අමිහිරියාවක මිහිරිය...


    අහස අමුතුයි අද. වෙනදට වඩා. රෑ කළුවරයි වැහි අඳුරයි එකතු වෙලා අහසට අමුතුම ගුප්ත බවක් ආරුඩ කරලා. තරුවක්වත් නැති අහස දිහා මං මොකට බලාගෙන ඉන්නවද මන්ද. ඈත අහසේ එක පාරට හීනි විදිලියක් කෙටුව. හරියට මගේ මතකෙට එක පාරට ඔයාව එනවා වගේ. විදිලිය කොටලා නැති වෙලා ගියාම අහසට වගේ වගක් නෑ. අහස දන්නේ නෑ විදුලියක් කෙටුවද කියලවත්. එත් ඔයා මගේ හිතට ආවම??? කවදාවත් විදිලියක් වගේ නැති වෙලා ගියේ නෑ. හැමදාම මගේ හිතට වද දුන්න.



    මගෙන් අහන්නේ නැතිව මගේ ජීවිතේට ඇවිත් මගේ ලස්සනට ගලපු ජිවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරලා මඩ ගොහොරුවක් කරලා යන්ඩ ඔයාට තිබ්බ අයිතිය මොකද්ද??? ඔයාට එහෙම කරන්ඩ තිබ්බ උවමනාව මොකද්ද??? කවුද ඔයාට එහෙම කරන්ඩ කීවේ??? ඇයි මගේ ජිවිතේ විනාස කරන්ඩ ආවේ මගේ ජීවිතේට???
 

    මුලින් ඔයා මගේ ජීවිතේට ආවේ සතුට අරන්. අන්න එදා තමා මට වැරදුනු තැන. මං හිතුවේ ඔයා හැමදාම මට සතුටක් වෙයි කියලා. අන්න එදා තමා මං රැවටුනේ. හැමදාම ඔයා මං ළඟ ඉඳි කියල. ඒත් ඒවා එහෙම නෑ කියලා මං අද දන්නවා. ඒත් ඒ හැමදේම මට නැති උනාට පස්සේ. මීට කලින් ඇයි මට මේවා නොපෙනුනේ??? ඔව් මට ඒවා පෙනුනේ නෑ. ඒ ඔයා මවපු බොරු ආදරෙන් මගේ ඇස් අන්ධ වෙලා තිබුණු හන්දා. අද මට හැමදේම පේනවා. හැමදේම තේරෙනවා. ඒත් දැන් පරක්කු වැඩී. ඔයා ගිහින්. ඒ ගියේ මගේ සතුට අරන්.
 

    නෑ. ඔයා අරන් ගියපු සතුට ඔයා ගෙනාපු එක නෙවි. ඔයා අරන් ගිය සතුට ඇතුලේ ඔයා ගෙනාපු සතුට වගේම මං ඔයා එන්ඩ කලින් ගොඩනගා ගත්තු සතුටත් තිබුන. එකයි මං අද මේ තරම්ම දුක් වෙන්නේ.
 

    ඔව් මට දැන් තේරෙනවා. හැමදේම තේරෙනවා. නෑ. මං ආයේ දුක් වෙන්නේ නෑ. ඔයා අරන් ගියපු සතුට ඔයාම තියාගන්ඩ. එකෙන් හැමදාමත් සතුටු වෙන්ඩ. හැබැයි මේකත් මතක තියා ගන්ඩ. මං ආයෙමත් සතුටු වෙනවා. ඔව් මං තනියම මගේ සතුට හොයාගන්නවා. නෑ මං සතුට බෙදාගන්නේ නෑ කා එක්කවත්. දැන් මට කාවවත් විස්වාස නෑ ඔයා හින්දා. එහෙම කියලා මං සතුටු නොවී ඉන්නෙත් නෑ. මං තනියම සතුට හොයා ගන්නවා. හොයාගෙන කවදාටවත් වඩා ගොඩාක් සතුටු වෙනව. ඔයාට එතකොට ඊරිසියා හිතෙයි. කමක් නෑ. ඈතින් ඉඳන් ඊරිසියා කරන්ඩ. එත් ඔයාට ආයේ කවදාවත්ම බෑ මගේ සතුට නැති කරන්ඩ.
 

    මං දැන් දන්නවා. ජීවිතෙන් යන අයට යන්ඩ දෙන්න ඕනේ. ඉන්න අය හොඳට බලා ගන්ඩ ඕනේ. මං දැන් දන්නවා මට ආදරේ කරන අය. ඒ අයට මං ඉස්සරටත් වඩා ආදරේ කරනවා. එත් ආදරයක් නැති උනා කියලා ආයේම මං වැටෙන්නේ නෑ. ඔව් මං  දැන් නොවැටී ඉන්ඩ තරම් ශක්තිමත්. ඒ වෙන මුකුත් හින්ද නෙවෙයි. මං ඔයා වෙනුවෙන් දුක් නොවෙන හින්දා. ඔව්. මං ආයේ කවම කවදාවත් ඔයා වෙනුවෙන් කඳුලක් හලන්නේ නෑ. සත්තයි! එකම එක කඳුලක්වත් ඔයා වෙනුවෙන් නෑ.

6 comments:

  1. යන අයව අපිට බලෙන් තියාගන්න බැහැ. මොකද එයාල ඉන්නේ හිතින් හදවතින්ම නොවන නිසා. අපි ආදරය කරන්න ඕනේ අපිට ආදරය කරන අයට. සංවේදී පොස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කොරළේ මහත්තයෝ...
      සන්වේදි කමට ඇඩුවෙ එහෙම නෑ නොවැ?
      :D

      Delete
    2. //යන අයව අපිට බලෙන් තියාගන්න බැහැ. මොකද එයාල ඉන්නේ හිතින් හදවතින්ම නොවන නිසා//
      කෝරලේ මහත්තයා කියල තියෙන දේම තමා මටත් කියන්න තියෙන්නේ. බලෙන් තියා ගෙන දෙන්නම විදවනවට වඩා යන කෙනාට යන්න දීල හිත හදා ගන්න එක කාටත් හොදයි. හැමදේම වෙන්නේ හොදටයි කියල හිත හදා ගන්න සිහින....

      Delete
    3. :D අයියෝඕඕ,,,....
      මගේ හිතට මොකවත් වෙලා නෑඈඈඈ

      Delete
  2. //ජීවිතෙන් යන අයට යන්ඩ දෙන්න ඕනේ. ඉන්න අය හොඳට බලා ගන්ඩ ඕනේ.// සම්පූර්ණ ඇත්ත. ගොඩක් වෙලාවට වෙන්නෙ අපි ගිය අය ගැන දුක් වෙවී ඉන්නව මිසක් අපිට ඉන්න අය ගැන හිතන්නෙ නැති එක.

    ReplyDelete
    Replies
    1. ඔව් Chams නැත්නම් ඉතිං හැමදාම අඩන්ඩ තමා වෙන්නෙ

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...