කලින් කොටස්
පහුවදා මට ඇහැරුනේ අරෝශයගේ සද්දෙට. කිව්වත් වගේ මූ උදේ පාන්දරම ඇවිදින් මාව එක්කන් යන්ඩ. ඒ වගේ බොක්කේ යාලුවෙක් ඉන්න එකත් එක විදියක පිනක් තමයි කියල මට හිතුනා.
"නැගිටපං යකෝ. නැගිටලා ලැස්ති වෙයන් යන්ඩ." කෑගහගෙනම අරෝශයා කාමරේට ආවා.
"නැගිටිනවා නැගිටිනවා මල්ලී...මදිද නිදාගත්තා..." කියාගෙන අක්කත් අරෝශයගේ පස්සෙන් කාමරේට ආවා.
"ආපෝ...තමුසෙලානම් මාර වදකාරයෝ ටිකක්..." මාත් ඒ දෙන්නට මට කියපු විදියටම ගුඩ් මොර්නින්ග් කිව්වා.
"හා හා දැන් මල පෙරේතයා වාගේ ඉන්නේ නැතිව ගිහින් මූණ හෝදන් එනවා. ඔහොම ඉන්ඩ අරෝෂ මල්ලි මං ඔයාට තේ එකක් හදන් එන්නම්." කියාගෙන අක්කා ගියේ මට නෝන්ඩි හිනාවක් දාන ගමන්.
"හා හා මූට විතරක් තේ ගේනවකෝ" කියලා මමත් ඇඳෙන් ඉඳගත්තා.
"ගිහින් මූණ හෝදන් ලෑස්ති වෙයන් මචං. අපිට කරන්ඩ වැඩ ගොඩක් තියෙනවා." අරෝශයා එහෙම කියන ගමන් මට තට්ටුවක් දැම්මා. ඌ ඒක කියපු සීරියස් මූඩ් එකට මට ටිකක් බයත් හිතුනා.
මාසෙකට පස්සේ නිවාඩු හම්බ උනා සතියක්. ගෙදර ආපු ගමන් අසයින්මන්ට් ටිකත් ඉක්මනට ඉවර කරලා දාලා යාලුවෝ ටිකත් එක්ක කොහෙහරි පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඔලුව ටිකක් නිදහස් කරගන්ඩ හීන මවාගෙන හිටියේ නිවාඩු දෙනවා කියල දැනගත්ත දවසේ ඉඳන්මයි.
කලින් කොටස්
ඒ ලෙවල් වලට තියෙන්නේ තව මාස දෙකක් වුනාට ඔලුවේ තිබුනේ පාඩම් කරපුවා නෙවෙයි. පහුගිය කාලේ සැරෙන් සැරේ පාඩම් කරපුවත් මතකේ ඈත ඉමකට තල්ලු කරලා දාලා රශ්මිත් සඳලි අක්කත් ගැන සිතුවිලි හිත ඇතුලේ එහාට මෙහාට දඟලන්ඩ අරන් තියෙන්නේ හරියට මුහුදු රැල්ල වගේ නේද කියලත් වෙලාවකට හිතෙනවා.වැලි මළුවක් වගේ නිසසලව තිබුණු හිත දැන් මුහුදු වෙරල වගේ වෙලා. එතකොට මගේ හිත හැම වෙලේම කලබල කරවන මුහුදු රැල්ල වෙන්නේ රශ්මිද? නැත්නම් සඳලිද? එහෙමත් නැත්නම් දෙන්නමද?
කලින් කොටස්
"දැන් එතකොට සඳලි හදන්නේ උඹේ කරේ එල්ලෙන්නද?"
"එහෙම නෙවෙයි බං අරෝශ. උඹ එයාට බනින්ඩ එපා බං. උඹ එයා ගැන කොහොම හිතනවද මංදා බං. එයා පව්."
"නදීරද මොකාද එකත් මහා ජරා යකෙක්නේ බං. සඳලිට ඔහොම කරලා ඌ කොහොමද දන්නෑ හැපියේ ඉන්නේ?"
"ඌගෙ හිතේ සඳලිට මෙහෙම කරන අදහසක් තිබ්බේ නැද්ද දන්නේ නෑනේ බං."
