සංසාර සංචාරේ...නවවන දිගහැරුම...

"වරෙන්කො. නගිමු ඇතුලට. මෙතන බඩ උලන් ඉඳල වැඩක් නෑනෙ". අරෝශයටත් ඇති වෙලා.
"හ්ම්ම්. නගිමුකො."
නැග්ග තමයි. දොර ගාව තමයි ඉන්ඩ වෙන්නෙ. මොකෝ සේරම පෙරලගෙන කකුල් පාගගෙන බඩවල් මිරිකගෙන කෙල්ල ගාවට යන්ඩයෑ. සෙනග තව ටිකක් පිරුනමවත් ඉස්සරහට යන්ඩ ට්‍රයි එකක් දෙන්ඩ ඕනෙ. වෙනදටනම් කොන්දා ඇවිත් මෙලහටත් බලෙන්ම ඉස්සරහට යවල. අද මගෙ කරුමෙටද කොහෙද කොන්දාත් නෑ තවම. ශික් විතරක්.


"මට අද කොහොමහරි රශ්මිට කතා කරන්ඩ ඕනෙ."
"ඇයි ඒ? මොකද? දොල දුක වගේද?"
"ටිකක් විතර. මට එයාගෙ කටහඬ අහන්ඩ ඕනෙ."
එහෙම කීව විතරයි මේ මල පෙරේතය බස් එකටම ඇහෙන්ඩ හිනා උනා. ශික්. මූ නම් නැට්ට නැති වල් බූරුවෙක්. බස් එකේ සේරමල අපි දිහා බලනව. ඉස්සරහ සීට් වල ඉඳන් ඉන්න උන් නැගිටලත් බලනව. අනේ ඇත්තට මුන්ටත් ඕනෙ නැති මඟුලක් නෑනෙ. හැබැයි ඒකෙන් හොඳ දේකුත් උනා. හැමෝම බලන දිහා රශ්මිත් බැලුවා. අනේ අම්මේහ්...එයාගෙ මූණට අපිව දැකල ආපු හිනාව. නෑ නෑ ඒ හිනා උනේ මට විතරයි. මේ පුත්තලම් බූරුවට නෙවේ. ඔව් නන්ගියො. ඔයාගෙ ඔය ලස්සන හිනාව තමා මාව මුලින්ම පිස්සු වැට්‍ටුවෙ.

බස් එකේ මිනිස්සු තවමත් අපි දිහා බලනව සැරෙන් සැරේ.
"වෙන දවසකනම් මං ‍තෝව කනව අමු පිටින්."
"ඇයි උඹට අද කන්ඩ බැරිද?"
"මේ වගේ හොඳ වැදගත් දවසක මී හරක් මස් කන්ඩ බෑ බං. පොඩ්ඩක් පස්සට වෙලා කතා කරපන්කො. මට රශ්මිව පේන්නෑ"
"අනේ සකො බලලෝ. හා හා බලගනින්කො."
එහෙම කියලා අරෝශය ටිකක් පස්සට වෙලා කියවන්ඩ ගත්තා. මූට නම් පිස්සු තදවෙල අද හොඳටම. මට වැඩක් නෑ ඒවායෙන් දැන්.

රශ්මි ඉන්නෙ අමාලිට එහා පැත්තෙ. අමාලිත් එක්ක කතා කරන්ඩ රශ්මි මේ පැත්ත හැරෙන්ඩම ඕනෙ. එහෙම හැරිල කතා කරද්දි එයාගෙ බෝල ඇස් දෙක මේ පැත්තටත් කැරකෙනව. අනේ ඒ ඇස් දෙක කවදා මගෙ කරගන්ඩ පුලුවන් වෙයිද. ඇත්තට රශ්මි මට කැමති වෙයිද? එයා මට අකමැති වෙයිද? අකමැති වෙන්ඩ හේතු මොනවා කියයිද. එතකොට ඒවට දෙන උත්තර මොනවද. මගෙ හිතේ දාහක් දේවල්. අරෝශයා තනියම කියවද්දි, මං කල්පනා සයුරේ පැදගෙන ආපු පාරුව පෙරලුනේ බස් එක එක පාරටම බ්‍රේක් ගහපු හින්දා. මේ මඟුල යන්ඩත් පටන් අරන්. දැනුනෙත් නෑ.

බස් එකට නැග්ගෙ කවුද කියලා බැලුවෙ රශ්මි දිහා බලන ගමන්මයි. ම්හුහ්. ඉස්සරහ දොරෙන් කවුරුවත් නැග්ගෙ නෑ. ඒ කියන්නෙ නැගපු අය නැග්ගෙ පිටිපස්සෙ දොරෙන්. හෙමීට පිටිපස්ස බැල වුනෙ නොදැනිමයි. අයියෝ! අදනම් මහ පුදුම දවසක්. මේ දැන් බස් එකට නැගල මං ලඟටම ඇවිත් බෑග් එකත් ඉස්සරහට කරන් හිටගෙන ඉන්නෙ සඳලි අක්කා. මං එයා දිහා බලනකොටත් එයා මං දිහා බලාගෙන. මං හිනා වෙන්න කලින්ම එයා එයාටම උරුම වෙච්චි ඒ ලස්සන හිනාවෙන් මට සංග්‍රහ කරා. එහෙම්මම මං අරෝශයා දිහා බැලුවෙ දැන් මොකක් කරන්ඩද කියලා හිතාගන්ඩ බැරි වුනු නිසා. ඌගෙ කට කනෙ.

"අද ක්ලාස් ද අක්කෙ?"
මෙන්න මූ මාවත් මග ඇරල සඳලි අක්ක එක්ක කතාව.
"ඔව් මල්ලි. උදේ ඉඳන්ම ක්ලාස්. ඇති වෙලා ඉන්නෙ. බස් එකේ සෙනග නැති එකත් හොඳට ගියා"

මෙයා බයිලා කතා කරනව. අදත් වෙනදා වාගෙම සෙනග හිටියනම් රශ්මිත් එක්ක කයියක් දාගෙන යන්ඩ තිබුනනෙ. කොහෙද ඉතින් මේ හිටගෙන ඉන්න හතර පස් දෙනෙක් වෙච්චිකොට ඇඹලය වගේ එතන ගිහින් කාඩ් කුඩු කරගන්ඩ පුලුවන්යැ. 


සංසාර සංචාරේ...දසවන දිගහැරුම

4 comments:

  1. අයියෝ, මේ සඳලි මහ ඇණයක් වුනානේ.

    බෝල ඇස්දෙක? අපි නම් කිව්වේ දිගටි ඇස් කියලා බං. :D

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කියන්ඩ එපා ඩූඩ්...බෝල ඇසුත් හරි ශෝයි... දිනේශ් අයියාගෙන් අහන්ඩකො බොරුනම්... :P

      Delete
  2. උඹ මේක ලියන්නේ හිමින් නේ බං..

    මාත් ලඟකදි ඉදන් ආස නම් බෝල ඇස් වලට තමයි.. ;)

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම ලියල ඉවරකරනවා අයියේ...
      බෝල ඇස් වලට ආස කෙනෙක් හම්බෙනකන් තමයි මාත් හිටියේ. බෝල ඇස් තියෙන අය දඟයිද කියහන්කො අයියෙ.

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...