
පිපෙන්නට වෙර දරන මල් කැකුල නුඹ නම්
පිපෙන්නට වෙර දෙන්න මං හිරුම වෙන්නම්
ලොව සුවඳවත් කරන සුගන්ධය ඔබ නම්
සුවඳ ගෙන හමා යන සුළඟ මං වෙන්නම්
රොන් සොයා පියාඹන සමනලිය ඔබ නම්
මලක් වී මං නුඹට රොන් ගඟක් වෙන්නම්
දිලෙන්නට තරුවක්ව නුඹට දැන් අවැසිනම්
දිලෙන්නට මඟ සදන රෑ අහස වෙන්නම්
හිතේ දුක නිවන්නට නුඹට දැන් අවැසිනම්
නුඹේ නෙත් අග රැඳෙන කඳුළු බිඳ වෙන්නම්
කඳුළු පිසදා සදාකල් සිනා සෙන්නට ඕනෙනම්
ඔබෙ මුවේ පොපියන සිනා රළ වෙන්නම්
ජීවිතේ පුරාවට නුඹ මගේ වේ නම්
මගේ ජීවිතේ මං නුඹෙ නමින් පුදන්නම්
ලඟින් ඉන්නට සෑමදා මට ඉඩක් දෙනවානම්
සසර සරනා තුරා ඔබ ලඟින් හිඳින්නම්