"ළමායි, සේරමලා පංතියෙන් එලියට එන්ඩ. ඇවිත් පංතිය ඉස්සරහ පෝලිමක් හැදෙන්ඩ."
"සීතක්කෙ, ඔය හතරෙ පංතියෙ ලමයිනුත් එලියට අරන් පෝලිමක් හදන්ඩකො. තුනේ පංතියෙ දම්මි මිස්ටත් කියන්ඩකො ලමයි එලියට දාල පෝලිමක් හදන්ඩ කියල."
"ඔය ඔය ඉතින් ලාල් දඟලන්නෙ නැතුව ඉන්නව ගුටි කන්නෙ නැතිව. ළොකු මහත්තයත් එනව දැන්."
............... ............... ...............
"සර්, තුන හතර පහ පංතිවල සේරම ලමයි ගත්ත එලියට සර්."
"හා හරි සුගුණා මිස්. මේ මහත්තුරුන්ට ඕනෑ කරන විධියට වැඩකටයුතු ටික ඉශ්ට කොරල දෙන්ඩකෝ."
"හා සර්."
"සර් මේ පහේ පංතිය. අර හතර. අර අන්තිමට තියෙන්නෙ තුනේ පංතිය."
"බොහොම ස්තූතියි මිස්. අපි තුනේ පංතියෙ ඉඳන් ඉහලට බලාගෙන එමු."
"මිස් නේද පහේ පංතිය බාර ගුරුවරිය? මිස්ගෙ පංතියෙත් ඉන්නව ලමයි තුන්දෙනෙක්. මම ලමයි තුන් දෙනාගෙ නම් ටික ලියාගත්තා. ඒ කට්ටියට පණිවිඩෙ දෙන්ඩ."
............... ............... ...............
"ඇයි බං නිමල් ඊයේ ස්කොලෙ ආවෙ නැත්තේ? ආනන්දයටයි ලෙච්චමීටයි නම් හොඳට හම්බුනා. උඹත් ආවනම් උඹටත් හම්බෙනවනේ."
"නිමාල්ල්ල්... මෙහෙට එන්ඩ..."
"ටීච..."
"ඇයි දරුවෝ ඊයේ ආවේ නැත්තේ."
"හොඳම දත්ටික තිබුනට ටීච මං දත් මදින්නෙ අඟුරු වලින්.ටීචට පෙන්නන්ඩ ගේන්ඩ බුරුසුවක් තිබුනේ නෑ ටීච. ඒකයි ආවේ නැත්තේ."
maru maru
ReplyDelete:) ආවට ස්තුතියි...!
Deleteදුකා....යි.
ReplyDeleteඅටම්පහුර ලියපු සෙරෙප්පු දෙකේ කතාව මතක් වුනා !
ජය !
මටත් දුක....අ හිතුනා.
Deleteඅටම් අයියගේ කතාව නම් ගින්දර!
ඇඩෙනවා!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෙ හේ
Deleteරජාලා අඬලා හරියනවයැ
අන්න නියම කොල්ලෝ.
ReplyDeleteඅන්න කොල්ලෝ!
Delete:D
දත් සුදුවෙන්න දත් මදින කාලේ අඟුරු තමයි අපේ දත් බේත!
ReplyDeleteකතන්දර සූරිනුත් ඇවිල්ල මෙහෙට. මාර සතුටුයි!
Deleteමේ කතාවත් 1960 ගණන්වල
මේ කතාවෙන් යටි පැත්තකුත් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteහ්ම්ම්...
Deleteදුක හිතෙන කථාවක් :(
ReplyDeleteමටත් දුක හිතුන!
Deleteඅපූරු කතාවක්.. ඒ වගේම සංවේදියි..
ReplyDeleteනම් ගම් විතරක් වෙනස් කලත් කතාව සතයක් නිසා වෙන්නැති
Deleteමේ ස්ටයිල් එකට මාත් මනාපයි.
ReplyDelete:) රාජ් අයියව සාදරයෙන් පිලිගන්නවා
Deleteහෙනට දුක හිතුනා
ReplyDeleteනියම පෝස්ට් එක
දුකට පුන් ගහගනින් එහෙනම්
Deleteහිතිය යුත්තක්
ReplyDeleteවිශිෂ්ටයි
ස්තුතියි!
Deleteකතාව ලස්සනයි. දිගටම මෙව්වා වාගේ එව්වා ලියන්න
ReplyDelete