සිතේ ඇතිමුත්

සිතේ ඇතිමුත් සිතුම් ගොන්නක් පනින්නට මෙන් සිරවෙලා
පනින්නට නැ ඉඩක් එලියට වචන ඉනිමග මදි වෙලා
ජනේලෙන් පෙනෙනා අදුර අද මගේ දිවියට සම වෙලා
කියන්නට මට ඔබ ලඟක නැත මේ රැයේ මම තනිවෙලා...

හැගුම් දහරක් හිතට ආවම අකුරු කලේ මං ඔබට නිසා
හැගුම් දහරට තනි රැක්කේ ඔබ දිවා එලි කල හිරු වෙලා

තවත් හැගුමක් සිතට කැන්ඳා ඔබ එදා ඒ පෑ සිනා
අද මෙසේ මම තනිවෙලා ඉඳ, මවා ගන්නවා නෙතු වසා...

රෝස කුඩයට හොරා පැමිණි හිරු ඔබේ කම්මුල් රතු කලා
නෙතින් පැවසු කතා ගොන්නට ලොවට වඩා මං පෙම් කළා
තවත් ඉන්නට බෑ ඉතින් මට ඔබ නැතිව දැන් තනි වෙලා
හෙට උදේ මං එනවා සත්තයි ඔබ දකින්නට හිත පුරා...

8 comments:

  1. ඔන්න මමත් ආවා සිහින බලන්න.ලස්සනයි යාළුවා..සාර්ථක වේවා ඉදිරි ගමන...

    ReplyDelete
    Replies
    1. සාදරයන් පිලිගන්නවා හීන ලෝකෙට. බෝම ස්තුතියි වචන ටිකටත්.

      Delete
  2. අහ් හා... ඔය තියෙන්නේ ලස්සනට ලියල.... :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් ලස්සනද.. :D බෝම ස්තුතියි සමනළි

      Delete
  3. අදයි ආවෙ මේ පැත්තට...තව තවත් ලස්සන නිර්මාණ කරන්න මගෙන් සිහිනට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි chams.
      ආයෙමත් එන්න මේ පැත්තට

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...