සු.කො බ.කො


ඔන්න මුලින්ම කිව්වා.... වැරදියට තේරුම් අරං මට බනින්ඩ එපෝ...! චූටි චූටි ලපයි සිපයි ඉන්නවනම් දැන්මම බ්‍රව්සරේ ටැබ් එක ක්ලෝස් කරලා දාන්ඩ...

දැන් වැල් වටාරම් නැතිව කෙලින්ම කතාවට. 


 
ඔන්න එකෝමත් එක කාලෙක තැපැල් කන්තෝරුවකට ආවලු ලියුමක්. ඔන්න ඔය ලියුමේ ඉතින් ලිපිනය විදියට ලියල තිබ්බේ ඔන්න ඔය පින්තූරේ තියෙන විදියට
"සු.කො."
"බ.කො."
කියල විතරලු. ඉතින් පියුං මහත්තයත් තමන් අවුරුදු ගානක් ලියුම් බෙදන තමන්ගේ ගමේ එහෙම ලිපිනයක් නෑ කියල හොඳටම දැන දැනත් ගෙයක් ගෙයක් ගානේ ගිහින් හෙව්වලු මේ සු.කො බ.කො ලියුමේ අයිතිකාරයෙක්ව. හොයල හොයල හම්බුනේ නැති තැන මිනිහා ගියාලු අල්ලුපු ගමේවත් ඉන්නවද බලන්ඩ. අල්ලපු ගමේ ඉස්ඉස්සෙල්ලම තියෙන ගේ ගාවට ගිහින් ගැහුවලු "ට්‍රීරීරීරීං ට්‍රීරීරීරීං" ගාල බයිසිකලේ බෙල් එක. ගෙදර මනුස්සයා උදැහැනැක්කෙම කොහෙද ගෙහුං හන්දා ගෙදර උන්දා ආවලු පියුං මහත්තයා මුලිච්චි වෙන්ට.
මොනවා නැතත් සිරියාවන්ත ගෑනු පරානයක්නේ කියල පියුං මහත්තයත් දත් හැලුණු තැන්වල හිදැස් එහෙම විදහාලා හොඳ හිනාවක් පෑවලු. අනේ වරදක් කියන්ඩ ඕනේ නෑ අර ගෑනු පරානෙත් කට කනට යනකන් හිනාවක් දැම්මලු පියුං මහත්තයට. මොකද ඉතින් වෙනදට එන කටේ දත් 4ක් තියෙන පියුං මහත්තයට වඩා මේ පියුන්ගේ කටේ දත් 2ක් 3ක් වැඩිපුරත් තියෙනවනේ.
පියුං මහත්තයත් ඉතින් හිනාවෙන් වශීකෘත වෙලා වෙන ලෝකෙකට පාවෙලා ටිකකින් ආයෙමත් මේ ලෝකෙට පියාඹල ඇවිත් අර උන්දා ගෙන් ඇහුවලු "සුකෝ බකෝ මෙහෙද?" කියල..
ඒක අහල අර උන්දැ ඇඳන් හිටපු චීත්ත පොටත් තවටිකක් තද කරගෙන මිදුලට බැහැල කිව්වලු...
"පියුං මහත්තයා මේ...බෙදන ලියුමක් ඔහේගේ ගමේ බෙදාගන්ඩ. එහෙ උන්ට කියල කියල මෙහෙත් එනවා ඒ පාර මිනිස්සුත් නැති අතරේ අපිටත් කුණුහරප කියන්ඩ." කියල අසරණ පියුං මහත්තයව එලෝ ගත්තලු.
පියුං මහත්තයටත් මල උපරිමයිලු. ලියුමේ අයිතිකාරයා හොයන එක පැත්තකින් තියලා ආපහු ගියාලු තැපැල් කන්තෝරුවට. ගිහින් ලියුමේ යටින් ලිව්වලු....
"මොක"
"පකො" කියලා. ලියලා අත්සනකුත් දැම්මලු. දාලා ලියුම පැත්තකින් තියල තිබ්බලු. කාලයක් යනකොට පියුං මහත්තයටත් මේ ලියුම ගැන අමතක උනාලු. එත් පාර්ශව දෙකකට මේක අමතක උනේ නෑලු. ඒ ලියුම් එවපු කට්ටියටයි, ලියුම ලැබිය යුතු කට්ටියටයි. දෙපාර්ශවේම එකතු වෙලා අදාළ අදාළ තැන් වලින් ලියුම ගැන අහගෙන එද්දී ලියුම් ඇවිත් ඇවිත් නැවතිලා තියෙන්නේ මේ කලින් කියපු තැපැල් කන්තෝරුවේ බව දැනගත්තලු. ඉතින් අදාළ තැන් වලට පැමිණිලි කරලා එහෙම පරික්ෂනේකුත් තිබුනලු. ඉතින් තැපැල් කන්තෝරු පරීක්ෂාවේදි අර අරුම පුදුම ලිපිනය ලියපු ලියුම හම්බුනාලු. ඉතින් කොහොමහරි පියුං මහත්තයට විරුද්දව නඩුවකුත් පවරිලාලු ලියුම් තමන් සන්තකයේ රඳවාගෙන බෙදා නොහැරීමේ වරදට.
