සංසාර සංචාරේ...දසවන දිගහැරුම

කලින් කොටස් 

එදා බස් එකේදී දැක්කට පස්සේ මං ආයේ දවස් ගානක් යනකන් රශ්මිව දැක්කෙත් නෑ. එත් රශ්මිව දකින්න මට හැම වෙලේම උවමනාව තිබුනා. මං එක අරෝෂයට කියන හැමවෙලේම අරෝශයා කිව්වේ "තෝ ඉතින් දැක්කත් වැඩක්යෑ. මොකෝ උඹ අහන්ඩයෑ රශ්මිගෙන්" කියලා. ගොඩක් කොල්ලෝ කෙල්ලොත් එක්ක යාළුවෙනවා වගේ මට රශ්මිත් එක්ක යාලු වෙන්ඩ ඕනේ උනේ නෑ. දැක්ක ගමන් කැමැත්තක් ඇති වෙලා, කොහොමහරි යාළුවුනාම දෙන්න ගැලපෙන්නේ නෑ කියල තේරෙනකොට පහුවෙලා වැඩි නිසා දුක් විඳින පෙම්වතෙක් වෙන්ඩ මට ඕනේ උනේ නෑ. මුලින්ම මට ඕනේ රශ්මිගෙ යාලුවෙක් වෙන්ඩ. ඊට පස්සේ එයාව තේරුම් ගන්ඩ. එයා මගේම කරගන්නවද නැත්නම් පොඩිකාලේ ගන්ඩ බැරිවුනත් ආසාවෙන් බලන් හිටපු සෙල්ලං බඩුවක් දිහා බලන් ඉන්නවා වගේ රශ්මි දිහත් බලන් ඉන්නවද කියල තීරණය කරන්ඩ. කෝ ඉතින් යාලුවෙක් වෙන්ඩවත් මේ කෙල්ල එක්ක කතාකරන්ඩ බැරි උනානේ හරියට.
===================================================================================
පාඩම් කිරිල්ලත් එක දිටම කරගෙන යනකොට එපා වෙන හින්දා ෆෝන් එකත් අරන් ඇඳට අවේ සින්දුවක්වත් අහන්ඩ කියල හිතාගෙන. හෑන්ඩ්ස්ෆ්‍රී දෙක අස්සෙන් ඔලුව ඇතුලටම බැහැල කපුගේ මහත්තය මං ආසම සින්දුවක් කියන්ඩ ගත්ත. මට නින්ද නැති රැයවල් කීයක් ගෙවුනත් කමක් නෑ රශ්මි නංගියෝ ඔයා ගැන හිත හිත ඉන්ඩ පුළුවන්. ඒත් කවදාවත් ඔයාට අඬන්න නම් වෙන්ඩ එපා. කල්පනාවෙන් මිදිලා පැත්තකට දාපු ෆෝන් එක අතට ගත්තේ සෙට් එකටම මිස් කෝල් ටිකක් ගහන්ඩ පුරුද්දට වගේ. කට්ටියටම රින්ග් කරගෙන ෆෝන් බුක් එකේ නම්බර් අතර සැරිසරද්දී එක නම්බරයක් ගාව හිත නැවතුනෑ. ඒ සඳලි අක්කගේ නම්බර් එක. තප්පර ගානක් පුරා හිතේ දැවටුණු දෙගිඩියාවකින් පස්සේ වැඩිමනක් හිතන්නේ නැතිව සඳලි අක්කට කෝල් එකක් ගත්ත. වෙලාවද අවේලාවද මංදා "ඔබ ඇමතූ ජංගම..." කියල රෙකොඩින් එක ඇහෙනවත් එක්කම මං කෝල් එක කට් කරලා පැත්තකට දැම්මා.
රෑ කොයි වෙලේ මට නින්ද ගියාද දන්නේ නෑ. උදේම ඇහැරුනේ අක්කගේ අඬහැරේට.
"නැගිටිනවා හලෝ. තමුසේ කීයට නිදාගත්ත ගමන්ද ඔය. රෑට පාඩම් කරන්නෙත් නෑ. උදේට නැගිටින්නෙත් නෑ. නැගිටිනවා නැගිටිනවා. නැගිටලා පන්ති යන්ඩ ලෑස්ති වෙනවා"
"අද පන්ති යන්නේ නෑ අප්පා."
"ඇයි ඒ?"
"අපේ සර් පෙරේදා රට ගිහින්. ආයේ ලබන සතියේ තමයි පන්ති."
"එහෙනම් ගෙදරට වෙලා ඉඳලා පාඩම් කරනවා?" එහෙම කියාගෙන අක්ක යන්ඩ ගියා.
මාත් ලෑස්ති වෙලා අරෝශයගේ ගෙදර ගියා.
"ආ පුතා එන්ඩ එන්ඩ. කොහොමද ඉතින්?" අරෝශයගේ අම්මගෙන් සුපුරුදු පිළිගැනීම.
"ඔහේ ඉන්නවා ඇන්ටි. කෝ අරෝශයා?"
"ඔන්න කාමරේ. යන්නකෝ ඇතුලට පුතේ"
"අහා වරෙන් වරෙන්. ඉඳගනින්කෝ මං ඇඳුමක් දාගන්නකන්" කියල අරෝශයා කාමරේට ගියා.
විනාඩි දහයකට විතර පස්සේ අපි දෙන්න එලියට බැස්සේ අරෝශගේ බයිසිකලෙත් අරගෙන. අපේ ගමනාන්තය උනේ සමාධි අක්කලාගේ ගෙවල් වලට මීටර් සීයක් විතර එහා තියෙන පාලු පොල් වත්ත. මොකද එතනින් විතරයි කාටවත් නෝන්ඩි නොවී බයිසිකලේ හරවලා ආපහු එන්ඩ පුළුවන්.
"යනකොට මං පාගන්නම්. කෙල්ල බලල එනකොට සන්තෝසෙටත් එක්ක උඹ පාගපන්."
"හා දැන් අදත් මගෙ කරුමෙට රශ්මි හම්බුනේ නැත්නම්?"
"නැත්නම් වරුණයෝ, හිතේ දුක යන්ඩත් එක්ක කකුල් දෙකෙන්ම උඹම පාගපන්කෝ."
රශ්මි හම්බ නොවෙයි කියල හිතට එක පාරටම අනියත බයක් ආවේ ඇයි කියන්ඩ මං දන්නෙ නෑ.
"අද කෙල්ලව දැක්කෙ නැතිනම් මට පිස්සු හැදෙයි බං."
"හරි හරී...උඹට රශ්මි හම්බ වෙනවා. බය නැතිව යමං." අරෝශයා කිව්වෙ මගෙ මූඩ් එකත් එක පාරට අප්සට් ගියපු නිසාද කොහෙද

