනගන්ඩ. අපි කරන්නේ ඔයාලට ඒ ගමන යන්ඩ ඕනේ කරන අඩිතාලම දාල දෙන එක. අපි පාර පෙන්නන්නම්. ඔයාලට කරන්ඩ තියෙන්නේ මමයි මේ සහෝදර ගුරුවරු දෙන්නයි පෙන්නලා දෙන ඒ පාර දිගේ පිළිවෙලකට ගමන් කරන එක...."

එහෙම කියල සුනිල් සර් දේශනේ පටන් ගත්තා. අද තමා අපේ ක්ලාස් එකේ පලවෙනි දවස. සුනිල් සර්ගේ ආරම්භක දේශනේ නම් නිදිමතයි. හැබැයි ඉතින් මේ පැත්තේ ඉන්න සුපිරිම ගිණුම්කරණ ගුරුවරයා. අරෝශයටත් මට වගේම නිදිමතද  කොහෙද. ඌනම් හොරෙන් හොරෙන් ඈනුම් දෙක තුනකුත් ඇරියා. එදා දවස එහෙම්මම දේශන වලට ඉවර උනා. පාඩම් පටන් ගන්නේ ලබන සතියේ ඉඳන්. ඒ කියන්නේ ලබන සතියේ ඉඳන් ගේම.
ක්ලාස් ඇරිලා අපි සෙට් එකක්ම ටවුමට ආව. අලුතෙන් සෙට් වෙච්ච උන්ටයි පරණ උන්ටයි සමුදීලා අපේ බස් එක ගහන තැනටත් ආව. ගෙදර යන්ඩ තිබුනෙත් එකම එක බස් එකයි. එකෙත් සෙනග පිරිලා හොඳටම. යන්ඩ ගියාම එපා වෙනවා ඉතින් දැන්.
"අඩේ ඕකේ නැගල හිරවෙලා තැම්බෙන්ඩ බෑ බං." අරෝශයටත් එපා වෙලා.
"මාත් ඒකම තමයි බං හිතුවේ. මෙහෙම ඉඳල යනකොට එල්ලෙමුද?"
"හා. එහෙම කරමු."
විනාඩි දහයකින් විතර බස් එක ඇද්දුවා. අපි දෙන්නත් පිටිපස්සේ  දොරේ එල්ලුනා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් එලියට දානවත් එක්කම ආයෙම නැවැත්තුවා. ඩ්‍රයිවරයටත් පිස්සුද මංදා. ඇඟිල්ලක් ගහන්ඩ බස් එකේ ඉඩ නැතිව තව කොහාට පටවන්ඩද මන්ද නවත්තන්නේ. බස් එක නවත්තනවත් එක්කම එතන හිටපු සෙනග ඈත් මෑත් වෙලා මතු උනේ දැකල පුරුදු මූණක්. සඳලි අක්කා! මූණ බලබල දැක්කේ නෑ වගේ යන්ඩ බැරි නිසා කකුලක් එළියෙන් තියල අක්කට නගින්ඩ ඉඩ දුන්නා. දැන්නම් මගේ කකුලයි අතයි විතරයි බස් එකේ යන්නේ. මම එළියේ.
ටිකක් වෙලා ගිහින් "අමාරුද වරුණ?" අහනවා හීනි කටහඬකින්. එලියට දාගෙන හිටපු මූණ යාන්තමට හරවල බැලුව. සඳලි අක්කත් අහන ප්‍රශ්න. ආයේ ඉතින් අමාරුයි කියන්ඩයෑ.
"නෑ අක්කේ" කියල ආයෙමත් ඔලුව එලියට දාගත්තා. ඒ අස්සේ කොන්දා එනවා ටිකට් කඩාගෙන.
"ඔය දොරේ ඉන්න මල්ලිලා සල්ලි ගන්ඩ..." ඌ කෑගැහුවට අපි කොහොමද සල්ලි ගන්නේ. හරිනම් ඉතින් සල්ලි දෙන්ඩ ඕනෙත් බාගේ ටිකට් එකකට. මොකද මගෙන් බාගයයිනේ බස් එකේ යන්නේ. මෙහෙම දොරේ එල්ලිලා ඉඳගෙන සල්ලි අදින්ඩ ගියොත් මෝචරියට හරි ඉස්පිරිතාලෙට හරි තමා ටිකට් ගන්ඩ වෙන්නේ.
"බැහැල දෙන්නම් අයියේ. මෙහෙම ඉඳන් දෙන්ඩ බෑනේ..." අරෝශයට ආපු තරහ වචන වෙලා කටින් එලියට පැන්නා.
"පාලම ගාව දෙකයි. හතරේ කනුව ගාව එකයි" ඒ සඳලි අක්කගේ කටහඬ. එයා අපිටත් එක්ක ටිකට් අරගත්තා.
------------------------------------------------------------------------------------

"අඩේ මං එහෙනම් බැස්සා ඈ..." අරෝශයා බස් එක නවත්තන්ඩත් කලින් එලියට පැන්නා.
"මං යනවා වරුණ." ඒ සඳලි අක්කා.
බස් එක අද්දද්දී ආයෙමත් දොරේ එල්ලිලා කිසිම හේතුවක් නැතුව සඳලි අක්කලෑ දිහා බැලුවා. සඳලි අක්කගේ ඇස දෙකේ තිබුණු ඒ බැල්ම...! රශ්මිගේ ඇස්දෙකෙන් මං හොයපු දේ....!

------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------
  සංසාර සංචාරේ...හත්වන දිගහැරුම...

9 comments:

  1. අක්කෙක් ?

    නරක නැහැ ;)

    ReplyDelete
  2. මාර ඇස් දෙකක් නේ....

    ReplyDelete
  3. හෆූ අපි නගින්න ගියොත් පුවක් ගහෙත් දෙබල්.ඉදලා ඉදලා ලස්සන කතාවක් දැකල කියවන්න ආව-ඒකටත් අක්කා කෙනෙක් ඇවිත් මැද්දෙන් පැනල!

    ReplyDelete
    Replies
    1. බලමු නේද ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑනේ. :P

      Delete
  4. අක්ක කෙනෙක්ද.. අවුලක් නෑ බං.. බලමු ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. අක්කලා උනාම මොකෝ නෙහ්? :P

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...