ඔන්න ඔහොමලු උනේ...


අද මගේ පෝස්ට් එකනම් ටිකක් අමුතුයි වගේ. කියවල බලල හොඳ නරක කියලම යන්න කියල තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ.

ඉස්සර කාලෙක හිටියා මෝඩ ජෝඩුවක් ගම්බද
මැටි අප්පුයි ගොන් අප්පුයි කියල කිව්වේ ඒ දෙන්නට
අතේ සතේ නැතත් යනවා හැම රෑටම බීගන්නට
එදත් ගිහිල්ලා එනකොට වෙලාව ඇති දොළහා විතර

( කහපාටින් කතා කරන්නේ මැටි අප්පු. නිල්පාට ගොන් අප්පු. පටලගන්ඩ් එපා )



අර බලපන් අතන මචං කවුද යකෝ ඒ ඉන්නේ
    කෝ බලන්ඩ පෙන්නාපන් මං නෑ බන් තව දැක්කේ

උඹට කොහෙද ඇස් පේන්නේ උඹ කොහොමත් පොට්ටයනේ
    කවුද යකෝ පොට්ට, උඹනේ, ඩෝප් සැරට ඔය පේන්නේ

මට නෑ බං ඩෝප් උනේ රතු අක්කා දුන්නේ නැනේ
    එකී උඹට බොන්ඩ දෙයියැ උඹ ඒකිට තව ණයයිනේ

ණයට උනත් දෙන්ඩ තිබ්බ මං හැමදා බොන එකානේ
    උඹට ණයට දීලා කවුද ඒකිගේ බඩ පුරවන්නේ?

උඹට මාර කැක්කුමක්නේ රතු අක්කා ගැන තියෙන්නේ
    දැක්කේ නැද්ද උඹ මෝඩයෝ රතු අක්කගේ දුව ඇවිත්නේ

දැක්ක තමයි උඹ මොකටද රතු අක්කගේ දුව බලන්නේ?
    දෑවැද්දට කසිප්පු බොල රතු අක්කා දෙනව කීවේ

එහෙනං බොල අපිට නිකන් කසිප්පු ටික බොන්න හැකිනේ
    අන්න උඹට මොකාද වගේ ඒ ටික දැන් තෙරුනානේ

එහෙනං අපි ආපහු යමු කෙල්ල අරන් කසිප්පු බොමු
    දැන් බෑ බං රෑ උනානේ හෙට ඇවිදින් අපි වෙරි වෙමු

අන්න මචං අතන ඉදන් ආයේ කවුද අත වනනව
    බයයි යකෝ මං ඕවට මෙතන හොල්මනුත් ඉන්නව

හොල්මනකට බයනම් උඹ කොහොමද රතු කෙල්ල ගන්නේ?
    එකිත් එක යක්සනියක් වගේ නේද බං පේන්නේ?

එකනේ බං මං කිවේ අපි කෙල්ලව අතැර දාමු

    පිස්සුද බං දෑවැද්දට දෙනව බූලියක් කස්සිපු

හොල්මනකට බය උඹ නම් රතු අක්කගේ දුවම ගෙනෙයි
හොල්මනකට වැඩිය ඒකී වස නපුරුයි සැර පාටයි

 

ඔන්න ඔහොම කියල මැටි අප්පු ගොන් අප්පුට කින්ඩිය දානවා. සෙකන්ඩ් වෙන්ඩ කැමති නැති ගොන් අප්පු මෙන්න මෙහෙම කියනවා.

    කසිප්පු බූලිය තියාන කෙල්ලව මං පන්නනවා
    වරෙන් යන්ඩ මාත් එක්ක හොල්මන මං එලවනවා


හොඳටම වෙරිවෙලා ඉන්න ගොන් අප්පු මේ යන්නේ හොල්මන එලවන්ඩ. ඇත්තටම මේ යන්නේ ගොන් අප්පු නෙවෙයි. ගොන් අප්පු බීපු කසිප්පු.

උඹ පලයන් ඉස්සරහින් මං එන්නම් පිටිපස්සෙන්
    එහෙනම් දැන් වරෙන් යන්ඩ කෝ හොල්මන පෙන්නාපන්

ආන්න අර අතන යකෝ අර ඉන්නේ ගහ ගාවම
අත වනලා කතාකරයි හැට්ටේ ඇඳන් සුදු පාටට

    මට පේන්නේ ඒ උන්දැ කතාකරන්නේ උඹහට
    මට කලියෙන් උඹම ගොහින් බැලුවානම් නරක නැතිද?


