සංසාර සංචාරේ...අටවන දිගහැරුම

කලින් කොටස්


"නිකං වෙන්ඩ ඇති බං එයා කතාකරන්ඩ ඇත්තේ"
ක්ලාස් ඇරිලා එන ගමන් අරෝශය එහෙම කීවේ සඳලි අක්කගේ විස්තරේ මුල ඉඳන්ම අහගෙන ඉඳලා.
"අනේ මංදා බං. සමහරවිට එහෙම වෙන්ඩ ඇති. ඒත් බං මට නිකං මොකද්දෝ වගේ දැනුන බං එයා කතාකරද්දී".
"අනේ නිකා හිටින් වරුණයෝ. මොකෑ එකී උඹත් එක්ක පෙම් කෙලින්ඩයෑ"
"හහ්. නරක් වෙලා තියෙයි මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක පෙම් කෙලියොත්"
"මං උඹට කීව කියල හිතාගනින්කෝ. මේ පාරේ මිනිස්සු හිටියේ නැතිනම් මං උඹට කියල දෙනවා හොඳට".



"අඩේ වරුණයා...උඹ දැක්කද? අර අර..."
"මොකද්ද බං? මං දැක්කේ නෑ"
"වරෙන්කො යන්ඩ ඉක්මනට"
"කවුද බං?"
මං කොච්චර ඇහුවත් ඌ තව එක වචනයක්වත් කතා කරේ නෑ. මාවත් ඇදගෙන අඩිය ඉක්මන් කරා.
"කවුද බං? මාධවීද?"
"මාධවී මට හරියන්නේ නෑ බං. මෙන්න මෙහෙ වරෙන්කො උඹේ බෝක්කුව වහගෙන"
මං සරින් සැරේ කවුද කවුද අහලම මූට එපා වෙලාද කොහෙද.
"ආන්න අර බලපන් කවුද බස් එකට නැග්ගේ කියලා."
"අඩේ උඹ එල කොල්ලෙක්නේ. උඹට පනහේ රීලෝඩ් එකක් දාල දෙන්නම් ඈ. ලබන මාසේ"
එහෙම කියාගෙන මං අරෝශයවත් ඉස්සරකරගෙන ආවේ බස් එක ලඟට. මට ඕනේ උනේ සති ගානකින් දැකපු නැති ඒ සුදු මූණ ටිකක් බලාගන්ඩ. ඔව් ඔව්. ඒ බස් එකට නැග්ගේ මගේ රශ්මි නංගියා තමා. එත් එයාට ඉඳගන්ඩ නෑ. පවු. සෙනග ගොඩේ හිර වෙලා පොඩි වෙලා යන්ඩ වෙන්නේ මගේ රෝස මලට. එක අතකින් ඒකත් හොඳයි. අපි දෙන්නට අද ඇති වෙනකන් කතා කරකර යන්ඩ පුළුවන්.


"හලෝ...වරුණයා...මෙහෙ කොහෙද?" ඒ සද්දෙට බස් එකේ දොර ගාවට වෙලා මං ගොඩනගපු හීන ලෝකේ උඩ ඉඳන් බිමට වැටුණු අලුත දාපු බිත්තරයක් වගේ පොඩි වෙලා සී සී කඩ උනා. කවුද මේ දුෂ්ටයා කියල මං බැලුවේ. වෙන කවුරුවත් නෙවේ. අරෝශයම තමා.
"ඉද්දකින් යකෝ. තොට කෙල්ල දැකපුවම කෙල්ල පෙන්නපු මාවත් අමතක උනා නේද? වල් බූරුවා".
"එහෙම තමයි බං. උඹේ ඔය ටකරං මූණ කවදා බලාගන්ඩ බැරිද. ඒ වගේද යකෝ අර සුදු මූණු පොඩිත්ත?"
"නෙදකින් විතරක්" ඌ එහෙම කියපු හැටියට අපි දෙන්නටම හිනා ගියා.
"මෙහ්...අද නගිමු බං බස් එකට. මට රශ්මිත් එක්ක කතාකරන්ඩ ඕනේ."
"යකෝ පිස්සෙක් වගේ දඟලන්ඩ එපා. අර බලපන්...ඔහොම එක පාරට හැරිලා බලන්ඩ එපා මී හරකෝ...අර රශ්මිත් එක්ක අමාලිත් ඉන්නවා."
"අයියෝ" ළඟ ළඟම දෙවෙනි පාරටත් හිත කඩන් වැටෙනකොට මටත් නොදැනීම කටින් පිටවුනා.


 සංසාර සංචාරේ...නවවන දිගහැරුම


ප.ලි
ඔන්න ඉඳලා ඉඳලා පෝස්ට් එකක් දැම්මා. ඒකත් දිග වැඩිද මංදා. :D ඔන්න හෙටින් පස්සේ මම නෑ. ආයේ ඉතින් මේ පැත්තේ කවදා කොහොම එන්ඩ වෙයිද කියන්ඩ දන්නෙත් නෑ. පුලුපුලුවන් විදියට කට්ටියගේ පෝස්ට් එකක් කියවලා කමෙන්ට් එකක් දාන්නම් එහෙනම් කස්ටියගෙම...සිහින සැබෑවේවා!

ප.ප.ලි.
අවුරුදු උත්සවෙටනම් එන්ඩ වෙන්නේ නෑ. ඒත් ඉතින් කට්ටියගේ රසබර, මඩබර පෝස්ට් වැටෙයිනේ නේද? එන්ඩ බැරිවෙන අපට ආවා කියලා දැනෙන්ඩ ලියන්ඩ එහෙනං ඈ! ජය!


4 comments:

  1. අනේ ඔව් මේ පෝස්ට් එක හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ දිගයි.කමක් නෑ ඉතින් එහෙම හරි ලිව්වනේ.දිගටම ලියමු!!

    ReplyDelete
  2. ඇයි බං ටිකක්.. හෙලා දකිනවා..

    ReplyDelete
  3. පුදන කොටම කාපි යකා කිව්වලු.

    ඇයි ඉමල්ක කොහෙ යන්නද? ඇයි අර ප.ලියේ එහෙම දැම්මේ?

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...