සංසාර සංචාරේ...හත්වන දිගහැරුම...

කලින් කොටස් මෙතනින්....

"හලෝ"
පුරුදු නැති නම්බර් එකකින් ආපු කෝල් එකට ආන්සර් කරේ හිතේ දෙගිඩියාවක් නැතුවමත් නෙවෙයි.
"හෙලෝ...ඔයා.....වරුණ නේද?" කවුරු නමුත් කතාකලේ ගෑනු කෙනෙක්.
"මමනම් වරුණ තමයි.. එත් ඔයා කවුද?"
මාව අඳුරන මේ කෙනා කවුද කියල දැනගන්ඩ මගේ හිතට ආවේ ලොකු උනන්දුවක්.
" අද ක්ලාසුත් නෑ නේද? පාඩම් කරනවද ඉතිං?"
"ඔව් ක්ලාස් නම් නෑ තමා. ඒත් ඔයා කවුද කීවේ නෑනේ තාම."


"හ්ම්ම්...මං....සඳලි"
"ආහ්හ්...මේ ඔයාද? මට අඳුර ගන්ඩ බැරි උනානේ. ෆෝන් එකෙන් කතාකරනකොට කටහඬ වෙනස් ඔයාගේ අනේ"
"එහෙමද....මං හිතුවා මාව අඳුරගෙන ඒත් දන්නේ නැ වගේ කතා කරනවා කියල"
එහෙම කියද්දීනම් සඳලි අක්කගේ කටහඬ දුකකින් පිරිලා තිබුන වගේ.
"අයියෝ නෑ අනේ. ඇත්තටම මට කටහඬ අඳුරගන්ඩ බැරි උනා."
මං කැමති උනේ නෑ එයාගේ ඒ දුක පිරිච්ච කටහඬ අහන්ඩ.
"කොහෙන්ද ඔයාට අක්කේ මගේ නම්බර් එක?"
අපි දෙන්න අතරේ කතාවෙ නිහඬතාවයකට ඉඩ තියන්නේ නැතිවම මම ඇහුවා.
"කොහෙන්හරී..." එයා එහෙම කියද්දීනම් හරි හුරතල්.
"ඉතින්...කියන්ඩකෝ කවුද දුන්නේ කියලා?"
"ආ... අර ඔයා බස් එකේදී නම්බර් එක ලියපු කොළ කෑලි දෙන්නේ ගෑනු ළමයින්ට. අන්න එකක් මටත් හම්බුනා."
"අපේ අප්පේ..කවුද අනේ ඔයාට ඔහොම බොරු කියන්ඩ ඉගැන්නුවේ?"
"ආ...දැන් මං කීවේ බොරුද?"
"බොරු තමා. මං කවදාවත් එහෙම කෙල්ලෙක්ට නම්බර් දීල නෑ හරිද?"
"අයියෝ තරහගන්ඩ එපා අනේ. විහිලුවක්නේ කරේ"
"මං දන්නවා. මට තරහගියේ නෑ."
...........
...........
"වරුණ. අපේ අම්මා ආවා. මං දැන් තියන්නම්."
"හා අක්කේ."
"මං ඔයාට පස්සේ වෙලාවක ආයෙම ගන්නද? ඔයාට කරදරයක් වේවිද?"
"අයියෝ නෑ.. ඕනේ වෙලාවක කතාකරන්නකෝ."
"හ්ම්.. බුදු සරණයි එහෙනම්.."
"බුදු සරණයි..."

    *
            *            *
ඇයි සඳලි අක්ක මට මේ හදිස්සියේ කතාකරේ? කොහෙන්ද එයාට මගේ නම්බර් එක? ඇයි එයා මගෙන්ම නම්බර් එක ඉල්ලුවේ නැත්තේ? මගේ හිතේ ප්‍රශ්න ගොඩයි. මට ඕනේ මේ හැම ප්‍රශ්නෙකටම උත්තර. කාටද පුළුවන් මට මේවට උත්තර දෙන්ඩ?

    *   
        *            *
"හෙලෝ අරෝෂ"
"කියහනන් මචං"
"උඹ කොහෙද ඉන්නේ?"
"අම්මත් එක්ක ටවුමට ආව බං. දැන් ආපහු එනගමන් බස් එකේ."
"අම්මා උඹේ ලඟද? මං මැසේජ් එකක් දාන්නම්."
"නෑ නෑ බොසා..මොකද්ද අවුල කියහන්. අම්මා ඉස්සරහ ඉඳගෙන ඉන්නේ."
"උඹට අද ඊයේ සඳලි අක්කව එහෙම හම්බුනාද?"
"අම්මටසිරි ඔව්නේ මචං. මට කියන්ඩත් බැරි උනා උඹට. අද උදේ එද්දී බස් එකේදී මට හම්බුනා බං. හම්බෙලා උඹේ නම්බර් එකත් ඉල්ලගත්තා. මොකෝ මොකක්හරි කේස් එකක්ද?"
"නෑ නෑ කේස් එකක් නෑ. එත් මට දැන් ටිකකට කලින් කතා කරා. නම්බර් එක කොහෙන්ද ඇහුවට කීවේ නෑ. එකයි මං උඹෙන් ඇහුවේ"
"අඩේ මගෙන් ඉල්ලුව හින්ද මං දුන්නා. මං වැඩිය හිතුවේ නෑ ඒ ගැන. අඩේ අවුලක් ගියානම් සොරි ඈ"
"පිස්සුද බං. අවුලක් නෑ."
"ඉතින් උඹට මොකෝ එයා කීවේ?"
"විශේෂ මුකුත් නෑ බං. වල්පල් තමා. හෙට ක්ලාස් යනවනේ? සෙට් උනාම කියන්නම් සේරම."
"හරි එහෙනම් හෙට සෙට් වෙමු"
"මචං රශ්මි එහෙම දැක්කේ නැතිද?"
"අඩේ නෑ බං. මොකෝ උඹට මතක් වෙනවද හැමවෙලේම?"
"ඔව් බං"
"වෙලාවක යමන් ගෙවල් පැත්තේ?"
"හරි හරි හෙට සෙට් වෙලා කතාකරමුකෝ. ෆෝන් එකේ සල්ලිත් නෑ. මං තිබ්බා එහෙනම්."
"හරි මචං"  


සංසාර සංචාරේ...අටවන දිගහැරුම

13 comments:

  1. යෞවනයට ආමන්ත්‍රණයක්. ලස්සනයි.

    ReplyDelete
  2. බලන්ඩකෝ මේ අක්කලා...හරි නරකයි!!!

    ReplyDelete
  3. අක්කලා හලි ශෝයි.......... කතාව නැඟල යන්නෙ ෆැන්ටසිය අඩු නිසා...

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙමද? මාත් පොඩ්ඩක් හොයල බලන්ඩ ඕනේ :D

      Delete
  4. කොටස් හතකුත් ආවද? දැනුනෙම නෑ..

    ReplyDelete
  5. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  6. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
  7. දැන් මේක යන්නේ වෙනම ට්‍රැක් එකකනේ. රශ්මි තාම ආවේ නැද්ද ගමේ ගිහින්?

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...