හුගාක් කාලෙකින් ආවේ

පින්තුරේ නම් ගැලපෙන්නේ නෑ. ගණන් ගන්ඩ එපා ඈ

හපුච්චේ. අද තමයි දවස් දහයකින් හරි හමන් විදියට blog එකට ගොඩ උනේ. ඊයේ රෑ ඇවිත් කොමෙන්ට් කරලා තිබ්බ අයට රිප්ලයි කරා. ඊට පස්සේ ඉතින් දවස් ගානකින් ඇඳ බදාගෙන හොද.......ට දොයියගත්තා. දැන් තමයි කස්ටියගේ පෝස්ට් කියෙව්වේ. හැබැයි ඔන්න කාටවත්ම කොමෙන්ට් කරන්ඩනම් බැරි උනා. අනේ ඉතින් තරහ වෙන්ඩ් නම් එපා ඈ. මං හරි පවුනේ. දැනුත් මේ පට්ට මහන්සියි ටවුන් ගිහින් ඇවිත්.

මට පහුගිය දවස් ටිකේ පොඩි වැඩක් සෙට් උනා. යාලුවෙක් මාර්ගයෙන්. 15 වෙනිදා ඉදන් 23 රෑ වෙනකන් හිටියේ BMICH එකෙයි SLECC එකෙයි. වෙන මොකටවත් නෙවෙයි, අර අර එව්වගේ තිබ්බ ප්‍රදර්ශනවල බඩු වික්කා. බඩු කිව්වට ඉතින් වෙන මුකුත් නෙවෙයි අත් යන්ත්‍ර රෙදිපිළි. ඕකට ඉතින් සෙට් උනෙත් නොදන්නා අය නෙවෙයි. 6වසරෙ ඉදන් එක පන්තියේ එකට ඉදපු යාලුවෝ සෙට් එකක්ම තමයි. ඉතින් ෆන් එක නම් උපරිමයි.


අපි නැවතිලා හිටියේ මහරගම පමුණුවෙ. එතනත් හිටියේ සුපිරිම සෙට් එකක්. අපේ සෙට් එක නියමම නියමයි. එකෙක් ඇරෙන්ඩ. ඉතින් අපේ ෆන් එක ටිකක් හරි නැවතුනානන් නැවතුනේ ඌගේ බලු වැඩ හින්ද විතරයි. ඌට අධෝ වාතයක් ගියත් බොසාට කතාකරල කියන වර්ගේ බුවෙක්. ඉතින් ඌත් එක්ක වැඩ කරන එක ටිකක් අමාරු උනා ඇරෙන්ඩ වෙන නම් ගින්නක් නෑ.
උදේ පාන්දර 8ට විතර ඇහැරලා මූණ කට හෝදගෙන නාලා කරලා එහා පැත්තට ගිහින් එහෙ අය්යල උයල තිබ්බ දෙයක් බඩට දාගෙන යන වාහනේක හරි පාරේ බස් එකේ හරි ගිහින් stole එකට වෙලා නානාප්‍රකාර විදියට ඇදගෙන එන ගෑනුලමයි දිහා එහෙම නොබලා, බඩගිනි උනාම පොරි පැකට් එකක් එහෙම කාලා, නෙස්කැෆේ එකක් එහෙම බීලා, දවල්ට චිකන් රයිස් එකක රහ බලල හවසටත් නෙස්කැෆේ එකක් බීලා, රෑ එකොලහලමාරට විතර කොත්තුවක්, පරාට පාරක්, රයිස් එකක් එහෙම දාගෙන ෆුල් ෆන් එකේ තමා ඉතින් හිටියේ. කොච්චර කෑවත් ඉතින් අම්මගේ බත් එකේ රහ නොබලපු හින්දද මන්ද බරත් කිලෝ 10ක් විතර අඩු වෙලා වගේ. ඉන නම් අගලක්ම අඩුවෙලා. හපූයි. :p


දවස් දහයම එකාකාරී උනාට දවස් දහය යනවා අපිට දැනුනෙවත් නෑ. ඇයි ඉතින් ෆන් ලෝකෙකනේ හිටියේ. මොනා උනත් අද හිතට අමාරුයි. දවස් දහයක් එකට හිටපු, එකට කාපු බීපු, එකට නිදියපු අපි සෙට් උනේ 2011 උසස්පෙළ ලිව්වට පස්සේ පහුගිය දවස් ටිකෙනේ. ඉතින් අද ඉදන් තනියෙන් ඉන්ඩ ගියාම එපා වෙයි මට. හැබැයි ඉතින් තනියම ඉන්ඩත් කාලයක් නෑ. 27 යන්ඩ තියෙනවා මට අනුරාධපුරේ තිස්ස කදවුරට. නායකත්ව පුහුණුවට එන්ඩලුනේ මට. :p මේක බලන කවුරුහරි එහෙ යන උන් ඉන්නවනන් කියපල්ලා ඈ. මට තාම එහෙ යන එකෙක් සෙට් උනේ නැ. 


දැන් ඉතින් හීනෙන්වත් කවි සිතුවිල්ලක් ගලපන්ඩත් අමාරුයි වගේ. ආයේ ඉතින් ජනවාරි 13න් පස්සේ සෙට් වෙමුකෝ ඈ. එතකන් කස්ටිය පරිස්සමින් ඉන්ඩ ඈ. 

කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ජයම වේවා!

4 comments:

  1. සිහිනටත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  2. අලුත් අවුරුද්දෙ හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබේවා! සුභ අලුත් අවුරුද්දක් වේවා සිහිනටත් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් පරක්කු උනා. කමක් නැනේ.
      :P ඔයාටත් එසේම වේවා!

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...