කතා මැද කතා මැද කතා...


මාසෙකට පස්සේ නිවාඩු හම්බ උනා සතියක්. ගෙදර ආපු ගමන් අසයින්මන්ට් ටිකත් ඉක්මනට ඉවර කරලා දාලා යාලුවෝ ටිකත් එක්ක කොහෙහරි පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඔලුව ටිකක් නිදහස් කරගන්ඩ හීන මවාගෙන හිටියේ නිවාඩු දෙනවා කියල දැනගත්ත දවසේ ඉඳන්මයි.


හොස්ටල් එකේ බාගයක් විතර හවසම ගෙදර යනකොට අපි ටිකදෙනෙක් හිටියේ පාන්දර බස් එකේ පිටත් වෙන්ඩ. කොහොමහරි බොරු බයිලා කියව කියව ඉඳලා රෑ 10ට විතර නිදාගෙන ආයෙමත් පාන්දර 1ට ඇහැරලා අපි හත්දෙනෙක් ඇවිත් පාන්දර 2ට පිටත් උණු කොළඹ බස් එකට නැගල හොඳට නිදාගත්තා... ඒකෙ පැය දෙකක් තුනක් ඇවිත් තවත් බස් දෙකකත් ඇවිත් උදේ 7 වෙනකොට ගෙදරට ආවෙ බස් එකේදී පටිය කැඩිච්ච බෑග් එකත් තනි අන්ඩෙන් එල්ලගෙන ලාවට වැටිච්ච සිරිපොද වැස්සේ බාගෙට තෙමි තෙමී.

කොහොම කොහොමහරි වැඩ ටිකත් බාගෙට බාගෙට ඉවරකරගෙන කොල්ලෝ ටික සෙට් කරන්ගන්ඩ උන්ට කථා කරාම ඔන්න ඉතින් උන්ට නානාප්‍රකාර වැඩ කියපි. එකෙක් අනුරාධපුරේ යනවලු. තව එකෙක්ට සනීප නෑලු... අරකයි මේකයි ඔක්කොම. ජොබ් කරන උනුත් ඉන්න හඬ සතියේ දවසක කොහෙවත් යන්ඩත් බැරි හින්දා ඉතින් හීන මවාගෙන ආපු ට්‍රිප් එකට කොමාවක් දාන්න. ආයෙමත් ඉතින් ඊළඟ නිවාඩුවේ තමයි ඒකත් යනවනම් යන්ඩ වෙන්නේ...

ඊට පස්සේ සෙට් උනේ හොඳම කට්ට. රක්ෂණ නියෝජිතයෙක් විදියට ලියාපදිංචි උණු රක්ෂණ ආයතනයේ දවස් තුනක පුහුණුවක්. තිබුනේ කුරුණෑගල ශාඛාවේ...ඔය අතරේ ලස්සන නන්ගිබබාලා එහෙම හිටියේ නෑලු. මං ඒ පැත්ත බැලුවේවත් නෑලු ඈ...ඔය පුහුණුව අතරේ හොඳ හොඳ කථාත් ගියාලු...දන්නවනේ ඉතින් දන්නවා වැඩි අය කිහිපදෙනෙක් එකතු උනාමත්, දෙකයි දෙකයි එකතුව හතරයි කිවම ඒක පිළිගන්ඩ අකමැති අයත් ඉන්න තැනක් උනාම එතන ප්‍රශ්න ඇසීම සඳහා අසීමිත නිදහසකුත් තිබුනම වෙන්නේ මොනාද කියලා...මටනම් ඉතින් රක්ෂණාවර පිලිබඳ කිසිම ගැටළුවක් තිබුනේ නෑ. තිබුනානම් තිබුනේ ටී එකට සීනි මදි වීම, ලන්ච් පැකට් එකේ බත් මදි වීම වගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් විතරයි.

අදින් පස්සේ ඒකත් ඉවරයි. හැබැයි ඉතින් වෛදවාරන්න මිනිසුන් ගොඩක් මැද්දේ ඉඳගෙන මිනිස්සු ගැනත් රක්ෂණය ගැනත් සෑහෙන දැනුමක් ඔලුවට දාගන්නනම් පුළුවන් උනා...

