අහිමි ආශා...

නිල් තණ පළසක
සීමා බිඳහැර
සමනලු පසුපස
දුවන්න ආසයි...

පෙනකැටි විසිරෙන
ගඟ ළඟ ඉඳගෙන
ජල කඳ අතරේ
පාද දොවන්නට ආසයි...

සිඟිති ළමා කැළ
ඈතින් දැක්කම
නටන්න ගයන්න දුවන්න පනින්න
එක්වෙන්නට ආසයි...

ආසා කොතෙකුත්
හිත යට රැඳුනට
අවනත නැති පා
සොලවනු බෑ මයි...



6 comments:

  1. ම්ම්ම්..... දුක ගැබ් වුනු පද පෙලක්නේ..... :(

    ReplyDelete
  2. අයියෝ සල්ලි ......... ලු ! :@

    ReplyDelete
    Replies
    1. ඇයි??? නැතිවෙලා......ලුද? :)

      Delete
  3. උඹ බ්ලොග් වලට අලුත්ම කෙනෙක්ද නැත්නම් පරණ කෙනෙක් අළුත් බ්ලොග් එකකින් ද?

    ReplyDelete
    Replies
    1. අළුත් කෙනෙක්ගෙ අළුත් බ්ලොග් එකක් මේක. මං මේක පටන් ගත්තේ 2012 සැප්තැම්බර් මාසේ.

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...