පරණ පොත් ගොඩක් අවුස්සද්දි ටියුට් එකක් අස්සේ තිබිල අද මට මේ කවි පෙළ හම්බුනේ. ලියන්ඩත් මුකුත් නැති එකේ මේකවත් දානවා කියල හිතුන. A/L වලට පංති යන දවස්වල ලියපු එකක් මේක.
අහස අහිමි වුනු කිරිල්ලියක් නුඹ
ලස්සන සපිරුණු අත්තටු දිලිසෙන
පූරුවේ කල පිං මදි වෙලාද අද
අහස බලාගෙන හූල්ලන්නේ හිත...
සිත ගත නිවනා සුළඟ අකැප නුඹ
ගත සම දැවෙනා හිරුගේ කිරණ මැද
කළු දුම් වලාව යට නෙත් පියාන
මෙනෙහි කරනවද දිවියේ නිසරු බව...
කතරක පීදුණු ගසක් වගේ වුව
නුඹේ මවත් එක් මවකි මෙලෝ මත
පිටට ඇලුණු නුඹේ මවගේ පපුව දැක
තේරුම් ගන්නට හැක නුඹේ දුක මට...
නුඹ ජීවත් වෙයි පාර උරුම කොට
කාගේ වරද වුව එයට හේතු කීම
හේතු සොයන්නට නැත මට අවසර
කුසගිනි නිවුමට ආ මගේ බත් පත.....
අහස අහිමි වුනු කිරිල්ලියක් නුඹ
ලස්සන සපිරුණු අත්තටු දිලිසෙන
පූරුවේ කල පිං මදි වෙලාද අද
අහස බලාගෙන හූල්ලන්නේ හිත...
සිත ගත නිවනා සුළඟ අකැප නුඹ
ගත සම දැවෙනා හිරුගේ කිරණ මැද
කළු දුම් වලාව යට නෙත් පියාන
මෙනෙහි කරනවද දිවියේ නිසරු බව...
කතරක පීදුණු ගසක් වගේ වුව
නුඹේ මවත් එක් මවකි මෙලෝ මත
පිටට ඇලුණු නුඹේ මවගේ පපුව දැක
තේරුම් ගන්නට හැක නුඹේ දුක මට...
නුඹ ජීවත් වෙයි පාර උරුම කොට
කාගේ වරද වුව එයට හේතු කීම
හේතු සොයන්නට නැත මට අවසර
කුසගිනි නිවුමට ආ මගේ බත් පත.....