කතාවෙන් කතාවෙන් අපි සමාධි අක්කලාගේ ගෙවල් ලඟටම ආවා. ගේට්ටුවත් වහලා. හැබැයි ඉස්සරහ දොරනම් ඇරලා තිබුනා. ඒත් පේන්න කවුරුත් නෑ. අයියෝ අදවත් රශ්මි හම්බෙන්නේ නැති වෙයිද කියලයි මට හිතුනේ.
"වැඩක් නෑ බං. අතනින් හරවල ආපහු යමු..." මගේ හිත බිංදුවටම කඩා වැටුනා.
වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නැති හින්දා පොල්වත්ත ගාවට ගිහින් බයිසිකලේ හරවාගෙන ආපහු ආවා.
"අඩේ අර අමාලි බං..."
"එයා තනියම ඇයි බං..."
"අනේ මංදා බං..."
"ලඟට කරලා නවත්තපන්...මං අද අහනවා රශ්මි ගැන..."
"අමාලි ශුවර්ද?"
"අද නැතත් ඉස්සරහදි හරි දැනගන්නවනේ බං..."
"හ්ම්ම්..එහෙනම් අහල අදම ඉවරයක් කරගනින්කෝ..."
අරෝශයා අමාලි ගාවටම ගිහින් බරාස් ගාල බ්‍රේක් ගැහුවා. අමාලි බයවෙලා පාර අයිනට පැනල තමයි කවුද මොකද්ද කියල බැලුවේ... කෙල්ල රතූ වෙලා.
"අපෝ ඔයාලනම් හරිම නරකයි අනේ...මං හොදටම බය වුනා..."
"ඒක තමයි නංගී පාරේ යනකොට අවධානෙන් යන්ඩ ඕනේ කියන්නේ..."
"අනේ නිකා ඉන්ඩ. මෙච්චර මේ පාරේ ඉඩ තියෙද්දී ඇඟේ යන්ඩ එන්නේ ඔයාල වගේ මෝඩයෝ තමයි..."
"හා හා ඉතින් කොහෙද මේ තනියම..."
"ක්ලාස් මට. තනියම නැතිව ඉතින් මං වෙන කවුරු එක්ක යන්නද අනේ..." අමාලි එහෙම කියල දාපු හිනාවනම් කින්ඩි හිනාවක්. මේකිට තේරිලාවත්ද...
"හා දැන් ඔයාල කොහෙද ගියේ?"
"අපි ගියා රුවන්ලාගේ ගෙදර..."
"මෙච්චර ඉක්මනට ගිහිල්ලත් ආවද? මං දැක්කනේ දැන් විනාඩි පහකට විතර කලින්නේ ඔය දෙන්නා අපේ ගෙවල් පාස් කරේ..."
හයියෝ...වස ලැජ්ජාවයි. මේකි දැකලනේ අපි යනවා...චාටර් වෙන්ඩත් බෑ
"ඔව් අනේ අපි යන්ඩ කලින් කෝල් කරා ඌට. එත් ෆෝන් එක ආන්ස්වර් කරේ නෑ. දැන් කෝල් කරපුවම ඔන්න කිව්වා ගෙදර නෑ කියලා. ඉතින් අපි ආපහු ආවා"
"හ්ම්ම් ඒක මිසක්..."
"මේ....කෝ ඔයාගේ යාළුවා?"
"මොන යාලුවද?"
"අපෝ ඔයානම්...හරි හරි මං අහන්නේ රශ්මි ගැන..." තවත් ආලවට්ටම් මොකටද. මං කෙලින්ම කියලා දැම්මා.
"මොකෝ රශ්මි ගැන හිතකවත් පහල වෙලාද?"
"පහල වෙලා නෙවෙයි නංගි...තිබ්බ හිත රශ්මිට උකස් කරලා..." බයිසිකලේ තල්ලු කරලා මහන්සියටද කොහෙද අරෝශයත් කට ඇරියා.
"මට හිතුනා ඕක... බස් එකේදී එහෙම මෙයා බලන බැලිල්ලට."
අමාලිගේ කතාවෙන්නම් අවුලක් නැති පාටයි.
"ඉතින්...ඔයා රශ්මිගෙන් ඇහුවද?"
