වීදි දරුවා...

පරණ පොත් ගොඩක් අවුස්සද්දි  ටියුට් එකක් අස්සේ තිබිල අද මට මේ කවි පෙළ හම්බුනේ. ලියන්ඩත් මුකුත් නැති එකේ මේකවත් දානවා කියල හිතුන. A/L වලට පංති යන දවස්වල ලියපු එකක් මේක.

අහස අහිමි වුනු කිරිල්ලියක් නුඹ
ලස්සන සපිරුණු අත්තටු දිලිසෙන
පූරුවේ කල පිං මදි වෙලාද අද
අහස බලාගෙන හූල්ලන්නේ හිත...

සිත ගත නිවනා සුළඟ අකැප නුඹ
ගත සම දැවෙනා හිරුගේ කිරණ මැද
කළු දුම් වලාව යට නෙත් පියාන
මෙනෙහි කරනවද දිවියේ නිසරු බව...

කතරක පීදුණු ගසක් වගේ වුව
නුඹේ මවත් එක් මවකි මෙලෝ මත
පිටට ඇලුණු නුඹේ මවගේ පපුව දැක
තේරුම් ගන්නට හැක නුඹේ දුක මට...

නුඹ ජීවත් වෙයි පාර උරුම කොට
කාගේ වරද වුව එයට හේතු කීම
හේතු සොයන්නට නැත මට අවසර
කුසගිනි නිවුමට ආ මගේ බත් පත.....




16 comments:

  1. බොහොම මානවීය ගුණ පිරුණු නිර්මාණයක්නේ. අදයි මේ පැත්තට ආවේ. එන්නං දිගටම.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා..
      බෝම ස්තුතියි අගය කිරීමට. දිගටම එන්නකෝ...

      Delete
  2. වීදි දරුවන්ට පුදුමාකාර නිදහසක් තිබෙනවා..මේ දේ කරන්න මේ දේ නොකරන්න කියලා හැමවෙලේම එයාලගේ පස්සෙන් රිමෝට් කන්ටොල් එකක් අරගෙන පන්නන්නෙ නැහැ දෙමාපියන්...

    ReplyDelete
    Replies
    1. වීදි දරුවන්ට නිදහසක් තියෙනව. ඒත් එක අතකට ඒ දරුවන්ට තියෙන්නෙ නිදහස විතරයි නේද? සමාජයේ අනිකුත් දරුවන්ට තියෙන වරප්‍රසාද වීදි දරුවන්ට හිමිවෙන්නෙ නෑ නේද?
      එලෙසම ඒ හිමිවෙන නිදහස අයුතු ආකාරයකට ළමයා හැඩගස්සවනවා නේද?

      Delete
  3. බොහොම සංවේදී පද පෙළක් සිහින....

    ReplyDelete
  4. පාරේදී දකින මේ වගේ අය කෙතරම් දකිනවා ද.. යම් යම් හේතු නිසා මිනිස්සු අහක බලාගෙන යන පුරුදු වෙලා. හේතු නොසලකා ඔවුන් වෙනුවෙන් දෙයක් දෙන්නට හැකි නම්.. ඒක උතුම් ගුණයක්.. නියම පරිත්‍යාගයක්..!

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතිං ඒ හේතු කාරණා සාධාරණ වෙන වෙලාවලුත් තියෙනව නේද

      Delete
  5. මට මතක් වුණා මේ කවිය,පී.බී අල්විස් පෙරේරාගෙ..,
    "බඩගිනි කැකුලු නුඹ වැනි කොපමණද ලොවේ
    බත්පත මගේ දෝතින් ගත මැනවි දුවේ"

    අදමයි මං හිතන්නෙ සිහින සටහනට ආවෙ.වීදි දරුවෙක්ට තමන්ගෙ බත්පත දීල බඩගින්න ඉන්න පුළුවන් හිතක් තියෙන අය තාම ඉන්නවානෙ.කවි ටිකත් ලස්සනයි.අදහසත් හුගක් ලස්සනයි....!ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.!!!
      අගය කිරීමට ස්තුතියි!

      Delete
  6. සංවේදී පද පෙළක්

    ReplyDelete
  7. ලස්සන, සංවේදි පද පෙලක්!!

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...