සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...

"මල්ලී..මල්ලී...නැගිටිනවා...අන්න ඔයාට කෝල් එකාක්..."කියල කෑ ගහල අක්ක මාව ඇහරවද්දී මං හිටියේ හොඳ නින්දක. මොකාද කියල අක්කාගෙන් අහන්නේ නැතිවම ෆෝන් එක ගාවට යනකොට තමයි දැක්කේ වෙලාව උදේ හතයි කියල.
"හෙලෝ..." කියල නිදිමරගාතේ ෆෝන් එක කනේ තියාගත්තා මං.
"මොකද උරුලෑවෝ තොගේ ෆෝන් එකත් ඕෆ් කරන් නිදියන්නේ? පොඩ්ඩක් උදේම නැගිටපන්කෝ මේ මං වගේ" කියල එහා පැත්තෙන් ඇහුනේ මගේ හොඳම යාළුවා වුනු අරෝශයගේ කටහඬ.
"අනේ නිකා ඉඳින් බිම්බස්සෝ මං දන්නැතුවයැ තෝ උදෙන් නැගිටින හැටි. දැන් උඹ මේ අද උදෙන් නැගිටලා මාවත් ඇහැරවගෙන මොන මගුලක් කරන්ඩද හදන්නේ?"
"ඔව් ඔව් මගුලක් තමයි අද කරන්ඩ හදන්නේ. උඹට ඕවා තේරෙන්නේ ඉවෙන්ද බං?"
"අනේ ඔව් බං...උඹත් එක්ක ඉඳල ඉවත් ටික ටික තියෙනව...කියපන් කියපන් මොකටද කතාකරේ කියල?"


"හරි හරි මචන්. ලන්ච් එකට අද අපේ දිහා වරෙන් හරිද? ඊට පස්සේ මාත් එක්ක ටවුමට යමන්. මට ෆෝන් එකක් ගන්ඩ බලන්ඩ ඕනේ බං..."
"හා හරි හරි. මං දොළහට දොළහ මාරට එන්නම්කෝ. අක්ක පන්ති යනවා බං. මං එයත් එක්ක එන්නම් ඔහාට. නැත්නම් එයා තනියමනෙ"
"එළකිරි මචන්. අනිවා වරෙන් ඈ. මං තිබ්බ එහෙනම්."
එහෙම කියලා අරෝශයා කෝල් එක කට් කළා. මං රිසීවරේ තියද්දීම ඇහුනේ අක්කගේ කටහඬ.
"ම්ම්ම්...මොනවා නැතත් මටත් ටිකක් ආදරෙයි නේද?" කියල.
"තමුසෙට තියෙන ආදරේකට නෙවෙයි හලෝ. අම්මගෙන් බැනුම් අහන්ඩ බැරි නිසා" කියල අක්කට විරිත්තල මං මූණ හෝදන්ඩ ගියා.
එහෙම කිව්වට අක්කගෙයි මගෙයි ලොකු බැඳීමක් තිබුනා පොඩි කාලේ ඉඳන්ම. පොඩි කාලේ අක්ක අඬනකොට මටත් අඬන්ඩ හේතුවක් ඕනේ උනේ නෑ. ඒ වගේමයි එයාටත්. පොඩි කාලේ අපි අතර තිබුනු ඒ බැඳීම අපි ලොකු වෙනකොටත් අපිත් එක්කම ලොකු උනා මිසක් අපෙන් ඈත් උනේ නෑ. තාත්ත අපි අතර නැති උනාට, තාත්තට තරමින් බැරි උනත්  පුළුවන් තරමට අක්කව අම්මව ආරක්ශා කරන්ඩ ඕනේ කියල මං දන්නවා.