අන්න යකෝ උඹ බයවුණා වෙරි පිට කටමැත දෙඩුවට
කතා කරනවා දැක්කම උඹ බයවුනා නේද හොඳට

    කවුද යකෝ බය හිතුවේ? මං කීවේ විහිලුවකට
    උඹ බයනම් ඔහොම හිටින් මං යනවා ඉස්සරහට


ලැජ්ජාවයි වෙරියි හින්දා ගොන් අප්පුව දිගට යනවා
බය හින්දා මැටි අප්පුවා පිටිපස්සෙන් නතර වෙනව
ඒ දන්නැති ගොන් අප්පුව ඉස්සරහට පිය නගනවා
මොනව උනත් හිත බයයිනේ ඇඟපත නම් වෙවුලනවා

ගොන් අප්පුව ලඟට යද්දී හොල්මන තව අත වනනවා
මූසල විදියට රැහැයියෝ ගස් උඩ ඉඳ කෑ ගහනවා
ඇඟ සීතල කරගෙන හොඳ හුලන් පාරකුත් හමනවා
බයට ඉන්න මැටි අප්පුගේ හදවත් සද්දෙට ගැහෙනවා

ගොන් අප්පුව හොල්මනගේ බෝම ලඟට ඇවිත් ඉන්නේ
හොල්මනගේ ඔලුව නෑනේ අත විතරයි දැන් පේන්නේ
"සරාස්" හඬින් උඩ ඉඳගෙන තවත් යකෙක් බිමට එන්නේ
ගොන් අප්පුව බිම වැටෙද්දී මැටි අප්පුව දුවන් යන්නේ


මැටි අප්පුව ගෙදර දුවයි ඉනේ තිබ්බ සරම කරේ
බයවුණු පාරට ගලනවා සුළු දිය ගඟ පාර දිගේ
සිහි මුර්ජා වී වැටුනා ගොන් අප්පුව ගහ යටනේ
මැටි අප්පුට යකා ගහලා දැන් කොහොමත් සිහිය නෑනේ

කෑ ගැහිල්ල ඇහුනු ගමේ ඈයෝ රෑම එක්වෙනවා
ගුරුන්නාන්සේ ඇවිදින් මතුරලා නූලක් බදිනවා
සිහිය නැතත් මැටි අප්පුව ගොන් අප්පුගේ නම කියනවා
හුළුඅතු ටික පත්තු කරන් ගොන් අප්පුව හොයන් යනවා

උදේ වෙලා ඉර නැගලා කන්ද උඩින් දිලිසෙනවා
මැටි අප්පුට සිහිය නැනේ ඔල්මාදෙන් දොඩවනවා
දොළහේ ඉඳන් එලි වෙනකන් ගොන් අප්පුව තව හොයනවා
ගහක් යටදී වැටිලා හිටපු ගොන් අප්පුව හමුවෙනවා

සිහිය නැනේ ගොන් අප්පුට වතුර ටිකක් මූනේ ගෑවා
"හොල්මනකට මං බයවුණා" සිහිය ආපු ගමන් කීවා
කතාව අහ ගත්තු ඈයෝ බිම පෙරලී හිනා වෙනවා
පුවක් ගහෙන් ඊයේ වැටුණු "කොලපත් දෙක" හෙලවෙනවා

16 comments:

  1. වෙනස් පෝස්ට් එකක් නම් තමයි....හැබැයි හොඳ වෙනසක් :)
    ගොඩක් අය රෑට පාලු පාරවල්වල එහෙම යද්දි ගස්වල අතුවලට, කොඩි වැල් වලට එහෙම හොල්මන් කියල බය වෙනවනෙ. කොහොම උනත් අපූරු නිර්මාණයක් සිහින :D

    ReplyDelete
    Replies
    1. ඔයත් බය උනාද chams? හිකිස්
      බෝම ස්තුතියි ඈ

      Delete
  2. හික්ස්.... බිව්වම කෝමත් කට්ටිය වීරයො වෙනවනේ..... හැක...හැක.... :)

    මේ සිහින පොස්ට් එක නම් නියමම නියමයි..... මාරම ගති... ඔයාගේ කවි හැකියාව නම් උපරිමයි කියල කියන්න පුළුවන්.....

    ReplyDelete
    Replies
    1. සමනලිත් එහෙමද දන්නෑ නෙහ්? හිකිස්
      බෝම ස්තුතියි ඈ

      Delete
  3. හික්ස් පට්ට ආතල්

    ReplyDelete
  4. නියමයි සිහින....හොල්මන් කියන්නේ ඕව තමා නේද?
    ඒ වුනාට මමත් ඉතින් පොඩ්ඩක් විතර බයයි...

    ජය වේවා!...........

    ReplyDelete
  5. මේ පාරනං හීනේ ඉවර වෙනකං ඇහැරිලා නෑ වගේ ..... තිත් දෙකයි ඩී

    ReplyDelete
  6. හොල්මන් ද කොලපත්...:D පට්ට කවි කතාව..!

    ReplyDelete
  7. හෙහ් හේ... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් රජතුමෙකුත් ඇවිත් තියෙන්නේ.
      රජතුමාටත් ආයු බෝ වේවා!

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...