මං අහපු චුට්ටිම චුට්ටි කතා දෙකකින් පෝස්ට් එක ඉවර කරන්නම්. දන්න අයත් ඇති. නොදන්නා අයත් ඇති. ගන්න දෙයක් තියේනම් ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් අනේ මන්ද ඈ....

 

කතාව 1.

මේ සිද්දිය වුනේ බාටා ආයතනය පටන් ගත්ත අලුතමලු (මට මතක හැටියට තෝමස් බාටා කියල පුද්ගලයෙක් තමයි පටන් අරන් තියෙන්නේ 1894දි). ඒ දවස්වල විද්‍යූත් ප්‍රචාරණේ එහෙම අඩු නිසා ගොඩක් ආයතන වලින් යොදාගත්තේ විකුණුම් බලකායක්ලු. බාටා සමාගමේත් හිටියලු මෙහෙම විකුණුම් බලකායක්. ඉතින් මේ බාටා  සමාගමට ඕනේ උනාලු බටහිර අප්‍රිකානු රටවල්වලත් මේ බාටා නිෂ්පාදන අලෙවි කරන්ඩ. ඊට කලින් වෙළෙඳපොල ගැන සොයාබලන්න ඕනේ හින්දා බාටා මහත්තයා යැව්වලු එයාගේ විකුණුම් බලකායේ හිටපු ගෝලයෙක්ව බටහිර අප්‍රිකාවට.
දැන් මේ විකුණුම් නිලධාරියා ගිහිල්ල සති දෙකක් තිස්සේ රිසර්ච් එකක් එහෙම කරලා ආවලු. ආවම බාටා මහත්තයා ඇහුවලු "කොහොමද එහෙ? සෙරෙප්පු විකුනන්ඩ පුලුවන්ද?" කියලා. ඉතින් මේ නිලදාරියා කිව්වලු "එහේනම් සෙරෙප්පු විකුනන්ඩ බෑ...ඒ මිනිස්සු සෙරෙප්පු දාන්නෙම නෑ..." කියලා.
    දැන් බාටා මහත්තයට කොයිල් වගේ ලු. කොහොමහරි බටහිර අප්‍රිකාවට සෙරෙප්පු ජෝඩුවක් බැරිනම් එක සෙරෙප්පුවක් හරි විකුනගන්ඩ ඕනෙමයි කියලා හිතුනලු. ඊට පස්සේ ඕනේ ලබ්බක් රුපියල් සීයයි කියල යැව්වලු තවත් විකුණුම් නිලධාරියෙක්ව බටහිර අප්‍රිකාවට.
ඒ විකුණුම් නිලධාරියාත් ගිහිල්ල සති දෙකක් තිස්සේ රිසර්ච් එකක් එහෙම කරලා ආවලු. ආවම බාටා මහත්තයා සුපුරුදු විදියට ඇහුවලු "කොහොමද එහෙ? සෙරෙප්පු විකුනන්ඩ පුලුවන්ද?" කියලා.
මේ නිලධාරියත් ගත් කටටම කිව්වලු "එහේනම් සෙරෙප්පු විකුනන්ඩ බෑ...ඒ මිනිස්සු සෙරෙප්පු දාන්නෙම නෑ..." කියලා නෙවෙයි..."අන්න එහෙ තමයි බාටා මහත්තයෝ මාකට් එක... සෙරෙප්පුවල වටිනාකම පෙන්නලා, වැදගත්කම පෙන්නලා සෙරෙප්පු නැව් පිටින් එහෙට විකුනන්ඩ පුළුවන්" කියලා... ඒ කිව්වා වගේම සෙරෙප්පු නැව් පිටින් එහාට විකුණුවත් එක්කලු.
මේක කියද්දී මතු වුනා අර "ඇස්කිමෝලට ෆ්‍රිජ් විකුණන" කතාවත්. අන්න ඒවා තමයි මාකටින් කියන්නේ.. හැබැයි ඉතින් රක්ෂණයක් ලබාදෙද්දී නම් ඊට වඩා සාධාරණ වෙන්න ඕනේ කියලත් කියලා දුන්නා..