"මොන අහනවද නංගි. මූ රශ්මිත් එක්ක හරියට කතාකරලවත් නෑ තවම. අනික ඉතින් ඇහුවනම් ඔයාට නොකියා ඉදීද..? නෑනේ..." අරෝශයගේ කටට ඒ පාර බ්‍රේක් ඇත්තෙම නෑ වගේ.
"අපෝ කියනවකෝ දැන්වත් කෝ යාලුවා කියලා..."
"කියන්ඩ කියන්ඩ අමාලි...මූට දැන් ඉන්ඩම බැරිව ඉන්නේ...තව ටිකක් වෙලා ගියොත් මුගේ පපුව පැලිලා මෙතන මැරිලා වැටෙන්ඩත් බැරි නෑ. එහෙම උනොත් අසරණ අපි දෙන්නට සාක්කි දෙන්ඩත් යන්ඩ වෙනවා." මුන් දෙන්නට දැන් මාව ජෝක් එකක් වෙලාද මංදා...
"ඔයාට කියන්ඩ තියෙන්නේ නම් එච්චර හොඳ ආරංචියක් නෙවෙයි වරුණ අයියේ..."
"ඇ...ඇයි එයාට කවුරුහරි කොල්ලෙක් ඉන්නවද?"
"අපෝ මෙයාගේ මූණ කළු උණු හැටි...නෑ නෑ කොල්ලෙක් නම් නෑ..." අම්මෙහ්...මගේ හිතට දැනිච්ච සතුට...කියල නිමකරන්ඩ බෑ...
"දැක්කනේ නංගි මූණට ආපු හිනාව...රශ්මිව මුගේ බොක්කට වැදිලා එතනින් ආමශේටත් වැදිලා තියෙන්නේ. කොටින්ම මූ දැන් රශ්මි ගැන හිතන්නේ නංගි...ඔයා කිව්වට විස්වාස කරන්නේ නෑ...උන්ඩුකපුච්චෙන් නංගි..."
"එයා හදිස්සියේම ගමේ ගියා අයියේ... එයාලගේ ආච්චි කෙනෙක්ට හොඳටම අසනීප වෙලා...මෙයාව බලන්ඩ ඕනේ කියල. ඉතින් ඊයේ දවල් මාමා ඇවිත් එක්ක ගියා..."
"කවදද ආපහු එන්නේ කිව්වේ නැද්ද?"
"අපෝ එයි එයි...ඉක්මනට එයි. පාඩම් කරන්ඩත් එපායෑ එක්සෑම් එකට..."
"හ්ම්ම්..." මට කතා කරගන්ඩත් පන නෑ වගේ. හයියෝ ඉඳල ඉඳල බලන්ඩ ආව මදැයි. හැබැයි ආපු එකත් හොදයි. නැත්නම් මෙලෝ දෙයක් දන්නේ නැතිව හැමදාම හොයන්ඩ වෙනවනේ.
"තෑනක් යූ නංගි විස්තර කිව්වට...මේ..."
"තෑන්ක්ස් කරලා විතරක් නම් බෑ...මේ කන කටු වලට අපිට පාටියක් ඕනේ නේද නංගි" ආයෙත් අරෝශයා..
"කටවහගෙන ඉදහන්කෝ බං ටිකක්.."
"ඔව් ඔව් මෙව්වා නිකන් නම් බෑ හරිද වරුණ අයියේ"
"හයියෝ...පාටි එකට දෙකක් දෙන්නම්කො....ඊට කලින් මට එයාගේ  නම්බර් එක දෙන්ඩකෝ..."
"එයාට හෑන්ඩ්ෆෝන් එකක් නෑනේ අයියේ...සොරි තමයි...ගෙදර නම්බර් එකනම් දෙන්නම්..හැබැයි දැන් මට මතක නෑ...හෙට අවොත් දෙන්නම්..."
"එකත් එහෙමද....හ්ම්ම් එහෙනම් ඒකවත් ගන්න එන්නම්කෝ මං."
"අයියේ බස් එක එනවා. මං යන්නම් ඈ..."
අපි කතාකරකර හෝල්ට් එකට ආවා. අද බස් එක ආවෙත් නියම වෙලාවට. තව ටිකක් කලින් එහෙම ආවනම් වැඩේ අතරමග හබක් වෙනවනේ.
"හා නංගි. තෑන්ක් යූ හොදේ. පරිස්සමින් යන්න."
අමාලිට සමු දීලා අරෝශයත් එක්ක ආපහු ආවේ යුද්දෙන් බාගයක් දින්නා වගේ...