--------------------------------------------------------------------------------

මං අරෝශයගේ ගෙදර යනකොට අරෝශයගේ අම්මා මිදුලේ.
"කෝ ඇන්ටි අරෝෂ? ගෙදර ඉන්නවා නේද?" එහෙම ඇහුවේ ඕකා ෂුවර් නැති හින්දා.
"ආ මේ ඇවිත් ඉන්නේ වරුණ පුතා...අපේ පුතා ඇති කාමරේ. යන්නකෝ ගෙට."
"අරෝශයෝ..."
"ආ වරෙන් වරෙන් මචන් මං කාමරේ"
ඊට පස්සේ අපි කතාකලේ උගේ ෆෝන් එක ගැන. උන්ගේ අයියා රට ඉඳන් සල්ලි එවල ෆෝන් එකක් ගන්ඩ ඕනේ කියපුවම. කොහොමහරි ඕව මේවා කතාකරල දවල්ටත් කාල අපි පිටත් උනා ටවුමට. ටවුමේ එක කොනක ඉඳන් අනිත් කොනට තියෙන හැම ෆෝන් කඩේකටම යන්න තමයි අපේ අදහස උනේ. අපි සෑහෙන කඩවල් තොගේකට ගියා. ගෙදර යන්ඩ කියල හිතාගෙන බස්ටෑන්ඩ් එකට එන්ඩ ආව. ඒ එනකොට එක පාරට අරෝශයා නැවතුනා..
"මචං වරුණ...මාධවී..."
"කෝ කොහෙද?"
"අර බං අර කහඉර පැනල මාරු වෙලා මේ පැත්තට එන්නේ..."
"ආ ඔව්මයි..එත් මේ වෙලාවේ කොහෙද මෙහෙ..."
"යකෝ දැන් පහයි කාලයි වෙලාව. ඒකි පන්ති ගිහින් එනවා ඇත්තේ..."
"හා හරි හරි දැන් උඹ මොකද කරන්නේ?"
"අඩේ මං ගිහින් කතාකරලා එන්නම්...අව්ලක් නෑනේ?"
"ඇයි මල්ලි මට අවුල්? මොකෝ මගේ කෑල්ලයැ. උඹ ඕනේ මගුලක් කරගෙන වරෙන්. මං ස්ටෑන්ඩ් එකේ ඉන්නම්..."
"හරි එහෙනම් ඈ..බායි ඈ.." එහෙම කියාගෙන අරෝශය හෙමින් මාරු උනා.
යාලුවෝ හින්දා අපිත් කන කටු කියල හිතින් හිත හිත මං ගියා ස්ටෑන්ඩ් එකට. තනියම යන්ඩත් මොකද්ද මොකද්ද වගේ. හතර වටේම ක්ලාස් ගිය කෙල්ලෝ. නානාප්‍රකාර ඇඳුම් ඇඳලා. සමහරු දේදුනු වගේ. පාට පාට. සමහරු සරුංගල් වගේ. එහෙන් මෙහෙන් කෑලි එල්ලපු ඇඳුම්. ඒ සරුංගල් දිහා බල බල යන ක්ලාස් ගිය කොල්ලෝ...ඒ අතර තනිවුන යාලුවන්ගේ කටු කන මං...
මං ස්ටෑන්ඩ් එකට ගිහින් සුපුරුදු සයිවර් කඩේ ළඟ විනාඩි දහයක් විතර ඉන්නකොට අරෝශයා ආවා.
"මාධවී ගිය සතියේ ඉඳන්ලු බං ඒ පන්තියට යන්නේ. දැන් ඉතින් ස්කොලේ පටන් ගන්නකන් ඉන්ඩ ඕනේ නෑ එයා බලන්ඩ..." අරෝශයා එහෙම කිව්වේ හෙන සන්තෝසෙන්.
"හා හා මල්ලී...ඒ උනාට ඕවට මටනම් කතාකරන්ඩ එපා හරී..."එහෙම කියල අපි බස් එකට ගොඩ උනේ ඉඳගන්ඩ සීට් එකක් අල්ලගන්ඩ.

අපි නගිනකොට බස් එකේ සීට් ඔක්කොම වගේ පිරිලා. පිටිපස්සෙම සීට් එකයි තව බස් එකේ මැද හරියෙයි හිස් සීට් දෙකක් තිබුන. අරෝශය පැනපු ගමන් පිටිපස්සේ සීට් එකේ වාඩි උනා. මං ඉස්සරහට ගිහින් මැද හරියේ තිබුණු සීට් එකේ ඉඳගත්තා. එතන ඉඳගෙන හිටියේ නිල් පාට බිංදු වැටුණු සුදු පාට ලස්සන ගවුමක් ඇඳපු සුදුම සුදු ගෑනු ළමයෙක්. එයා ජනේලෙන් එලිය බලාගෙන හිටපු නිසා මට එයාගේ මූණ බලාගන්ඩ පුළුවන්කමක් තිබුනේ නෑ. මූණ බලාගන්ඩ පොඩි ආසාවක් හිතට ආවත් මං ගණන් නොගෙන හිටියේ බැරිවෙලාවත් අක්කවත් මේකේ යන්ඩ අවොත් මං චාටර් වෙන නිසා.
ඒ ටික වෙලාවකින් කොන්දොස්තර ආවා ටිකට් කඩන්ඩ. මං අරෝශයටත් එක්ක ටිකට් ගන්නම් කියන්ඩ පිටිපස්ස හැරෙද්දීම ළඟ හිටපු ගෑනු ළමයා කොන්දොස්තරට සල්ලි දීලා ටිකට් ගත්තා. එයා කිව්වේ
"ගල්කන්දට ටිකට් එකක්" කියල. මං ඉක්මනට ආපහු හැරුනේ ගල්කන්ද කියන්නේ සමාධි අක්කලාගේ ගෙවල් පැත්ත නිසාත් මේ ඉන්නේ කවුද කියල බලන්ඩත් එක්ක. එතකොට තමයි මං දැක්කේ ඒ හිනාවෙන් පිරිච්ච ලස්සනම ලස්සන මූණ....




සංසාර සංචාරේ...තෙවන දිගහැරුම...

12 comments:

  1. පෝස්ට් එක දැක්ක ගමං කඩාගෙන බිඳගෙන දුවගෙන ආවේ මාධවී කියන නම දැකලා...
    හි හි...
    එල ඈ..
    පට්ට...

    ReplyDelete
    Replies
    1. ඒකියන්නෙ මාධවී තරියා අබේ සංසාරික බැදීම් තිබිල තියේ අනූ අබේසිංහ හම්බෙන්න කලිං

      Delete
    2. හි‍ටු...අනුශ්කට කියන්ඩ. :p

      Delete
  2. පට්ට මචං.... දෙවෑනිපාර මේපැත්තෙ ආවෙ උබේ පලවෙනි පෝස්ට් එක බැලුවෙ ෆෝන් එකෙං....අද දෙවෙනියට ආවෙ

    ReplyDelete
  3. එල එල.... දිගටම ලියහන් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එල

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :D

      Delete
  4. නියමයි යාලුවා

    ReplyDelete
  5. හ්ම්ම්ම් ලස්සනයි <3 <3 <3

    ReplyDelete
  6. වැඩේ හරියාගෙන වත්ද එන්නේ, ඉමල්ක? :)

    ඔහොම තිත් තිත් වලට කියන්නේ පොල්කා ඩොට් කියලා නේද?

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...