 

කතාව 2.

මේක මේ ගෙම්බෝ ගැන කතාවක්.
ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටියලු එකෝමත් එක ගෙම්බෝ වාගයක්. මේ එකෝමත් එක රටේ එකෝමත් එක පැත්තක තිබුනලු එකෝමත් එක උසම උස කුළුණක්. හැමදාමත් බට්ටෝ පැනලා, වලකජු ගහලා, අල්ලන සෙල්ලං කරලා එපා වෙලා හිටිය ගෙම්බෝ ටික දවසක් කතා උනාලු පොඩි චේන්ජ් එකකටත් එක්ක අර කුළුණට නගින්න.

දැන් ඉතින් ඔන්න ෂෙඩූල් එකේ විදියට කස්ටිය අදාළ දවසේ ගේම පටන් ගන්න තැනට ආවලු. රටේම ඉන්න ගෙඹි නාම්බෝ ට්‍රේනින් එහෙම කරලා දැන් ගේමට බැහැල ඉන්නේ දිනලා ඉවර වෙලා තෑග්ග විදියට හම්බෙන ලස්සනම ලස්සන ගෙම්ඹි නෙවෙයි, උණුම උණු පණපිටින් ඉන්න නිල මැස්සෝ දහදෙනාව දිව දික් කරලා පට් පට් ගාලා අල්ලගන්ඩ බලාගෙන.

දැන් ඔන්න ගෙඹි පහන එහෙම පත්තු කරලා වැඩේ පටන් ගත්තලු. දුවන ගෙම්බෝ ටික මැරතන් එකට වගේ ලැස්ති වෙලා ඉන්නකොට නාකි හැලගෙම්බෝ ටික බලන් ඉන්නවලු වතුර බාල්දි එහෙම අරගෙන පාර දෙපැත්තට වෙලා.
විනිශ්චකාර ගෙම්බා හොඳට බඩ එහෙම පුම්බලා "කර්ක්‍රක් කර්ක්‍රක්" ගාපු ගමන් කට්ටිය පටන්ගත්තළු දුවන්ඩ. පාර දෙපැත්තේ ඉන්න ගෙම්බෝ ටිකත් දැන් වතුර ගගහා හුරේ දානවලු...
දැන් කට්ටිය දුවල දුවල ගිහින් කුළුණට නගින්ඩ ගත්තලු. මීටර් සීයක් විතර නගිනකොට දැන් බාගෙට බාගයක් හැලිළලු. දැන් අර නාකි හැලගෙම්බෝ ටික බාල්දි වල ඉතුරු වතුර බිබී කෑගහනවලු...

"හපෝ මේ කුලුනේ උස." 
"එකෙක්ටවත් බෑ ඕක නගින්ඩ." 
"ගෙවල් වල වැඩ නැතිවට මුන් කරන අමන වැඩ", 
"ගෙම්බන්ට පුලුවන් දේවලුත් තියෙනවා බැරි දේවලුත් තියෙනවා" අනන් මනං කිය කියා. ඕවා අහලා  දුව දුව හිටපු ගෙම්බන්ගෙනුත් තව සෙට් එකක් හැලුනලු. දැන් මේ නාකි ගෙඹි සෙට් එක මන්තරේ වගේ අර ටිකම ජප කරනවලු. මේවා අහගෙන දුවපු සේරම ගෙම්බෝ ටික හැලුනලු කුලුනෙන් බිමටම. හැබැයි එකම එකෙක් නැගල නැගල නැගල නැගල නැගල නැගල ගිහින් කුලුන මුදුනේ පොල්කට්ටකින් වහල හිටපු රසම රස නිල මැස්සෝ ටික එක පාරට කටේ දාගත්තළු. දැන් අනිත් එවුන්ට හෙන මෙව්වා එකලු මූ මෙච්චර උසක් නැග්ගේ කොහොමද කියලා. කට්ටිය ලඟට ගිහින් ඇහුවලු ගෙම්බාස්ගෙන් "කොහෙන්ද බං ඔච්චර හයියක්" කියලා. මිනිහා ගෙම්බා පොඩි හිනාවකින් විතරක් උත්තර දුන්නලු. පස්සෙලු කට්ටියට වැඩේ මීටර් උනේ. දිනපු ගෙම්බා බීරි ගෙම්බෙක්ලු. අර හැළගෙම්බෝ කියපු මොරාල් ඩවුන් කරවන මන්තර ටික ඇහුනේ නැති හින්දලු මෑන්ස් ගෙම්බා ගින්නක් නැතිව උඩට නැග්ගේ....

