කලින් කොටස්
"නිකං වෙන්ඩ ඇති බං එයා කතාකරන්ඩ ඇත්තේ"
ක්ලාස් ඇරිලා එන ගමන් අරෝශය එහෙම කීවේ සඳලි අක්කගේ විස්තරේ මුල ඉඳන්ම අහගෙන ඉඳලා.
"අනේ මංදා බං. සමහරවිට එහෙම වෙන්ඩ ඇති. ඒත් බං මට නිකං මොකද්දෝ වගේ දැනුන බං එයා කතාකරද්දී".
"අනේ නිකා හිටින් වරුණයෝ. මොකෑ එකී උඹත් එක්ක පෙම් කෙලින්ඩයෑ"
"හහ්. නරක් වෙලා තියෙයි මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක පෙම් කෙලියොත්"
"මං උඹට කීව කියල හිතාගනින්කෝ. මේ පාරේ මිනිස්සු හිටියේ නැතිනම් මං උඹට කියල දෙනවා හොඳට".
"අඩේ වරුණයා...උඹ දැක්කද? අර අර..."
"මොකද්ද බං? මං දැක්කේ නෑ"
"වරෙන්කො යන්ඩ ඉක්මනට"
"කවුද බං?"
මං කොච්චර ඇහුවත් ඌ තව එක වචනයක්වත් කතා කරේ නෑ. මාවත් ඇදගෙන අඩිය ඉක්මන් කරා.
"කවුද බං? මාධවීද?"
"මාධවී මට හරියන්නේ නෑ බං. මෙන්න මෙහෙ වරෙන්කො උඹේ බෝක්කුව වහගෙන"
මං සරින් සැරේ කවුද කවුද අහලම මූට එපා වෙලාද කොහෙද.
"ආන්න අර බලපන් කවුද බස් එකට නැග්ගේ කියලා."
"අඩේ උඹ එල කොල්ලෙක්නේ. උඹට පනහේ රීලෝඩ් එකක් දාල දෙන්නම් ඈ. ලබන මාසේ"
එහෙම කියාගෙන මං අරෝශයවත් ඉස්සරකරගෙන ආවේ බස් එක ලඟට. මට ඕනේ උනේ සති ගානකින් දැකපු නැති ඒ සුදු මූණ ටිකක් බලාගන්ඩ. ඔව් ඔව්. ඒ බස් එකට නැග්ගේ මගේ රශ්මි නංගියා තමා. එත් එයාට ඉඳගන්ඩ නෑ. පවු. සෙනග ගොඩේ හිර වෙලා පොඩි වෙලා යන්ඩ වෙන්නේ මගේ රෝස මලට. එක අතකින් ඒකත් හොඳයි. අපි දෙන්නට අද ඇති වෙනකන් කතා කරකර යන්ඩ පුළුවන්.
"හලෝ...වරුණයා...මෙහෙ කොහෙද?" ඒ සද්දෙට බස් එකේ දොර ගාවට වෙලා මං ගොඩනගපු හීන ලෝකේ උඩ ඉඳන් බිමට වැටුණු අලුත දාපු බිත්තරයක් වගේ පොඩි වෙලා සී සී කඩ උනා. කවුද මේ දුෂ්ටයා කියල මං බැලුවේ. වෙන කවුරුවත් නෙවේ. අරෝශයම තමා.
"ඉද්දකින් යකෝ. තොට කෙල්ල දැකපුවම කෙල්ල පෙන්නපු මාවත් අමතක උනා නේද? වල් බූරුවා".
"එහෙම තමයි බං. උඹේ ඔය ටකරං මූණ කවදා බලාගන්ඩ බැරිද. ඒ වගේද යකෝ අර සුදු මූණු පොඩිත්ත?"
"නෙදකින් විතරක්" ඌ එහෙම කියපු හැටියට අපි දෙන්නටම හිනා ගියා.
"මෙහ්...අද නගිමු බං බස් එකට. මට රශ්මිත් එක්ක කතාකරන්ඩ ඕනේ."
"යකෝ පිස්සෙක් වගේ දඟලන්ඩ එපා. අර බලපන්...ඔහොම එක පාරට හැරිලා බලන්ඩ එපා මී හරකෝ...අර රශ්මිත් එක්ක අමාලිත් ඉන්නවා."
"අයියෝ" ළඟ ළඟම දෙවෙනි පාරටත් හිත කඩන් වැටෙනකොට මටත් නොදැනීම කටින් පිටවුනා.
සංසාර සංචාරේ...නවවන දිගහැරුම
ප.ලි
ඔන්න ඉඳලා ඉඳලා පෝස්ට් එකක් දැම්මා. ඒකත් දිග වැඩිද මංදා. :D ඔන්න හෙටින් පස්සේ මම නෑ. ආයේ ඉතින් මේ පැත්තේ කවදා කොහොම එන්ඩ වෙයිද කියන්ඩ දන්නෙත් නෑ. පුලුපුලුවන් විදියට කට්ටියගේ පෝස්ට් එකක් කියවලා කමෙන්ට් එකක් දාන්නම් එහෙනම් කස්ටියගෙම...සිහින සැබෑවේවා!
ප.ප.ලි.
අවුරුදු උත්සවෙටනම් එන්ඩ වෙන්නේ නෑ. ඒත් ඉතින් කට්ටියගේ රසබර, මඩබර පෝස්ට් වැටෙයිනේ නේද? එන්ඩ බැරිවෙන අපට ආවා කියලා දැනෙන්ඩ ලියන්ඩ එහෙනං ඈ! ජය!

අනේ ඔව් මේ පෝස්ට් එක හරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ දිගයි.කමක් නෑ ඉතින් එහෙම හරි ලිව්වනේ.දිගටම ලියමු!!
ReplyDeleteඇයි බං ටිකක්.. හෙලා දකිනවා..
ReplyDeleteela ela machoo,,,,
ReplyDeleteපුදන කොටම කාපි යකා කිව්වලු.
ReplyDeleteඇයි ඉමල්ක කොහෙ යන්නද? ඇයි අර ප.ලියේ එහෙම දැම්මේ?
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය