මල් මල්මද?

මලක් නොව "බිලිං" වර්ගයකි. පට්ට රසකි. නම නොදනී. ගත්තේ දෙවනගල ගල මුදුනේ...


කෙල්ලෝ මල් වගේමලු
රූපේ හරි ලස්සනලු
දෑත දිගුකර අතට අරගෙන
ආදරේ කරන්නලු


රෝස මල් පිපෙනවලු
නටුවේ කටු තියෙනවලු
දෑත දිගුකර නෙලාගන්නට
යද්දි කටු ඇනෙනවලු

බඹරු පැණි උරනවලු
නටුව හැර මල සිඹිනවලු
එක මලක පැණි බොන්නේ
එකම බඹරා නොවේමලු

අත්ත සවි නෑමලු
පය බුරුල තියන්නලු
ඔරු පදින අයියලා
මල්ලිලට කියනවලු

පුන් සඳ පායලලු
ගඟ ළඟ තනියමලු
කාන්සිය නිවෙන්නට
ඔතන මල්, ඔතනවලු

මේක කෙහෙ'මලක්මලු
අපරාදේ අපෙ කාලෙලු
කියවාපු කට්ටියට
හිතෙන්නට බැරි නෑලු


ඉක්මණට බ්ලොග් කියවන ගැජමැටික් එක ගත්තේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් අරගන්ඩෝ...

16 comments:

  1. Replies
    1. මොන කතාවද? මට මුකුත් මතක නෑනේ....
      ලියමු ලියමු....
      :D

      Delete
  2. godak lassanai...
    digatama liyanna ...

    ReplyDelete
  3. අර දාල තියෙන පින්තූරෙ නම් ෂෝක් :)

    //මේක කෙහෙ'මලක්මලු//

    එහෙම හිතුනෙ නෑලු
    කියවාපු කට්ටිය,
    කමෙන්ට් නොකර...ගියේ නෑලු :D

    ReplyDelete
  4. කාට උනත් මල්
    දෙන්නෙම නෑ මල්
    මල් ටික ටික එකතු කරන
    (ඉතුරුව මතක නෑ)

    ReplyDelete
    Replies
    1. "යසිත් තමයි මං" කියලම කියහන්. :P

      Delete
  5. මොන කෙහෙම් මලක්ද ඕයි මේ? :D

    ReplyDelete
  6. මේක කොහොමත් කාලය කන කෙහෙල මලක් තමයි .....හි

    ReplyDelete
    Replies
    1. කන්ඩ වෙන මුකුත් නැති එකේ කාලයවත් කන්ඩ එපායැ නේද? :D

      Delete
  7. මල් මල් කවියක්නේ..

    ReplyDelete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...