ඔන්න දැන් නඩු දවසලු. නඩු බාණ්ඩයක් විදියට ඉදිරිපත් කරපු ලියුම දැකපු නඩුකාර තුමාගේ ඇස දෙක නැවතුනේ නලලෙලු. ඇයි දෙයියනේ මේකේ කුනුහරපත් ලියලනේ. ඒ වගේම නඩුකාරතුමාටත් හෙන ගැටලුවක්ලු මේ ලිපිනය. ඉතින් එතුමා මුලින්ම ඇහුවලු පැමිණිලි පාර්ශවෙන් මේ ලිපියෙ ඔහෙලා ලියපු ලිපිනය මොකද්ද කියල.  පැමිණිලි පාර්ශවෙත් බොහොම ගරුසරු ඇතිව නැගිටලා පිළිතුරු දුන්නලු
"ස්වාමිනී...සුරාබදු කොමසාරිස්. බටහිර කොළඹ" කියල.
ඒක අහපු නඩුකාරයට හිනා යන්ඩ ආවත් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තලු. එත් සභාවෙන් නම් තැනින් තැන හොරෙන් හොරෙන් වගේ හිනා හඬවල් මතු උනාලු. එත් හැමෝම හිනා වෙද්දී පියුං මහත්තයට නම් දෙලොව රත් උනාලු. ඇයි ඉතින් තමන් තරහට ලිව්වේ කුනුහරපක් කියල දන්න හින්ද. දැන් නඩුකාරතුමා ආපිට ලියපු එක අහනවා කියලත් දන්න හින්ද හොඳ උත්තරයක් කල්පනා කරාලු ගැලවෙන්ඩ. එත් එක්කම නඩුකාර තුමා පියුං මහත්තයාගෙන් ඇහුවලු තමුන් මේ ලියුමේ අසභ්‍ය වචන ලිව්වේ මොකද කියලා. පියුං මහත්තය කිව්වලු...
"අනේ හාන්දුරුවනේ...මං ඕකේ අසභ්‍ය වචන ලිව්වේ නෑ" කියල. නඩුකාරයටත් ටිකක් මල පැන්නලු. ඇයි ඉතින් එතුමත් ඇස්දෙකෙන් දැකපු එක මේ මිනිහා නෑ කියනවනේ.
"හා එහෙනම් තමුසේ මේ ලියල තියෙන්නේ මොකද්ද?" කියල නඩුකාරයත් ටිකක් සැරෙන් ඇහුවලු.
පියුං මහත්තයා කිව්වලු.. "අනේ හාන්දුරුවනේ...මං ඔය ලියුම අරන් ගම වටේම ගියා. එත් මට අයිතිකාරයෙක් හොයාගන්ඩ බැරිවුනා. ඉතින් මං ඕකේ ලිව්වේ..මොහු කවුද, පදිංචි කොහෙද? කියල විතරයි හාන්දුරුවනේ..." කියල විතරමලු.

9 comments:

  1. මොහු කවුද, පදිංචි කොහෙද

    එතකොට එන්නෙ මො.කො. ප.කො කියලනේ බං

    සු.කො නැහැනේ..

    සිරා කතාව ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඇයි සෑමෝ සුකො කියල ලියලා තියෙන්නේ එවපු උන් නේ.
      සසුරාබදු කොමසාරිස් කියල

      Delete
  2. හහහා..... ලොවෙත් බං!!!

    උඹ පකො බං??? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාලට ටිකක් ලඟ තමා මමත්. හිකිස්
      සිහින සැබෑවේවා!

      Delete
  3. :D සිරා සීන් එක

    ReplyDelete
  4. Replies
    1. මොකුත් හිර වෙලාද සමනළියො? :0

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...