15 comments:

  1. අයියෝ යුද්දෙන් දසමයක්වත් දිනල නෑ. භාගයක් දිනුවයි කියන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. වරුනයට ඇහෙන්ඩ කියන්ඩ එපා...අප්සට් යයි මිනිහට... :P

      Delete
  2. මේකේ මුල් කොටසුත් කියවන්න වෙනවා... දැන් වෙලාව මදි විවේක පාඩුව කියවා බලන්නං.

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා....මුල ඉඳන් කියවල බලන්ඩ අයියේ

      Delete
  3. අයියෝ.... කොටස් ගොඩක් මග ඇරිලානේ මට.... හිමින් සීරුවේ කියවල ආයෙත් එන්නම්....

    ReplyDelete
    Replies
    1. මග ඇරිච්ච කොටස් ටික කියෙව්වා...
      අර සදලි අක්කා කව්ද අප්පා...

      Delete
    2. අපුච්චේ සමනලී දැක්ක කල්.
      සඳලි කවුද කියල අපි බලමුකෝ නේද....

      Delete
  4. කියෙවුවෙමි.. ඉතිරිය එනකම් බලා හිදිමි..

    ReplyDelete
  5. තව කඩ ඉමක් ජය ගත්තානේ? අමාලිට දැනුම් දීපු එක.

    මෙන්න මෙතන:

    "හා හා ඉතින් කොහෙද මේ තනියම..."
    "ක්ලාස් මට. තනියම නැතිව ඉතින් මං වෙන කවුරු එක්ක යන්නද අනේ..." අමාලි එහෙම කියල දාපු හිනාවනම් කින්ඩි හිනාවක්. මේකිට තේරිලාවත්ද...


    මම නම් ෂෝර්ට් කට් එකක් ගන්නවා මෙහෙම:

    "හා හා ඉතින් කොහෙද මේ තනියම..."
    "තනියෙම යන්නෙ මොකටද? කෝ යාලුවා අද?"

    දැන් උඹ කල්පනා කරනවද යකෝ මේ ඩූඩ් කාරයාට මේවගේ අදහස් පහලවෙන වයසක්යැ, ඔය වයසේ ළමයිනුත් ඉන්නකොට කියලා...හික් හික්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙට වඩා හොඳට ඔය අදහස් එන්නේ දැන් තමා ඩූඩේ... මුන් ඕව දන්නේ නෑ පොඩි එවුවො.

      Delete
    2. අපි දන්නවනේ ඉතින් වයසට ගියත් ඩූඩ්ගෙ හිත තරුණයි කියලා. මං මේ කිව්වේ ඩූඩ් වයසයි කියල නෙවෙයි ඈ... වයසට ගියහමත් තරුණයි කියලා.
      නලීන් අයියා කියන්නා වාගේ ඩූඩ්ට කෙල්ලන්ගෙන් අහල පළපුරුද්ද එහෙමත් ඇතිනේ. :P

      Delete
    3. කියවලා බලාපං මගේ My First Loves කියන පෝස්ට් එක.

      මට කැමති උන්ට මම කැමති නෑ.
      මම කැමති උන් මට කැමති නෑ.

      As simple as that!

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...