ඇබැද්දිය


මං දවසක් යනවා පන්ති නැගලා බස් එකේ
සීසන් තිබ්බ හින්දා මම ටිකට් නොගත්තේ
හම්බ උනා සීට් එකක් පිනකට වාගේ
ඉඳගත්තා මං හොඳහැටි ජනේලේ අයිනේ

නැග්ගා ලස්සන කෙල්ලෙක් ඉස්සරහ දොරෙන්
ආවා මැද්දට එනකන් පූස්‌ ගමනකින්
ලස්සන ගැන වචන නැනේ කියන්නට ඉතින්
ඇස්දෙක මං කැරකෙව්වා ඒ දිහා හෙමින්



කොන්දා එනවා ඉස්සරහින් ටිකට් ටික කඩන්
මං ඉන්නවා හීන ලෝකෙ කෙල්ල මගේ කරන්
කෙල්ල ඉන්නේ එලිය බලන් ජනෙල් කවුළුවෙන්
කොන්දා ආවා එයා ලඟට ටිකට් පොත් අරන්

තට්ටු කරලා මූ පෑනෙන් කතා කළා
නංගි කොහෙද ඔයා බහින්නේ ඇහුවා
හිනාවෙලා "ටවුමේ තමයි" ඈ කීවා
පැණි පෙර පෙර කොන්දා ටිකට් එක ලීවා

එතන ඉඳන් ටවුන් එකට දහනවයයි
කෙල්ල දුන්නේ කොන්දට රුපියල් විස්සයි
මං දුන්නොත් ඉතුරු දෙන්නේ නෑ සත්තයි
කෙල්ලට මූ පහක් දුන්නා මං දැක්කයි

කෙල්ල හැරිලා පෑවා මට හිනාව
මගේ හිතට දැනුනා සතුටක් මාර
කොන්දා එක්ක තරහක් ආවත් හිතට
කොහෙන් කොහොම ගියාද දන්නෑ ඒක

කොන්දා එනවා පිටිපස්සට හෙමින් හෙමින්
එයාට පෑ සිනාව නෑ අයට අනික්
ගන්නේ සල්ලි දෙන්නේ ටිකට් හරි තරහින්
මටත් මොකද මට ලොකුයිනේ කෙල්ල ඉතින්

කොන්දා ටිකට් කඩන්නේ දැන් අන්තිම පේලියේ
මං ඉන්නවා කෙල්ල එක්ක හීන ලෝකයේ
මල්ලි කොහෙද යන්නේ ගන්ඩ ටිකට් බස් එකේ
මෙන්න විස්ස දෙන්ඩ මටත් ටවුමටම අනේ

කොන්දා දුන්නේ ටිකට් එකයි රුපියලකුත් නෑ
ඒක මොකද කෙල්ල හින්දා මට ගානක් නෑ
කෙල්ල හිනා වෙනවා වෙනවා ඉවරයකුත් නෑ
බස් එක ටවුමට ඇවිල්ල මං දන්නෙත් නෑ

බැස්ස බස් එකෙන් මං අද වෙලාවට ඇවිත්
පන්ති පටන් ගන්නේ අටට දැන් අටයි ඉතින්
තිබ්බේ අඩි දෙකයි පන්තිය වෙත දුවන හිතින්
විසික් උනා සෙරෙප්පුවක් කැඩිලා ඔලු උඩින්

ලැජ්ජාවේ සන්තෝසේ කියාගන්ඩ බෑ
බැලුව හතර වටේ කෙල්ල පේන මානේ නෑ
සෙරෙප්පුවක් අතේ අරන් පන්ති යන්ඩ බෑ
බේතටවත් මහන එකෙක් හොයාගන්ඩ බෑ

හොයල හොයල හම්බ උනා දෙයියෝ වගේ එකෙක්
කීවා මූ "ටිකක් ඉන්ඩ් මං පොඩී වැඩක්"
ගත්තේ නැද්ද මූ හපන්ඩ තඩි බුලත් විටක්
මගේ ඇඟේ මාළු නටයි "කොටියම කාපන්"

විට කාලා කෙළ ගහලා ගත්තා ඌ සෙරෙප්පුව
ගම් ගාලා අලවාලා තිබ්බා මූ සෙරෙප්පුව
"මල්ලි ඔන්න ලෙසටම මං හැදුවා උඹේ සෙරෙප්පුව
උදේම හින්දා සීයක් දීල ගනින් සෙරෙප්පුව"