15 comments:

  1. කතා දෙක ම අහලා තියෙනෝ :) ඒත් අවුලක් නැතෝ. අපොයි! රක්ෂණ නියෝජිතයෝ ගැන නං මතක් කරන්න එපා. මතක් වෙනකොටත් අප්පිරිය යි.

    ReplyDelete
    Replies
    1. රක්ෂණ නියෝජිතයන්ට ආදරේ හිතෙන වෙලාවකුත් තියෙනෝ ඉතින්...

      අපේ සමාජෙට රක්ෂණය පිලිබඳ වැරදි ප්‍රතිරූපයක් බොහෝ වෙලාවට ඇතිකරන්නේ සාමාන්‍ය රක්ෂණය...

      Delete
  2. රක්සන කාරයංගේ හොම්බට අයින්න හිතුනේ මට කාර් එක හැප්පිච්ච වෙලාවේ තමා...
    හෙන ගහනවා ඕකුංටනං..

    ReplyDelete
  3. අප්පටසිරි දැනුයි මතක් උනේ මම රට එන්න කලින් මට තිබුනනේ මාසෙට 950ගැනේ ගෙවපු ජිවිත රක්සනයක් ... එකට දැන් මොකක් වෙළද දන්නෑ ......... මම මලයි කියල හැර බැරිද දන්නැ ලස්සයක් දෙකක් ගන්න

    ReplyDelete
    Replies
    1. ඇහැක්වෙයි... මරණ සහතිකේ දුන්නම.... :p

      Delete
  4. එස්කිමෝලට ඇත්තෙන්ම ෆ්‍රිජ් ඕනේ වෙනවලු ආහාර කන්න පුලුවන් ගානට මිදෙන්නේ නැතිව උණුසුම්ව තියාගන්න.

    ඒක නෙවෙයි. මටත් උඹලා ගැන කතාවක් මතක් වුනා ඕං.

    රක්ෂණ නියෝජිතයෝ වගේකට තරු පහේ හෝටලේක සෙමිනාර් එකක් තිබිලා. බුවාලට නවාතැන් හෙමත් ඒ හෝටලේමලු. රෑ පාටියෙන් පස්සේ බීලා වැඩි වෙලාද කොහෙද එකෙක් වලකජ්ජ ගහලා. හෝටලේ මැනේජර් අන්ඩර්ටේකර්ට කෝල් එකක් දීලා කිව්වලු කාමර අංක 142 තියෙන බොඩි එක අරං යන්න කියලා. පස්සෙ අන්ඩර්ටේකරයත් පොරව එම්බාම් කරලා.

    පස්සේ බලනකොට බොඩි එක තාම කාමරේ තියෙනවා දැල්කලා මැනේජර් අන්ඩර්ටේඅක්ර්ට කතා කරලා ෆෝන් එකෙන්.

    "කෝ අර බොඩි එක තාම කාමරේනේ."

    "නෑ බොෂ්, අපි ගෙනත් එම්බා එම්බාම් කරලත් තියෙන්නේ. රූම් නම්බර් 124නේ? වැඩේ හරි.

    "මඤ්ඤංද ඕයි? රූම් නම්බර් 142කේ. 124 ඉන්න ගෙස්ට් මැරිලා නෑ. තමුසෙලා මොකද කලේ?"

    "හුටා, හුටා බොස්? මම දෙකක් ඇනගෙන ඉටියේ. පොර දහ අතේ දිවුරලා කිව්වා තමයි පොර මැරිලා නෑ කියලා. මම ඒත් විස්වාස කලේ නෑ, මොකද ඕකුන් රක්ෂන නියෝජිතයොනෙ. කෙලින්නෙම බොරුනේ. මම බලෙන්ම අල්ලගෙන එම්බාම් කලා. හුටා හුටා!"

