ඉස්සර දවසක

ඉස්සර දවසක ඔබ එනතෙක් මම පාර බලා හිට්යා
ඔබේ සුවඳ වැදී ලපටි පොහොට්ටුත් විකසිත මල් වුවා
ඔබ එනවා දැක සුළග ඇවිත් මට රහසින් වගේ කීවා
ඔබගේ සෙනෙහස මාගේ දිවියට සෙවනැල්ලක් වුවා

     මල් පෙති ඇතිරූ ලස්සන ලෝකෙක ඔබ මා රැගෙන ගියා
     ඒ මල්පෙති මැද ඔබට තුරුල් වී මම පෙම් සුව වින්දා

     මල් පෙති ඇතිරූ ඒ පෙම් ලෝකේ ඔබ මා තනිකෙරුවා
     මගේම වී සිටි ඔබ මා ළඟ නැත තනිකම උරුම වුනා

          ඔබ එනවා කි සුළඟ ඇවිත් මට දුක් ගී මුමුණනවා
          පෙර විකසිත වුනු පුංචි පොහොට්ටුත් අද මුකුලිත වෙනවා
          ඉස්සර මා මැවූ සිහින ලෝකයේ  ඔබත් මමත් සිටියා
          ඔබට දුන්නු ඒ අමිල ආදරේ තවමත් ඔබට තමා

No comments:

Post a Comment

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...