The Benson Sculpture Garden

මට මේ පින්තූර ටික හම්බුනේ ඊයකින්. ඇත්තටම ලස්සනයි කියල හිතුනු හින්දා මට හිතුනා ඔයාලත් එක්ක බෙදා ගන්ඩ. අන්තිමට පොඩි විස්තරයකුත් තියෙනව. කියවලම යන්න.
























































මේ පින්තූර අරන් තියෙන්නෙ The Benson Sculpture Garden කියන තැනදි. මේ එලිමහන් ප්‍රතිමා ප්‍රදර්ශන උද්‍යානය පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ Loveland ප්‍රදේශයේ කියලා තමයි මට ආපු ඊයේ සටහන් වෙලා තිබුනෙ.
මේ උද්‍යානයේ මේ වගේ ප්‍රතිමා 100යකට වඩා තියෙනවලු.මේ පින්තූර වල තියෙන ඒවට අමතරව ජිරාෆ්, ගෝරිල්ලා, ඌරෝ, වගෙ සත්තුන්ගෙ ප්‍රතිමාත් තියෙනවලු මෙතන. ඒ වගේම හැම අවුරුද්දෙම අලුත් ප්‍රතිමා කිහිපයක් මෙකට එකතු කරනවලු. මේ ලස්සන ප්‍රතිමා හැම එකක්ම ස්ථාවරව ස්ථානගත කරල තියෙන්නෙ ගස් ගල් පොකුණු අතර එළිමහනෙ ස්වාභාවිකවමයි.

මේ උද්‍යානයෙදි හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙ දෙවෙනි සති අන්තයේ විශාලතම එළිමහන් ප්‍රතිමා ප්‍රදර්ශනයක් පැවැත්වෙනවලු. ඒකට ඇමෙරිකාවෙ වගේම කැනඩාවේ ප්‍රතිමා නිර්මාණ ශිල්පියෝ විසින් නිර්මාණය කරනු ලබන අලංකාර ප්‍රතිමා දහසකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරනවලු. ඒ වගේම ඒවා අවශ්‍ය අයට මිලදී ගැනීමෙ අවස්ථාවකුත් සලසල තියෙනව කියලයි කියලා තිබුනෙ.

ඔන්න මං ඉතින් ඔයාලත් එක්ක බෙදාගත්තා...

6 comments:

  1. ම්ම්ම්... ලස්සන ප්‍රතිමා ටික.......

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මං ඔයාලත් එක්ක බෙදාගත්තේ

      Delete
  2. ගොඩක් ඒවා ඇත්ත ඒවා වගේමයි.ඇත්තටම ලස්සන නිර්මාණ ටිකක්.

    ReplyDelete
    Replies
    1. පාට ඩිංගක් තැවරුවානම් රවට්ටන්ඩ තිබ්බා නේද කට්ටියව. :)

      Delete
  3. පට්ටයි....... ඔව්ව හැදුව කෙනාට කියල බැරිද මගෙත් පිළිමයක් හදවාගන්න. :)
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඇහැක්වෙයි ඇහැක්වෙයි. කියල බලන්ඩකෝ. මිනිහට වෙන වැඩ නැත්නම් හදලා දෙයි
      :D

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...