වීදි දරුවා...

පරණ පොත් ගොඩක් අවුස්සද්දි  ටියුට් එකක් අස්සේ තිබිල අද මට මේ කවි පෙළ හම්බුනේ. ලියන්ඩත් මුකුත් නැති එකේ මේකවත් දානවා කියල හිතුන. A/L වලට පංති යන දවස්වල ලියපු එකක් මේක.

අහස අහිමි වුනු කිරිල්ලියක් නුඹ
ලස්සන සපිරුණු අත්තටු දිලිසෙන
පූරුවේ කල පිං මදි වෙලාද අද
අහස බලාගෙන හූල්ලන්නේ හිත...

සිත ගත නිවනා සුළඟ අකැප නුඹ
ගත සම දැවෙනා හිරුගේ කිරණ මැද
කළු දුම් වලාව යට නෙත් පියාන
මෙනෙහි කරනවද දිවියේ නිසරු බව...

කතරක පීදුණු ගසක් වගේ වුව
නුඹේ මවත් එක් මවකි මෙලෝ මත
පිටට ඇලුණු නුඹේ මවගේ පපුව දැක
තේරුම් ගන්නට හැක නුඹේ දුක මට...

නුඹ ජීවත් වෙයි පාර උරුම කොට
කාගේ වරද වුව එයට හේතු කීම
හේතු සොයන්නට නැත මට අවසර
කුසගිනි නිවුමට ආ මගේ බත් පත.....




මැදියම් ‍රැයේ සිතුවිල්ල...



සමනලුන් ඉකිබිඳින
රැහැයියන් නිහඬවන
මේ පාලු තප්පරය
විඳගන්න බෑ මට
ඔබට පෙම් කල
ඔබෙන් සෙනෙහෙ ලද
හදවතට...
ඉකි ගසයි කඳුළු කැට
දෙනෙතින් එලියට නොපැන
විටෙන් විට ගැහෙන
හදවතේ
අඳුරුම මුල්ලක සිට...
අන් කිසි දෙයක් නොවේ
කෑගසා ඉල්ලන්නේ
ඔබ රැගෙනගිය
මගේ ජිවිතයේ කොටස...



සැරෙන් සැරේ හිතට එන චූටි චූටි පද පේලි ලියලා කවි පි‍ටුව පටන්ගත්තා. කැමති අය මෙතනින් ගොඩවෙලා බලන්නකෝ...

අහිමි ආශා...

නිල් තණ පළසක
සීමා බිඳහැර
සමනලු පසුපස
දුවන්න ආසයි...

පෙනකැටි විසිරෙන
ගඟ ළඟ ඉඳගෙන
ජල කඳ අතරේ
පාද දොවන්නට ආසයි...

සිඟිති ළමා කැළ
ඈතින් දැක්කම
නටන්න ගයන්න දුවන්න පනින්න
එක්වෙන්නට ආසයි...

ආසා කොතෙකුත්
හිත යට රැඳුනට
අවනත නැති පා
සොලවනු බෑ මයි...



මට හිතුනුවා

සති දෙකක්ම හිටියේ නැනේ. සෑහෙන්ඩ දේවල් වෙලා තියෙනවා දැක්ක. සේරම වගේ ලිපි කියෙව්වා. අනේ තරහ වෙන්ඩ එපා කාටවත් කමෙන්ට් කරේ නම් නෑ.
මෙන්න මේ පහල කොටලා තියෙන්නේ පහුගිය සති දෙකේ මගේ හිතට ඇවිත් මැකිලා යන්නේ නැතිව දුරකතනයේ draft වෙච්චි එව්වා. මෙහෙම පල කරන්ඩ සුදුසුද මන්ද. එත් ඉතින් ඔන්න ඔහේ දැම්මා කොටලා කොටලා.

====================================================

කොහු ඇනෙන සයනයක
පුස් ගඳින් කොට්ටයක
හිස තියා නිදන්නට
අඳුර පමනකි ලඟින් පුරුදු ලෙස...

====================================================

පුන් සඳ දිලෙද්දී
දහක් තරු දකිද්දී
මිතුරු දම සිහිවෙවී
තෙරක් නැති සේ සාගරේ...

====================================================

නෙක මල් පොකුරු මැද
පිපුණු එක සුවද මල
සමුගන්න දැන් ලඟයි
හමුවෙන්න ප්‍රාර්ථනා...!

====================================================

සුවද මල් පෙති සිඹින
සුමුදු මුදු සීතල සුළඟ
රැගෙන එන ඔබේ සුවඳ
පමණි අද මට උරුම...
හොරෙන් දිවියට පැමිණ
පෙම් මලින් සුවඳ කර
සිත් අහස හැඩ කෙරුව
පුංචි සමනලිය ඔබ...

====================================================

රෑ අහස් කුස පුරා
    දිලෙන තනි තරුවක්ය
සුදු රෝස යාය මැද
    පිපුණු රතු මලක් නුඹ
ආකාසේ හැඩ කරන
    හැඩැති දේදුන්න ඔබ
දිවිය ඇති තෙක් තුරා
    මා ලඟින් සිටිනු මැන