කලින් කොටස්
"එයා අපිට ටිකක් දුරින් නෑයෝ වෙන අයියා කෙනෙක්" සඳලි කතා කරන්ඩ ගත්තෙ පැය බාගෙකට විතර පස්සෙ තවමත් ඉකිබිඳින ගමන්.. ඒ ඉකිබිඳුම ඇහෙන මානෙ හිටියෙ මමත් මහවැලි ගඟත් විතරයි. අපි දෙන්න ඇවිදන් ගියෙ යෝධ උන පඳුර අයිනෙන් වැටිල තියෙන පාර දිගේ. වෙලාව උදේ නවය උනත් අද තවමත් පේරාදෙනිය ගාර්ඩ්න් එකේ මේ පැත්තට අපිට කලින් කවුරුත් ඇවිත් නැති පාටයි. ඈතින් පෙනුනු ඇහල මල් වලින් වැහිච්ච බංකුවෙන් ඇවිත් ඉඳගෙන තනිවෙන්න කියන්නා වාගේ බංකුවේ වහල හිටපු සමනලයත් ඉගිලිලා ගියා...
_--=--_--=--_--=--_--=--_--=--_--=--_
"උඹට ඔල්මොරොන්දන් වරුණ" මං අද ක්ලාස් එන්නෙ නැතිව සඳලි අක්කත් එක්ක නුවර ගිහින් එන්නම් කියල කීවම අරෝශයා කීවෙ එහෙම.
"සඳලි අක්කට කොල්ලෙක් ඉන්නව කියල දැන දැනත් උඹ ඔහොම යන්නෙ ඇයි?"
"එයාට මාත් එක්ක කතා කරන්ඩ ඕනෙලු. අනික මට තේරුණ හැටියටනම් එයාගෙ එෆයාර් එකත් නැවතිලා"
"හා. ඒක නැවතිලනම් මොකෝ උඹ අර අහින්සකීව අමතක කරල සඳලිත් එක්ක යන්ඩද?"
"උඹ දන්නවනෙ බං මට රශ්මිව අමතක කරන්ඩ බෑ කියලා."
"එහෙනම් උඹ ඔය යන්ඩ යන ගමන රශ්මි ආවම රශ්මිත් එක්ක පලයන්. සඳලි අක්කට එදා ෆිල්ම් එක බලන්ඩ ගිය කොල්ලත් එක්කම යන්ඩ කියපන්"
"මොකක්ද ඒ කතාව"
"සොරි වෙයන් මචං. මං උඹට කලින් කීවෙ නැති එකට. එදා අපි ෆිල්ම් එක බලන්ඩ ගිය දවසෙ ඒකටම සඳලියි අර කොල්ලයි ගිහින් තියෙනවා"
"උඹට කවුද කීවේ"
"ටිකට් දෙක"
"තේරෙන්ඩ කියපන්කො"
"එදා කූල්ස්පොට් එකෙන් එනකොට පඩි පෙලේදි උඹ ටිකට් විසිකරාද කියල මං ඇහුවා නේද"
"ඔව් ඉතින්"
"ඒ මට පිස්සුවට නෙවෙයි බං. පොඩි කොල කෑලි දෙකක් පඩිපෙලේ තිබිල මට පෑගුනා. ඒ නිල් පාට කොල හෝල් එකේ ටිකට් කියල මට උගන්නන්ඩ දෙයක් නෑනෙ බං. ඒක වැටෙන්ඩ ඇත්තෙ අනිවාර්යෙන් සඳලි ලේන්සුව ගන්නකොට සාක්කුවෙන්."
"ශුවර් ද එයාලගෙම කියල"
"ඔව් බං. වෙන කාගෙවත් වෙන්ඩ බෑ. ඊට විනාඩියකට කලින් තමයි කඩේ අක්කා පඩිපෙල අතුගාල උඩට ආවෙ."
"හ්ම්ම්. උඹ දැන් මට මොකද කියන්නෙ?"
"මං කියන්නෙ උඹ හෙට යන්ඩ එපා කියලා"
"මං යනව බං. මට හිතෙනව මං සඳලි ගැන දැනගන්ඩ ඕනෙ මොනවහරි තියෙනව කියල බං"
"උඹ ඉස්සර මොනවද කිව්වෙ? සඳලි උඹට ලයින් කිව්ව. එහෙමද? අන්තිමට ඒකි අපි කවදාවත් දැකලවත් නැති එකෙක් එක්ක යාලු උනා. හෙටත් වෙන්නෙ ඒ ටිකම තමා. උන් දෙන්නා පස්සෙ හොඳ උනොත් අන්තිමට උඹට හුලන්. අර අහින්සකීට කඳුළු."
