ගැජමැටික්ස් සහ ගැටළුවක්!


අද නම් ආවේ කතාවක්වත් කවියක්වත් අරගෙන නම් නෙවෙයි. වැල්වටාරම් නැතිව කෙලින්ම කියනවනම් පොඩි ගැජමැටික්ස් ටිකක් සහ ගැටළුවක් අරගෙන.

මුලින්ම ගැජමැටික්ස් ගැන!

1. Gmail notifier.

මේක නම් හුඟාක් දෙනෙකුට වැදගත් වෙයි කියල හිතුනා. ගොඩක් අය දැනටමත් මේක පාවිච්චි කරනවත් ඇති. පාවිච්චි නොකරන අයට විස්තරේ කියවල බලල කැමතිනම් download කරගන්නත් ලින්ක් එක පහල දාලා තියෙනවා.


මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක වැදගත් වෙන්නේ gmail ගිණුම් තියෙන අයට. මේ ගැජමැටික් එකෙන් පුළුවන් අපිට අපේ desktop එකේ ඉඳන්ම අපේ gmail ගිණුමට එන ඊමේල් බලාගන්ඩ. වැදගත්ම කාරණේ තමයි මේකෙන් පුළුවන් එකවර gmail ගිණුම් 5ක් හසුරවන්න. ඒ වගේම සෑම විනාඩි 2කට වරක් ඔයාගේ gmail ගිණුම් පිරික්සන නිසා ඔබට ඊමේලයක් ලැබී විනාඩි 2ක් වැනි සුළු කාලයක් ඇතුලත අලංකාර කාන්තා කටහඬකින් ඒ බව දැනගැනීමට හැකියාව ලැබීම. ඒ වගේම මේකේ ඉඳන් ඊමේල් කියවීමේ හැකියාවත් තියෙන නිසා බාවිතා කිරීමට වඩාත් පහසුයි.
 

මෙන්න මෙතනින් බාගන්න. ( 2.62MB )
 

පාවිච්චියේදී කිසිම ගැටළුවක් මටනම් තවමත් වෙලා  නැහැ.

2. Windows Tabs.

මේ ගැජමැටික් එකෙන් පුළුවන් අපි පාවිච්චි කරන හැම වින්ඩෝ එකකටම අර අර අපේ වෙබ් බ්‍රවුසර් වල තියෙනවා වගේ ටැබ්ස් දාගන්න. ෆෝල්ඩර් වලට, නෝට් පෑඩ් වලට, පේන්ට් වලට, ඔෆිස් වලට, ඕනෙම කෙන්ගෙඩියකට ටැබ්ස් දාගන්න පුළුවන්. මේ පහල දාලා තියෙන්නේ මං ගත්තු ස්ක්‍රීන් ෂොට් දෙකක්. 


මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක බාගන්න. ( 1.1MB )
සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරහම notification area එකේ අලුත් අයිකන් එකක් පෙන්නයි මේ වගේ. ඒක උඩ රයිට් ක්ලික් කරලා සෙටින්ග්ස් ගිහින් ඔයාට ටැබ්ස් ඇක්ටිව් කරන්න ඕන සොෆ්ට්වෙයා එකට ටික් කරන්න. ඊට කලින් ඔයාට ටැබ්ස් ඇක්ටිව් කරගන්න ඕනේ සොෆ්ට්වෙයා එක ඕපන් කරලා ඉන්න ඕනේ හරිද? Auto group වෙන්න ඕනි නම් ඒකත් ටික් කරන්න.
මතක ඇතිව දැනටම ටැබ්ස් තියෙන වෙබ් බ්‍රව්සර් වලට ටැබ්ස් ඇක්ටිව් කරන්ඩ එපා..
මේක ගැන වැඩි විස්තර. 


දැන් මට තියෙන ගැටලුව....

අපි හැමොම ලාංකීය සින්ඩිය ගැන දන්නවනේ. මාත් මගේ blog එක ඒ සින්ඩියට ඇතුල් කරලා තියෙන්නේ. ඒ ඉතින් blog කෙරුවාවට ආපු මුල් දවස්වලම. ඒ දවස්වල ඉතින් මෙව්වා ගැන වැඩිය දන්නෙත් නැතිව හිටියේ. ඉතින් ඒ නොදැනුවත්කමට මම ලාංකීය සින්ඩියට දීල තියෙන්නේ මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් වල RSS FEED url එක. දැන් ඉතිං ලාංකීය එකේ අප්ඩේට් වෙන්නේ මගේ පොස්ට් වෙනුවට කමෙන්ට්ස් ටික. ඒක දැනගත්ත දවසේ ඉඳන් හදාගන්ඩ දැඟලුවත් හදාගන්නත් බැරි උනා.
ඉතින් ඔන්න ඕකයි මගේ ගැටලුව. මේක හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්ඩලා ඈ !