    ReplyDelete
  5. අමාරුවෙන් කොටලා දාපු කමෙන්ට් එක මිසිංනේ බං. මෙන්න ආයෙමත්.

    එස්කිමෝලට ෆ්‍රිජ් ඕනේ වෙන්නේ අවට උෂ්ණත්වය නිසා ගල් නොගැහී, කන්න පුලුවන් උණුසුමට කෑම තියාගන්න.

    ඊ ලඟට කතාවක් මතක් වුනා.

    සෙමිනාර් එකකට ආපු රක්ෂණ නියෝජිතයෝ වගයක් හෝටලේක නැවතිලා ඉඳලා. එකෙක් රෑ වලකජ්ජ ගහලා. හෝටලේ මැනේජර් අන්ඩර්ටේකර්ට කතා කරලා රූම් නම්බර් 124 තියෙන බොඩි එක අරගෙන යන්න කියලා.

    පස්සෙ මැනා බලනකොට බොඩි එක එහෙමමලු. පොර කතාකරලා අහලා අන්ඩර්ටේකර්ගෙන්.

    "හලෝ, කෝ අර බොඩි එක තාම රූම් එකේනේ."

    "නෑ බොෂ්, ඒක අපි ගෙනත් එම්බාම් කරලත් තියෙන්නේ. රූන් නම්බර් 142 කිව්වනේ? වැඩේ හරි."

    "තමුසෙට මඤ්ඤංද ඕයි? රූම් නම්බර් 124 කියලා මම කිව්වේ? තමුසේ රූම් නම්බර් 142 එකේ හිටපු ගෙස්ට්වද අරං ගියේ? ඒ යකා මැරිලා හිටියේ නාටියේ නෑනේ."

    "අම්මට හුඩු බොෂ්! මම දෙකක් ලඟ නවාගෙන හිටියෙත්. නොම්මරේ මාරු වෙලානේ. පොර දහ අතේ දිවුරලා කිව්වා තමයි පොර මැරිලා නෑයි කියලා. පොර රක්ෂන නියෝජිතයා හන්දා මම විස්වාස කලේම නෑ. ඕකුන් හැරෙන හැරෙන අතට කෙලින්නේ බොරුනේ. මම බලෙන්ම එම්බාම් කලා පොරව. දැන් මොකද බොෂ් කරන්නේ? හුටා හුටා!"

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ කමෙන්ට් දෙකම දිලිසි දිලිසි...

      එම්බාම් එකනම් මාරුවට තියෙන්ඩ ඇති නේද ඩූඩ්... හික් හික්..

      Delete
    2. අඩේ පට්ට කතාව ඩුඩ් අයියේ.. රක්ෂණ කාරයෙක් වෙන එක හෙන රිස්ක් එකක්නේ

      Delete
  6. මම හිතාන හිටියේ මේ සිහින කියන්නේ පුන්ච් ගැටයෙක් කියලා. බැලුකොට 1894 පොරක් බව දැන ගත්තේ පස්සේ. කතා දෙකම හොදයි, ලස්සනයි ආ.
    ඔය ඉතින් මම අද තමයි ආවේ මේ පැත්තට. ආයෙ එන්නම්කෝ. හැක් වෙලාවක හැක් හැක් අයත් ඒ පැත්තෙත් එන්නකෝ.

    ReplyDelete
    Replies
    1. 1894?? දෙයියෝ සාක්කි... මට එච්චර වයසද? මගුලයි...

      එන්න එන්න ආයෙත්

      Delete
  7. අනික් එවුන් කියන එව්වා අහ අහා නැවතුනොත් කවදාවත් අවසානයක් නම් හිතා ගන්න බෑ පුතෝ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...කට්ටිය බලන් ඉන්නෙම ඉස්සරහට යන එකාව නවත්තන්නනේ...

      Delete

තප්පරයක් නැවතිලා මොනවාම හරි කියල යමු ඈ...