"රශ්මි දැනගන්ඩ විදියක් නෑනෙ බං"
"එහෙම ප්‍රාර්තනා කරමුකො මල්ලි අපි"
"මං තියන්නම් බං. ෆෝන් එකේ සල්ලිත් නෑ"
"හරි. එල. මොනවම හරි අවුලක් ගියොත් ටින් ගාල කෝල් එකක් දියන්. පරිස්සමින් ගිහින් වරෙන් මල් කුමරයා. ගුඩ් නයිට්"
_--=--_--=--_--=--_--=--_--=--_--=--_
"ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නේ වරුණ?"
"නැහැ...අපි මෙතනින් ඉඳගමු." බංකුව උඩට වැටිලා තිබුණු ඇහලමල් ටික පිහදාන ගමං මං කිව්වා.
"හ්ම්ම්...දැන් මං අහගෙන ඉන්නවා. ඔයාට ඕනෙම දෙයක් කියන්නකෝ මට."
"ඕනෙම දෙයක්?"
"කියන්න දේවල් ගොඩක් තියෙනවා. එත් ඒවා අහල ඔයා තරහ උනොත්?"
"නෑ මං තරහා වෙන්නේ නැ,"
"එයා නදීර...අපේ පුංචිගේ මහත්තයගේ අක්කෙක්ගේ පුතෙක්. එයා මාවත් මං එයාවත් දැක්කේ දැනට අවුරුදු දෙකකට උඩදී වෙඩින් එකකදී. එදා ඉඳන්ම එයා මං ගැන හොයලා තිබුනා. පස්සේ දවසක එයා පුන්චිලත් එක්ක අපේ ගෙදර ආවා. එදා එයා මගෙන් යාලුවෙන්න ඇහුවා. ඒත් මට ඒ දවස්වල කොල්ලෙක් එක්ක යාලු වෙන්න උවමනාවක් තිබුනේ නෑ. මං එයාට ඒක කිව්වා. මං එයාට බෑ කිව්වා. එයා මට කැමැත්තෙන් ඉන්නවා කියල පුන්චිත් දැනගෙන හිටියා. පුංචි කිව්වෙත් එයා හරි හොඳ කොල්ලෙක්... ඔයාව හොදට බලාගනී දුවේ කියලා. ඒත් මගේ හිතේ වෙනසක් උනේ නෑ... ඒත් පහු වෙනකොට මගේ හිතේ කෙනෙකුගේ රූපයක් ඇඳුනා. ඒ මගේ හිතේ මැවිච්ච විදියෙම කෙනෙක් මට හම්බුනා. හම්බුනාමත් නෙවෙයි. එයා කලින් ඉඳන්ම දැනගෙන හිටියා උනත් මගේ හිතේ ඇඳුනේ එයාමයි කියලා දැනුනේ එක ලස්සන දවසක අහම්බෙන් වගේ එයාව හම්බුනාම. ඒත් ඒ ගැන සතුටුවෙන්න මට කිසිම හේතුවක් තිබුනේ නෑ. එදා ඉඳන් මේ වෙනකන් මට උනේ දුක් විඳින්න විතරයි....." ලොකු සුසුමක් හෙලලා සඳලි මගේ මූණ දිහා බැලුවා..
"කියන්න...මං අහගෙන ඉන්නේ...."
"එයා මගේ ලඟින් තියාගන්න මං ප්‍රාර්ථනා කරපු තරමටම එයා මට දුරස් උනා...අපි දෙන්නා අතරේ බාධක ගොඩාක් තිබුනා. තවමත් තියෙනවා. ඉස්සරහටත් තියෙනවා. ඉඳල හිටලා එයාව දකින දවසට අනිත් හැමදාටම වඩා මං සතුටු උනා. එයත් එක්ක කතාකරන්න පුළුවන් උනාම නවත්තන්නේ නැතුවම මට කතාකරන්න ඕනේ උනා...ඒත්...එයාට මං ආදරෙයි කියල කවදාවත්ම කියාගන්න බැරි උනා. අද මේ වෙන තුරුත් මං එයාට මගේ පනටත් වඩා ආදරේ කරනවා කියල එයා දන්නේ නෑ කියලත් මං දන්නවා...." මට තවදුරටත් සඳලි දිහා බලාගෙන ඉන්න අමාරුකමක් දැනුණා.