සිහින සැබෑවේවා!

29 comments:

  1. ප්‍රශ්නෙට උත්තර නම් මා නොදනිමි :(

    ReplyDelete
  2. මාත් නොදනිමී. අපි ප්‍රවීනයෙකුගෙන් අසා දැනගමූ

    ReplyDelete
    Replies
    1. කරපු උදව්වට ගොඩාක් ස්තුතියි අයියේ!

      Delete
  3. http://syndi.lankeeya.lk/ ලොග් වෙන්න..
    වම් පැත්තෙ යටම feedback box එකක් වගේ ඇති. එතනට ඔයාගෙ ගැටළුව කියන්න එයාලා හදාවි

    ReplyDelete
    Replies
    1. ඊමේල් මගින් නම් දැනුම් දුන්නා. බලමු මේකත් කරලා. ස්තුතියි සහයෝගෙට

      Delete
  4. මම මේ පැත්තෙ පය ගැහුවෙ අදමයි... නියමෙට කරගෙන යනව... සුභ පැතුම්.. ජී මේල් සොෆ්ට් එක නම් පට්ට ගති...

    මගේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්න...

    ReplyDelete
  5. ඔය URL පලහිලවුනං මෙලෝ දෙයක් මංදන්නෑ. කවුරුහරි උදව් කරයි.

    ReplyDelete
  6. යසිත් කියලා තියෙන දේ කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. එකත් කරලා බලනව. හරිගියොත් හොඳයි

      Delete
  7. කෝ මේ චන්දන අයියා??? එයාව පොඩ්ඩක් කොන්ටැක් කරල බලන්ට..

    ReplyDelete
  8. මචන් Gmail software එක නම් භාවිතය හොඳ
    නැහැ .කෙළින්ම pw එක third party යනවා..
    google එකෙන් දීපු එකක් නෙවේ මේක ..
    අනික් අයත් මේක පාවිච්චි කරන්නේ බලාගෙන ..
    acc ටික පිෂින් වෙන්න පුළුවන් ....

    lankeeya කාර්ය මණ්ඩලයේ පිහිට පතන්න ..
    වෙන කල හැක්කක් නැහැ...

    ReplyDelete
    Replies
    1. එහෙම දේකුත් තියෙනවා තමා. මටනම් තවම අවුලක් උනේ නෑ.

      ලාංකීය කාර්ය මණ්ඩලයෙනුත් පිහිටක් ලැබුනේ නෑ අයියා. එකයි අවුල. :(

      Delete
  9. අටං අයියගෙ බ්ලොගෙන් ආව ඔන්න උත්තර දෙන්ඩ. ඒ උනාට එව්ව ගැන මෙලෝ හසරක් දන් නෑනේ. සොරි

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ සමියා...ආව එකම මදැයි!

      Delete
  10. මටත් හිතෙන්නෙ හොඳම දේ ලාංකීය කාර්‍යමණ්ඩලයට මේ ගැන කියන එකයි. එතකොට මොකක් හරි විසඳුමක් දෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. එයාලටනම් කීවා! එත් තවම විසඳුමක් නැහැ chams :(

      Delete
  11. මරු ගැජමැටික්ස් ටික...අර සීන් එක නං දන්නෙ නෑ...

    ReplyDelete
  12. අනේ මචං මාත් ඕව දන්නෑ..මුලින්ම ආ නිසා සටහනක් තියා යමි.

    ReplyDelete
    Replies
    1. අව්ලක් නෑ වීයා! උදව් කරන්න හරි ආවනේ!

      Delete
  13. කොමන්ට් වල කොහෙද බන් ෆීඩ් එකක් තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මාත් දැනන් හිටියේ නෑ මචං. ඒත් දැන් නම් දන්නවා. පෝස්ට් වලට වගේම කමෙන්ට් වලටත් ෆීඩ් url එකක් තියේ.
      මේ තියෙන්නේ මගේ කමෙන්ට්ස් වල ෆීඩ් url එක
      http://sihinasatahan.blogspot.com/feeds/comments/default?alt=rss

      Delete
  14. ඉමල්ක, මගේ ඩෙනිමත් ලාංකීය එකට දීලා තියෙන්නෙ. කිසි දෙයක් වුනේ නෑ. ආයෙම පාරක් අලුත් බ්ලොග් එකක් හැටියට ඇතුල් කරන්න උත්සාහා කරන්නකො හරි ග්ෆීඩ් එක දා

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...