සංසාර සංචාරේ...තෙවන දිගහැරුම...

සංසාර සංචාරේ...පළමු දිගහැරුම...       සංසාර සංචාරේ...දෙවන දිගහැරුම...



 

"අහ්හ් නංගි... ළඟ ඉඳගෙන හිටියට දන්නෙ නෑනේ හිටියෙ ඔයා කියලා. කවුරු එනකල්ද අප්පේ ජනේලෙන් බලන් හිටියෙ මෙච්චරලා...?" මගෙ හිතට කලින් කට ඉස්සර උනා.

"අනේ නෑ අයියේ...කවුරුවත් එනකං නෙවෙයි. මේ... ඔයා නේද එදා සමාධි අක්කලාගේ ගෙදර ආවේ?"
එහෙම වචන ටිකක් මටත් හොරෙන් කනෙන් රිංගල මොලේට දැනුනට ඒ කතාකරේ එයාගෙ පුංචිම පුංචි හුරතල් කටද එහෙමත් නැත්නං එයාගෙ බෝල ඇස් දෙකද කියල ටිකක් වෙලා යනකං මට බේරගන්න බැරි උනා..
"ආ..මේ..මේ..ඔව් ඔව් මං තමා එදා ආවේ...ඉතිං ඔයා මේ කොහේ ගිහින්ද?"
"පංති ගියා අයියේ. වෙනදට යන්නේ අමාලි එක්ක. අද එයාට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා. ඉතිං මං අද තනියම ආවේ."
"ඒකද මේ බයවෙලා වගේ ඉන්නේ?"
"හ්ම්ම්...අද තමයි මෙහෙදී ඉස්සරලම පංති ගියේ තනියම..."
අපි දෙන්නගේ කතාව ගොඩක් දුර ගියේ අපිටත් නොදැනිම. වෙනදට ගාට ගාට එන බස් එක අද ඉක්මනට ආව වගේ දැනුන. දන්නෙම නැතිව බහින්ඩත් ළංවෙලා කියල දැනගත්තේ අරෝශය ළඟටම ඇවිත්
"බහිමු මචං" කියද්දී.
"පරිස්සමින් යන්ඩ එහෙනම් ඈ..." කියල මං බස් එකෙන් බැස්සේ හිත රශ්මි නංගිට දීල...


"ඒ කවුද බං ඒ? කැත්‍රිනා කයිෆ් ගෙ නංගි කෙනෙක්ද බං? "
බස් එකෙන් බහිද්දිම අරෝශය ප්‍රශ්න පත්තරේ දිග ඇරියා.
"නෑ මචං නෑ...ඒ සමාධි අක්කගේ නංගි කෙනෙක්. එහෙමත් නැත්නම් උඹේ අනාගත නෑනා කියල හිතාගත්තත් කමක් නෑ. මොකෝ උඹට ජෙලද?"
"අනේ පලයන් ඩෝ යන්ඩ. අහවල් එකටයැ මං ජෙල හලන්නේ...කවුද කියපන්කො ඉතිං ඒ"
"ඒ මචං රශ්මි. සමාධි අක්කලාගේ නෑයෝ. එයාලගේ ගෙවල් ගාල්ලේ ලු. තව මාස හය හතකින් මෙහෙ පදිංචියට එනවලු. එතකන් එයා සමාධි අක්කලාගේ ගෙදර ඉඳන් ස්කොලේ යනවලු. දැන් ඉන්නේ එකොළහ වසරෙ මචං. ඇතිද උඹට විස්තර? තව ඕනෙද?
"අනේ ඇති මචං ඇති."
"අන්න හරි...මාත් ඔයිට වඩා ගොඩක් විස්තර දන්නේ නැ බං..."
"අනේ මට දැනගන්ඩ ඕනෙත් නෑ යකෝ...හූඌඌ... මෙහ් මං එහෙනං මෙතනින් නවතිනවා ඈ..."
අපි කතාවෙන් කතාව දන්නෙම නැතිව අරෝශයගේ ගෙවල් වලට හැරෙන තැනටත් ඇවිත්.
"හරි හරි...මාත් ගියා එහෙනම්.පස්සේ හම්බෙමු..."
"පස්සේ නම් හම්බෙන්ඩ ඕනෙත් නෑ බං උඹවනම්..."
"ආ එහෙමද....පරිස්සමින් පලයන් මාහත්තයෝ..උඹට යකා ගහයි..."
එහෙම කියල මාත් ගෙවල් පැත්තට පය ඉක්මන් කරා.



විකසිතව නෙළුමක්ව
ඕලු මල් විලක් මැද
රැඳුනි මා හදපත්ලෙ
දිලෙන ලෙස හිරු කිරණේ....

10 comments:

  1. මුල් කොටස් කියෙවුවේ නෑනේ.. හෙමීට ඒවත් බලන් එන්නම්..

    ReplyDelete
  2. අයියෝ.... මට මේ කතාව මිස් වෙලානේ.... මුල ඉදන් කියවලාම එන්නම්.....

    ReplyDelete
    Replies
    1. ඔන්න කොටස් තුනම කියෙව්වා.... කතාව ලස්සනයි. ඉතුරු කෑල්ලක් ඉක්මනින් දාමු එහෙනම්...

      Delete
    2. ඉතුරු ටිකත් ඉක්මනටම දෙනෝ !

      Delete
  3. අපෝ.. ඇයි මෙච්චර ගොඩක් ලිව්වේ? :D

    ReplyDelete
  4. මාස හයකින් පදිංචියට එනවා කියන්නේ පාට් ටයිම් ෆුල් ටයිම් වෙන එක නේ? :)

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...