"මං දන්නවා සඳලි...හිතට ආදරයක් දැනුනම...ඒක කියාගන්නකම් විඳින දුක මං දන්නවා....ඔයා කොච්චර දුක් වෙනවද කියල මට තේරුම්ගන්න පුළුවන්..." රශ්මිට ආදරෙයි කියල කියාගන්නකම් මං වින්ද වේදනාව මට මතක් උනා....
"එයා හම්බනොවුන දවසට මං ඇඬුවා. එයා හම්බවුනු දවසට මං ඊටත් වඩා ඇඬුවා. එයාව හම්බෙලා...කතාකරලා ගෙදර ආවම...එයා කවදාවත්ම මට හිමි වෙන්නේ නෑ කියල දැනුනාම...මටත් නොදැනීම මගේ ඇස්දෙක ඇඬුවා. මට හැමදාම අඬන්න ඕනේ උනේ නෑ.. එත් මට අඬනවා ඇරෙන්ඩ වෙන කරන්ඩ දෙයක් තිබුනෙත් නෑ. අන්තිමට මං බොහොම අමාරුවෙන් හිත හදාගත්තා. හිත හදාගත්තා කියල මං හිතුවට ඒක එහෙම උනේ නෑ. මගේ හිත මං විසින්ම රැවට්ටුවා. එයාව මතක තියාගෙන එයාව අමතක කෙරුවා. ඔය අතරෙ නදීර අයියා මට නිතරම බල කරන්න ගත්තා. මං තීරණයක් ගත්ත වරුණ. ඔව්. මං නදීර අයියට කැමතියි කීවා. ඒත් ඒ ආදරේකින් නෙවෙයි. මං අදටත් දන්නේ නෑ මං එහෙම කරේ ඇයි කියලා. ඒත් පස්සේ මං ඒකට හුරු උනා. ටික ටික නදීර අයියත් එක්ක අනාගතේ ගැන හිතන්න ගත්තා. ඒත් මට හැමවෙලේම අරයව අමතක කරන්න පුළුවන් උනේ නෑ. එත් මට නදීර අයියව රවට්ටන්න ඕනේ උනෙත් නෑ. මං එයාට ආදරේ කරා. එයත් මට ආදරේ කරා. පුංචි කිව්වත් වගේ එයා හරිම හොඳ කෙනෙක් කියලත් මට තේරුනා. මං හැමදේම අමතක කරලා එයත් එක්ක සතුටින් ඉන්න හිත හදාගත්තා. ඒත්... ඒත්... එකත් මට උරුම නෑ වරුණ... මං මහා පව්කාරියක් වරුණ... මොකද වරුණ දෙවියෝ මට ආදරේ කරන්නවත් ආදරේ විදින්නවත් දෙන්නේ නැත්තේ?..." සඳලි ආයෙමත් අඬන්න ගත්තා. මේ වෙලාවේ මොනවත් කියල එයාගේ හිත හදන්න බැරි වග මට තේරුණා.. මං කරපු එකම දේ එච්චර වෙලා ලේන්සුව ගුලිකරන් හිටපු එයාගේ අතින් අල්ලපු එක. සඳලිගේ ඇඬිල්ල හෙමිහිට ආයෙමත් ඉකිබිඳුමක් උනා. කවුද සඳලි මේ තරම් ආදරේ කරපු කෙනා....මට දැනගන්න ඕනේ උනා.
"වරුණ..."
"ම්ම්ම්..."
"ඔයාට දැනගන්න ඕනේ නැතිද වරුණ මං ඒ තරම් ආදරේ කරේ කාටද කියලා?"
"කියන්නකෝ. මං මේ අහන්න හැදුවේ..."