යකෝ ඕක ගත්තේ මං එකසිය පනහට
ගම් එකකට යන්නෙත් නෑ පනහක් උඹට
මෙන්න සීය දීපන් ඩෝ සෙරෙප්පුව මට
උසේන් බෝල්ට් පාස් කරන් දිව්වා පන්තියට

මල්ලි උඹ අදත් පරක්කුයිනේ බන් පැයක්
අදනම් උඹ කනවා හොදට සර්ගේ පාරක්
කෝ බලපන් උඹේ තියෙන කාඩ් එක මදක්
ටික්ක කියයි එළියේ ඉඳන් සුපුරුදු කියුමක්

සර් ආවා මං ළඟටම පන්තියේ ඉඳන්
අත උස්සල ඇහුව මගෙන් ඇයි අදත් කලින්
"අනේ සර් අනේ සර්"ගෑව මං ඉතින්
සර් කියපි "උඹ අදනම් ගෙදරම  පලයන්"

ටියුට් එකත් රෝල් කරන මං එනවා හෙමින්
අනික් එවුන් බලන් ඉන්නේ හූ කියන හිතින්
යන්නට මට සී.ටී.බී බස් එක නෑ දැන්
එල්ලුනා දොරෙ ප්‍රයිවට් එකේ ගෙදර යන්ඩ මං

සල්ලි හෙව්වා පර්ස් එකේ ටිකට් ගන්ඩ මං
සතයක් නෑ පර්ස් එකේ මොකද උනේ බං
විස්ස දීල ටිකට් ගත්ත සී.ටී.බියේ මං
කෙල්ල හින්ද කුරුවල් වෙලා මගේ මොලේ දැන්

කෙල්ල හින්ද පිස්සු වැටුන-සී.ටී.බියේ ටිකට් ගත්ත
සෙරෙප්පුවක් කඩා ගත්ත-සර් මාව එලෝගත්තා
පයින් ගෙදර යා ගත්තා-කාලා බීලා නාගත්තා
සේරම අමතක කෙරුවා-ඇඳට වැටිලා නිදා ගත්තා

20 comments:

  1. හික්ස්.... මාර වැඩේනේ වෙලා තියෙන්නේ... හොද වැඩේ කෙල්ලන්ට පැණි හල හල යනවට....

    ReplyDelete
    Replies
    1. ඔහොමත් හිනවෙනවද අප්පා? පව් නැද්ද?

      Delete
  2. බලපන්කො ඉතිං උඹ චීත්ත රෙද්දක් හින්දා අන්ද කයිප්පු වෙලානේ!!! පවු ඈ!

    ReplyDelete
  3. ela machan niyamai...
    thawadanna..
    adamai awe me paththe
    enawa digatama meeta passe

    ReplyDelete
  4. අම්මප ඔව්නේ...ඕනවට වඩා යන්නම එපා..මේ පේනවනේ මං කෙල්ලෙක් පස්සන් ගිහින් විදවන හැටි..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  5. මදැයි හිනාවක් කරපු හරිය.. :)ආයේ හම්බ උනේ නැතෙයි. :D

    ReplyDelete
  6. අයියෝ සිහිනට මාර වැඩනේ වෙන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. මාරයි නේන්නං. හැබැයි මේක මට උනු එකක්නම් නෙවෙයි :)

      Delete
  7. ආය කෙල්ලෙක් එක්ක හිනාවෙන්න කලින් බලහන් මචං දැන් ඉන්න සෙරෙප්පු දෙකේ මොකක් හරි අවුලක් තියේද කියලා. :)

    ReplyDelete
    Replies
    1. බැලුවොත් බලන්නෙ සෙරෙප්පු ගලවලා තමා
      :D

      Delete
  8. පට්ට බන් සමහර තැන්වල එළිවැට අවුල් එත් මොකද ලෙසටම කතාවක් ලියලා තියෙනවා වගේ ලියලනේ.

    ReplyDelete
  9. හික්..මරු වැඩේ වෙලා තියෙන්නේ..මොනා උනත් නියමෙට ලියලා තියනවා..සුපර්..

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...