ටෝච් එක


සිහින කොලුවා පොඩි කාලේ සිද්දියක් ඔන්න මේක.
   
    සිහින කොලුවාගේ නැන්දා ඒ කාලේ වැඩ කරේ Garment එකක. ඉතින් නැන්දා වැඩට ගිහින් වැඩ ඉවරවෙලා ගෙදර එනකොට ටිකක් හවස් වෙනවා. ඒ හවස ආපු ගමන්ම නැන්දා කරන්නේ මුලින්ම වත්ත පහල තිබුණු ළිඳට ගිහින් නාගෙන එන එක. ඉතින් නැන්දා නාලා එහෙම ඉවර වෙලා ගෙදරට එනකොට කළුවරයි හොදටම. වත්තේ සත්තු සර්පයොත් ඉන්න හන්දා, උන්ටත් අනක් ගුණක් නැති හන්දා තමන්ගේ ආරස්සාවට කියලා නැන්දා හැමදාම නාන්ඩ යනකොට ටෝච් එකක් ගෙනිච්චා.


    සිහින කොලුවා පොඩි දවස්වල හරි ආසයි ටෝච් වලට. ඇයි ඉතින් බොත්තම ඔබපු ගමන් ගිනි කෑවා වගේ වදිනවනේ එලිය ඇස් දෙක කඩාගෙන යන්ඩ. ඉතින් අහිංසක අසරණ සිහින කොලුවා හරි ආසාවෙන් ඇල්ලුවේ ඔය ටෝච් එලිය වට පිට ඉන්න අයගේ මූනට. ඒ ඉතින් අහිංසක සතුටක් නොවැ.

    ඔන්න ඉතින් මේ කියන දවසෙත් සිහින කොලුවාගේ නැන්දා උදේම ගියා. ඉතින් සිහින කොලුවා දගලන්නේ කරදරකරන්නේ නැතිව බොහෝම සාමකාමීව දවස ගත කරා. ඔන්න සිහින කොලුවාගේ නැන්දා ආවා. ඇවිත් කොලුවට ටොපියක් එහෙමත් දීලා ඔලුව අතගාලා පොඩියක් හුරතල් කොරලා එහෙම ගියා නාන්ඩ්. කොලුවත් ඉතින් ඔහේ කැරකි කැරකි හිටියා.

    අප්පටසිරි. දැන් තමා කොලුවා දැක්කේ. නැන්දා ගිහින් තියෙන්නේ ටෝච් එක ගෙදර දාල නොවැ. දැන් ඉතින් මක් කොරන්ඩද. සිහින කොලුවාගේ සුපිරි මොලෙන් පොඩියක් කල්පනා කරනකොට කොලුවට ඇහුනා නැන්දා එන සද්දේ. කොලුවා ටෝච් එක අරන් දීවා මගට. ගිහින් ටෝච් එක පත්තු කරලා ඇල්ලුවා නැන්දා එන පාරට. නැන්දා එන පාරේ තඩි ගලක්. නැන්දාට පේන්නත් නැතිව ඇති දැන් ටිකක් වයසත්නේ කියලා සිහින කොලුවා කෑගැහුවා නැන්දේ ඔන්න ගලාක්.හැප්පෙයී...කියලා. ඒ සද්දෙට සිහින කොලුවාගේ අම්මත් දුවගෙන ආවා. ඇවිත් ඔලුව අතගාල එහෙම ඇහුවේ නැතෑ "මොකද පුතා මහ දවල් ටෝච් එක ගහගෙන" කියල හිනාවෙවී....
හෙහ් හෙහ්...එදා ඉරිදා දවසක්ලු...නැන්දා නිවාඩු හින්දා ගිහින් ඇවිත් තියෙන්නේ ටවුමටලු...
ඔන්න ඉතින් එදා ඉදන් කතාවකුත් හැදුනලු "සිහින ටෝච් ඇල්ලුවා වාගේ..." කියලා...


කතාව හොදනම් කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ...

4 comments:

  1. මරු කතාවනම්...
    ඒත් මෙන්න සිහිනලා දෙන්නෙක් ගහපියවූ මුන් දෙන්නටම...

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...