"මං පිං කරලා නෑ වරුණ... මට අහිමි උනේ කොහොම කෙනෙක්ද කියලා මට දැන් මේ මොහොතේ හොඳට තේරෙනවා වරුණ. මං... මං ආදරේ කරේ වෙන කාටවත් නෙවෙයි වරුණ... වෙන කාටවත් නෙවෙයි ඔයාට....වරුණ ඔයාට..." මට ටිකක් වෙලා යනකන් මුකුත්ම හිතාගන්න බැරි උනා...
"මට...? ඒ තරම් ආදරේ? ඇයි ඒ...?"
"දන්නේ නෑ වරුණ...ඒත් ඔයාව මට ලබාගන්න බෑ කියලනම් මං දන්නවා...."
"ඇයි ඔයාට එහෙම හිතුනේ?"
"පළවෙනිම හේතුව...මං ඔයාට කලින් ඉපදුනු එක වරුණ... ඔයා මට කැමති උනත්.. කවදාවත් ඔයාලගේ ගෙදරින් මට කැමති වෙන එකක් නෑ... ඔයාලගේ ගෙදරින් කැමති උනත් අපේ ගෙදරින් නම් මට කවමදාකවත් කැමැත්ත ගන්න බෑ..." මං මුකුත් නොකියම හිටියා..
"ඔයා තරහද මා එක්ක?"
"නැහැ...කියන්නකෝ ඉතින් ඔයාගේ කතාවේ ඉතිරි ටික..."
"මං නදීර අයියව ගොඩක් විස්වාස කරා.. ඒත් දවසක් එයාගේ තාත්තා ආවා මං ක්ලාස් ඇරිලා එද්දී... ඇවිත් මට කතා කරා... එයා ඇවිත් හිටියේ කාර් එකක. මට නගින්ඩ කිව්වා. පස්සේ මට නදීර අයියා ගැන විස්තර ගොඩාක් කිව්වා. එයාව මැරි කරන්න ගර්ල් කෙනෙක් ඉන්නවලු වරුණ...."
"මොකක්?"
"ඔව්...ඒ තාත්තා එහෙම කිව්වා. මට නදීර අයියව අමතක කරන්නත් කිව්වා..."
"ඉතින්...නදීර අයියා මොකද කීවේ?"
"එයා කියනවා ඒක ඇත්තලු. එත් ඒක එයාගේ තාත්තා තනියම ගත්තු තීරනයක්ලු. කවදා මොනදේ කොහොම උනත් එයා බඳින්නේ මං විතරයි කියලත් කිව්වා..."
"එහෙනම් ප්‍රශ්නයක් නෑනේ සඳලි..."
"ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින් වරුණ..."
"හැමෝටම හොරෙන් නදීර අයියගේ තාත්තා නදීර අයියව රට යවන්න සේරම ලැස්ති කරලා තිබිල තියෙන්නේ...එයාව ඉන්ග්ලන්ඩ් වලට යවලා වරුණ..."
"....."
"ඔයාට වගේම මටත් කතාකරගන්න බැරි උනා වරුණ පුංචි ඔය විස්තරේ කියද්දී...එදා ඔයාලට අපි දෙන්නව හම්බුන දවසේ තමයි අපි දෙන්නා අන්තිමට හම්බුනේ... පහුවදා පාන්දර තමයි නදීර අයියව යවලා තියෙන්නේ..."
"එතකොට...?"
"මට තේරෙන්නේ නෑ වරුණ... මට නදීර අයියව නැතිව ඉන්නනම් බෑ වරුණ... එයාට... එයාට... එයාට මං දෙන්න පුළුවං හැමදේම දුන්නා වරුණ...." එහෙම කියපු සඳලි අක්කා මාව බදාගෙන අඬන්න ගත්තා... මට කරන්න පුළුවන් උනේ මගේ උරිස්සට හේත්තුවෙලා තිබ්බ එයාගේ ඔලුව අතගාන එක විතරයි. පැය බාගෙකට වඩා එයා එහෙම අඬන්න ඇති.
"සඳලි අක්කේ... දැන් ඇති ඇඬුවා... අඬලා ප්‍රශ්න විසදන්න බෑනේ නේද....අපි මේකට විසඳුමක් හොයමු කොහොමහරි..."
ටිකකින් එයා ඔලුව උස්සල බැලුවා. මූණ පුරාම කඳුළු බේරෙනවා. මං අතින්ම කඳුළු පිහදම්මා.
"අපෝ මූණ රතූ වෙලා...ජම්බු ගෙඩියක් වගේ..." මං එහෙම කියද්දී එයා ලාවට හිනා උනා.
"ඔයා හරි හොඳයි වරුණ. ඇත්තමයි. මට ඊරිසියයි ඔයා ගැන."
"අන්න එහෙම හිනා වෙලා ඉන්න. අඬනවට වඩා ලස්සනයි එතකොට."
"අමාලි නෙවෙයිනම් කවුද වරුණ ඒ වාසනාවන්ති?..ම්? කියන්නකෝ..."
"ම්ම්....එයා...රශ්මි.... දන්නවද එයාව?"
"නැහැ. දන්නේ නෑ. කවුද ඒ?"
"අර අමාලිත් එක්ක ඉන්න අනිත් ගෑනු ළමයා..."
"ආ එයාද... ෂා නියමයිනේ. ඒ නන්ගිනම් ගොඩාක් ලස්සනයි. ඔයාට නියමෙට ගැලපෙනවා..."
"දුකද?"
"නෑ වරුණ. මං දුක් වෙන්නේ නෑ. ඒත් ලබන ආත්මෙනම් ඔයා මගේම වෙන්න කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඔයා ගොඩාක් හොඳයි වරුණ. ඇත්තටම."
අපි තවත් ගොඩක් වෙලා කතා කරා. වෙලාව ගිහින් කියල දැනුනෙත් නෑ.
"අද දවසට ගොඩක් පිං වරුණ. අද මගේ හිතේ තිබ්බ බර සෑහෙන්ඩ අඩු උනා. ඔව් දැන් මං ගොඩාක් නිදහස් කියලා දැනෙනවා. ඒ ඔයා හින්දා වරුණ..." සඳලි අක්කා එහෙම කියලා මගේ කම්මුලට උණුසුම් හාද්දක් දුන්නා. අපි එතනින් එනකොටත් වෙලාව හවස හතර වෙලා තිබුනා.
facebook comments...
කලින් කොටස්
රශ්මි මට කැමතියි කියලා එයාගේ කටහඬින් අහගන්න මං හුඟාක් ආස කෙරුවා. ඒත් තවමත් මට ඒ අවස්තාව උදා උනේ නෑ. එදා බස් එකේදී හම්බුනාට පස්සේ අපිට ආයෙම හම්බෙන්න බැරි උනා. පහුගිය දවස් ටිකේම දුවගෙන දුවගෙන ස්කොලේ ඇරිච්ච ගමන් ටවුමට ආවට ඒ එක දවසක වත් රශ්මිව හම්බුනේ නෑ. ඒත් හෙට දවස ගැන මට ලොකු බලාපොරොත්තුවක් තිබුනා. ඒ හෙට පෝය දවසක් නිසා.
කලින් කොටස්
දවස් එක දෙක හෙමීට ගෙවිල ගියා. මං බලන් හිටියේ රශ්මි එනකන්. දෙපාරක්ම එයාගේ ගෙදරට කතාකරත් කවුරුවත්ම ෆෝන් එකට ආවෙත් නෑ. වැඩිය ගන්ඩත් බයයි එයාට ප්‍රශ්නයක් වෙයි කියලා. විභහගෙත් ළඟ තියාන මෙයා එහාට වෙලා මොනවා කරනවද මංදා. බලන්ඩ ගිය ආච්චිට තවම සනීප නැතිද දන්නෙත් නෑ. අයියෝ මේ හැමදේම මටම වෙන හැටි. ශික් විතරක්.
"යකෝ...දැන්වත් ගණන් ටික හදපන්."
මං පියවි ලෝකෙට ආවේ අරෝශයා කකුලට ගහල කතා කරපු වෙලාවේ. එතකොට තමයි මතක් උනේ මං ඉන්නේ අකවුන්ට් ක්ලාස් එකේ කියල. සර් මොනා කිව්වද, මොන ගාණ හදන්ඩ කිව්වද කියල මට ඇහුනෙත් නෑ. මේක මෙහෙම ගිහින් නම් හරියන්නේ නෑ. ඉක්මනටම රශ්මි හම්බෙලා මේක විසඳුමක් කරගන්ඩ වෙනවා. නැත්නම් මට වෙන්නේ ගමටම ලයිට් දෙන්ඩ තමයි.